(ටී.කේ.ජී.කපිල )

නෙදර්ලන්ත විදේශ අමාත්‍ය ස්ටෙපාන් ඒබ්‍රහම් බ්ලොක් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා අද (18) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

අමාත්‍යවරයා සමඟ එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙකු ද දූත පිරිස ලෙස පැමිණ සිටියහ.

විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ යන මහත්වරු  හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

නෙදර්ලන්ත විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකා සංචාරය නිමා කර හෙට (19) සවස ආපසු පිටත්ව යෑමට නියමිතය.