IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නාමල්ට එරෙහිව තිබූ නියෝගය ගුවන් යානය ප්‍රමාද කරයි

 

(ටී.කේ.ජී. කපිල)

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විදේශ ගත වීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත අද (07) උදෑසන පැමිණි විට ඔහුට එරෙහිව අධිකරණය විසින් පනවා තිබූ ගුවන් ගමන් තහනම් නියෝගයක් ඉවත් කිරීම පිළිබඳ තොරතුරු ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත නොලැබී තිබීම නිසා, ඔහු ගමන් ගැනීමට නියමිතව තිබූ ගුවන් යානය පිටත්වීම විනාඩි 45 කින් පමණ ප්‍රමාද කිරීමට සිදුවූ බව කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කළේය.
 
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක සහ තවත් 07 දෙනෙකු සමග අද උදෑසන 10.00 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.-651 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නාමල් රාජපක්ෂ මහතා වෙත විදේශ ගුවන් ගමන් තහනම් නියෝග 02 ක් පනවා තිබිණ. ඉන් එකක් ඉකුත් 04 වැනිදා ඉවත් කර තිබූ අතර අනෙක් නියෝගයද එදිනම ඉවත් කළද, ඒ බව තැපැල් මගින් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත දැනුම් දීමට එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා පියවර ගෙන තිබුණි.

ඒ අතරතුර නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා අද විදේශ ගත වීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඒ වනවිටත් මෙම අධිකරණ නියෝගය අහෝසි කළ බවට වූ නියෝගය කටුනායක ගුවන් තොටුපළ වෙත ලැබී නොතිබුණි.

ඒ අනුව නාමල් රාජපක්ෂ මහතාට විදේශ ගත වීමට අවසර දීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රතික්ෂේප කර තිබුණි.

පසුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා මෙම විදේශ ගුවන් ගමන් තහනම ඉවත් කළ බවට වු දැනුම් දීම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත දැනුම් දීමෙන් පසුව, නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඇතුළු පිරිස රැගත් එමිරේට්ස් ගුවන් යානය උදෑසන 10.45 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගියේය.



අදහස් (13)

නාමල්ට එරෙහිව තිබූ නියෝගය ගුවන් යානය ප්‍රමාද කරයි

විපරමා Sunday, 07 March 2021 12:54 PM

තමුන්ගේ නෑයෙක් හරි, හෙන්චයියෙක් හරි හිටියා නම් ඔහොම වෙන එකක් නැහැ.. එයාර් ලංකා සභාපති හිටපු කාලේ මොන අවුලක් වත් නැහැනේ...

:       0       0

lalith Sunday, 07 March 2021 01:59 PM

අහන්න දෙයක්ද මෙහෙම අය එයාර්පෝර්ට් එකට ආපුවාම කවුරුත් අන්ද මන්ද වෙනවා.

:       0       0

Hafeel Sunday, 07 March 2021 02:25 PM

එක රට... එක නීතිය...

:       0       1

JAGATH Sunday, 07 March 2021 02:41 PM

එක කෝල් එකයි දෙන්න ඕන.

:       0       1

Raveendra Sunday, 07 March 2021 02:41 PM

මෙයා පිලිබදව අපගේ කියවිම සතුටට කරුණක් නොවන බව පළමුව සදහන් කරන්නෙමු. අප කනගාටු වන්නේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය පිළිබදවය. කොලබ සිට තැපැල් සේවකයකු පා ගමනින් මෙම අදාළ ලිපිය කටුනායක ගුවන් තොටුපලට රැගෙන පැමිණියත් දවසක් දෙකක් තුල අදාළ ස්ථානයට ලිපිය බාරදිය හැකි නොවේද ? අධිකරණ දෙපාර්තුමේන්තුවේ ප්‍රමාදයද තැපැල් දෙපාර්තුමේන්තුවේ ප්‍රමාදයක්ද අප කිසිවෙකු නිවැරදිව නොදනී නමුත් මෙමගින් දෙපාර්තුමෙන්තුවල මහජනතාවට ලැබෙන කාර්යක්ෂම සේවය නැවතත් මනා ලෙස මහජනතාවට දැකගනුමට හැකිවීම සතුටකි.

:       0       1

sena Sunday, 07 March 2021 03:00 PM

යන්න කලින් ඇමතිවරයාට ඕක චුට්ටක් චෙක් කර ගන්න තිබුනේ නැද්ද.?

:       0       1

Manel Sunday, 07 March 2021 10:15 PM

මෙය සිදු නොවිය යුතුය. මම නාමල් නම්, නියමිත ගුවන් ගමන ප්‍රමාද වීමට ඉඩ දෙනවාට වඩා මම ඊළඟ ගුවන් ගමන ගෙන යන්නෙමි. එහි පැය 5 ක ගුවන් ගමනක් සහ විනාඩි 45 ක් ප්‍රමාද කිරීම වටින්නේ නැත.

:       0       1

sachith Monday, 08 March 2021 01:20 AM

මෙහෙම ගුවන්යානයක් නවත්වාගෙන ඉන්න පුළුවන් රාජ්‍ය නායකයෙක්ගේ අවශ්‍යතාවයට විතරයි නේද.?

:       0       2

jayasekara Monday, 08 March 2021 03:48 AM

මේවා තමයි අපට ඉල්ලන්න නැත්තේ... එක්කෙනෙක් නිසා බහුතරයකට වෙන පාඩුව.. ගුවන් මගීන්ට ඩුබායි වලින් ප්ලේන් මිස් වෙන්නත් පුළුවන්. මමත් ඩුබායි ට්‍රාන්සිට් වෙලා තියෙනවා. සමහර ට්‍රාන්සිට් පැය භාගයක්... මෙහෙන් පරක්කු වුණොත් ඩුබායිවලින් මිස්වෙනවා. මේ අයගේ නම් විකාර...

:       0       4

වීරවිජේ Monday, 08 March 2021 04:11 AM

අනේ ඉතින් කිසි වරදක් කරලා නැති මිනිස්සු. අත පය හොලවලා මහන්සි වෙලා තමුන් හම්බු කරපු සල්ලි වලිං විනෝද වෙන්න පිටරට යන එක බලාගෙන ඉන්න බැරි කුහක මිනිස්සු..

:       0       3

Bamunuarachchi Monday, 08 March 2021 05:09 AM

මේක තමයි පළමු සහ අවසාන ඇමැතිකම...

:       0       5

fairoos Monday, 08 March 2021 07:32 AM

නියමයි, නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා.

:       1       2

sampath Thursday, 11 March 2021 03:33 PM

විදේශ ගමන් තහනම් සහ වරෙන්තු කැඳවීම් අදාළ ආයතනවලට දැනුම් දීමට වියත් ක්‍රමයක් හඳුන්වා දීමට සුදුසු කාලයයි. රටේ ප්‍රබලම ඇමැතිවරයෙක් නිසා අද ඔය වැඩේ කරගත්තාට ගමේ මනුස්සයෙක් ගියා නම් මොකද වෙන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site