(නිමන්ති රණසිංහ)

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට  ගත් නව සිංහලේ ජාතික සංවිධානයේ අධ්‍යක්ෂ ඩෑන් ප්‍රියසාද් මහතා ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (15) නියෝග කළේය.

සෑම ඉරුදිනකම උදෑසන 9 ත් 12 ත් අතර කාලයේ කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙස ද නියම කළාය.

ජනතාව සමඟ  උද්ඝෝෂණවල නියැලී සිටි  බවට ඇති තොරතුරු හේතුවෙන්  ප්‍රශ්න කිරීම් සඳහා මොහු අත්අඩංගුවට ගැණිනි.

(ඡායාරූප - ලහිරු හර්ෂණ)