IMG-LOGO

නිධානයක් ගන්න ගිය සිව් දෙනෙකු අත්අඩංගුවට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

 
ආණමඩුව ඔට්ටුක්කුලම ප්‍රදේශයේ  නිධානයක් ලබා ගැනිමේ අරමුණින් කැණීම් කරමින් සිටි සිව් දෙනෙකු ඒ සදහා යොදා ගත් උපකරණ තොගයක් සමඟ ( 16 ) දින අලුයම අත් අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය කියයි.
 
ආණමඩුව පොලිසියේ පොලිස් බුද්ධි අංශය ලබා දුන් බුද්ධි තොරතුරු මත මෙම වැටලිම සිදුකර තිබුණි.
 
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ජාල හා ආණමඩුව ඔට්ටුක්කුලම පදිංචිකරුවන් සිව් දෙනෙකු බවත් මොවුන් වයස අවුරුදු 35 , 45 , 60 සිමාවන් වල පිරිස් වෙති.
 
අදාල සැකකරුවන් ඔට්ටුක්කුලම කුඹුරු යායේ පිහිටි ඉපැරණි ස්ථානයක මතුපිට ගල් ඉවත් කරමින් අඩි 15 ක් පමණ ගැඹුරට කැණිම් කර තිබු බවත් එහි රඳවා තිබු කළුගල් තට්ටු ඉවත් කරමින් දින 4 ක් පුරා කැනීම් කර තිබු බව කියයි.
 
පොලිස් කණ්ඩායම් අදාල ස්ථානය වටලන අවස්ථාවේදි ගැඹුරට කැණිම් කර තිබු ස්ථානයේ මෝටර් යොදා ගනිමින් ජලය ඉවතට පොම්ප කරමින් හිද ඇත.

අත් අඩංගුවට ගත් සැකකරුවන් සමග මෝටර් , උදළු , ලණු , වයර් තොගයක් , යකඩ ඉනී, ඇතුළු තවත් දෑ පොලිස් නිළධාරින් අත් අඩංගුවට ගෙන තිබුණි.
 
අත් අඩංගුවට ගත් සැකකරුවන් ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


 
 



අදහස් (1)

නිධානයක් ගන්න ගිය සිව් දෙනෙකු අත්අඩංගුවට

[email protected] Wednesday, 16 September 2020 08:23 AM

එතකොට දැන් ඕක ගන්නේ මොන ඇමැතිද.. පොලිසියේ සහාය ඇතිව?

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 245 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 770 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1192 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site