IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


නාරංගල කන්ද රක්ෂිතයක් කිරීමේ යෝජනාවක් සභා සම්මත වෙයි

(විජේරත්න රත්නායක)

පසුගියදා ජීවිත හානියක්ද සිදුවූ බදුල්ල නාරංගල කන්ද ආශ්‍රිත වනාන්තරය රක්ෂිතයක් ලෙස ගැසට් කර සංරක්ෂණය කළයුතු බවට යෝජනාවක් අද (05) සොරණාතොට ප්‍රාදේශීය සභාවේදී සභා සම්මත විය.
    
මේ සම්බන්ධයෙන් යෝජනාවක් සභාවට ඉදිරිපත් කළ එම ප්‍රාදේශීය සභාවේ එ.ජා.ප. මන්ත්‍රී  ප්‍රියන්ත විජිත බණ්ඩාර මහතා, මෙම කන්දට සංචාරකයින් පැමිණීම හේතුවෙන් පසුගියදා එහි සිදුවූ මරණය වැනි අනතුරුවලට අමතරව එම කන්දේ පාමුල පිහිටි ජල පෝෂක ප්‍රදේශ විනාශයට පත්වීම, කඳු මුදුනේ පොලිතින් ප්ලාස්ටික්, වීදුරු බෝතල් හා ටින් වර්ග ඇතුළු අපද්‍රව්‍ය බැහැර කිරීම, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය  භාවිතය හා වෙනත් අපචාර කටයුතු සිදුවීම, වනාන්තරයේ සත්ත්ව හා ශාක ප්‍රජාවට හානි සිදුවීම හා කඳුමුදුනේ කූඩාරම් ගැසීම හා ගිණිමැළ දැල්වීම හේතුවෙන් කඳුමුදුන පාංශුඛාදනයට ලක්වීම වැනි හානි රැසක් සිදුවන බව පෙන්වා දුන්නේය.

එබැවින් සුවිශේෂී වටිනාකම් රැසක් සහිත මෙම වනාන්තරය රක්ෂිතයක් ලෙස ගැසට් කර වනජීවි දෙපාර්තමේන්තුව යටතට පැවරීම සුදුසු බවට යෝජනා කළ ඒ මහතා, ඉන් අනතුරුව විශේෂයෙන් පාසල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන්, පරිසරවේදීන් වැනි පිරිස්වලට අධ්‍යයන කටයුතු සඳහා පමණක් විශේෂ අවසරයක් හා අධීක්ෂණයක් යටතේ ඊට ඇතුළු වීමට අවසර දිය හැකි බවද පැවසීය.

සභාවේ මන්ත්‍රීවරුන් රැසක් මෙම යෝජනාවට සහයෝගය පලකරමින් අදහස් දැක්වූ අතර ඒකච්ඡන්දයෙන් සම්මත වූ එම යෝජනාව ඉදිරි බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව වෙත යොමුකරන බව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ සභාපති නදීකා ප්‍රිශාන්ති දිසානායක මහත්මිය පැවසුවාය



අදහස් (2)

නාරංගල කන්ද රක්ෂිතයක් කිරීමේ යෝජනාවක් සභා සම්මත වෙයි

Perera Saturday, 06 March 2021 06:35 PM

මේ පළමු පියවර. ඊට පස්සේ ගෝලබාලයින්ට සිතැඟි පරිදි කැලේ කපලා වැටවල් ගහලා හොර ඔප්පු හදලා විකුණගන්න පුළුවන්..

:       0       0

S.M. Kavindi Himashika Sunday, 07 March 2021 09:26 AM

කෙසේවෙතත් ස්වභාව ධර්මය නැමැති මට ආරක්ෂා කිරීම අපේ යුතුකම බවයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 364 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 434 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 403 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site