IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


නව ඇමැති මණ්ඩලය

 

නව රජයේ  කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12)  උදෑසන මහනුවර මඟුල් මඩුවේ දී  ඇරඹිණි.

දිවුරුම් දීමේ උත්සවය මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික ආශිර්වාදය මැද ආරම්භ කෙරිණි.

 


අමාත්‍යවරු

 

01.ගෝඨාභය රාජපක්ෂ - ආරක්ෂක අමාත්‍යාංශය

02.මහින්ද රාජපක්ෂ - මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික, නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය 

03.නිමල් සිරිපාල ද සිල්වා - කම්කරු අමාත්‍යාංශය 

04.ජී.එල්.පිරිස් - අධ්‍යාපන අමාත්‍යාංශය 

05.පවිත්‍රාදේවී වන්නිආරච්චි - සෞඛ්‍ය අමාත්‍යාංශය 

06.දිනේෂ් ගුණවර්ධන - විදේශ අමාත්‍යාංශය 

07.ඩග්ලස් දේවානන්ද - ධීවර අමාත්‍යාංශය 

08.ගාමිණි ලොකුගේ - ප්‍රවාහන අමාත්‍යාංශය 

09.බන්දුල ගුණවර්ධන - වෙළඳ අමාත්‍යාංශය 

10.ආර්.එම්.සී.බී.රත්නායක - වනජිවී හා වනසංරක්ෂණ අමාත්‍යාංශය 

11.ජනක බණ්ඩාර තෙන්නකෝන් - රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය 

12.කෙහෙළිය රඹුක්වැල්ල - ජනමාධ්‍ය අමාත්‍යාංශය 

13.චමල් රාජපක්ෂ - වාරිමාර්ග අමාත්‍යාංශය 

14.ඩලස් අලහප්පෙරුම - විදුලිබල අමාත්‍යාංශය 

15.ජොන්ස්ටන් ප්‍රනාන්දු - මහාමාර්ග අමාත්‍යාංශය 

16.විමල් වීරවංස - කර්මාන්ත අමාත්‍යාංශය 

17.මහින්ද අමරවීර - පරිසර අමාත්‍යාංශය 

18.එස්.එම්.චන්ද්‍රසේන - ඉඩම් අමාත්‍යාංශය 

19.මහින්දානන්ද අලුත්ගමගේ - කෘෂිකර්ම අමාත්‍යාංශය 

20.වාසුදේව නානයක්කාර - ජලසම්පාදන අමාත්‍යාංශය 

21.උදය ප්‍රභාත් ගම්මන්පිල - බලශක්ති අමාත්‍යාංශය 

22.රමේෂ් පතිරණ - වැවිලි අමාත්‍යාංශය 

23.ප්‍රසන්න රණතුංග - සංචාරක අමාත්‍යාංශය 

24.රෝහිත අබේගුණවර්ධන - වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය 

25.නාමල් රාජපක්ෂ - තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය 

26.අලි සබ්රි - අධිකරණ අමාත්‍යාංශය 

 


රාජ්‍ය අමාත්‍යවරු 

01. චමල් රාජපක්ෂ - අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු ආපදා කළමනාකරණ 

02. ප්‍රියංකර ජයරත්න - විදේශ රැකියා ප්‍රවර්ධන, මුදල් ප්‍රාග්ධන  වෙළඳපොළ සහ, රාජ්‍ය ප්‍රතිසංස්කරණ

03. දුමින්ද දිසානායක - සුර්යබල, සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන 

04. දයාසිරි ජයසේකර - බතික් , අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන

05. ලසන්ත අලගියවන්න - සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ 

06. සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ - බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන 

07. අරුන්දික ප්‍රනාන්දු - පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ

08. නිමල් ලන්සා - ග්‍රාමීය මාර්ග හා අවශ්‍ය යටිතල පහසුකම් 

09. ජයන්ත සමරවීර - ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන

10. රොෂාන් රණසිංහ -  ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන

11. කනක හේරත් - සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා, තේ කර්මාන්ත ශාලා නවීකරණ හා තේ අපනයන ප්‍රවර්ධන

12. විදුර වික්‍රමනායක - ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු

13. ජානක වක්කුඹුර - උක්, බඩ ඉරිඟු,කජු,ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන 

14. විජිත බේරුගොඩ - දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල 

15. ෂෙහාන් සේමසිංහ - සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මුල්‍ය ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන 

16. මොහාන්  සිල්වා - පොහොර නිෂ්පාදන සහ සැපයුම්, රසායනික පොහොර සහ කෘමිනාශක භාවිත නියාමන

17.ලොහාන් රත්වත්ත - මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත

18. දිලුම් අමුණුගම - වාහන නියාමනය , බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත 

19. විමලවීර දිසානායක - වනජිවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරිම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැළෑ නැවත වගා කිරිම හා වන සම්පත් සංවර්ධන

20. තාරක බාලසුරිය - කලාපීය සහයෝගීතා කටයුතු

21. ඉන්දික අනුරුද්ධ - ග්‍රාමීය නිවාස හා ඉදිකිරිම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන

22. කංචන විජේසේකර - විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරිම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු 

23. සනත් නිශාන්ත - ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන, ව්‍යාපෘති සංවර්ධන

24. සිරිපාල ගම්ලත් - මහවැලි කලාප ආශ්‍රිත, ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන

25. සරත් වීරසේකර  - පළාත් සභා සහ පළාත් පාලන කටයුතු

26. අනුරාධ ජයරත්න - ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන 

27. සදාසිවම් වියාලේන්ද්‍රන් - තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන

28. තේනුක විදානගමගේ  - ග්‍රාමිය හා පාසල් ක්‍රිඩා යටිතල පහසුකම් සංවර්ධන

29. සිසිර ජයකොඩි - දේශීය වෙදකම ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය

30. පියල් නිශාන්ත ද සිල්වා - කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා

31.ප්‍රසන්න රණවීර - වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන

32.ඩී.වී චානක - ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන

33.ඩී.බී.හේරත් - පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත 

34. ශෂින්ද්‍ර රාජපක්ෂ - වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම 

35. නාලක ගොඩහේවා - නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු

36. ජීවන් තොන්ඩමන් - වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම්

37. අජිත් නිවාඩ් කබ්රාල් - මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ

38. සීතා අරඹේපොළ - නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම්

39. චන්න ජයසුමන - ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන   

 


 

අමාත්‍ය මණ්ඩල දිවුරුම් දීමේ අවස්ථාවේ දී පත් කළ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් මෙසේය.

01. ප්‍රදීප් උඳුගොඩ - කොළඹ

02. සහන් ප්‍රදීප්  - ගම්පහ

03. සංජිව එදිරිමාන්න - කළුතර 

04. වසන්ත යාපා බණ්ඩාර - මහනුවර

05.එස් නාලක බණ්ඩාර කෝට්ටේගොඩ - මාතලේ

06.එස් බී  දිසානායක - නුවරඑළිය

07. සම්පත් අතුකෝරල - ගාල්ල

08. නිපුණ රණවක - මාතර

09. උපුල් ගලප්පත්ති - හම්බන්තොට

10. අංගජන් රාමනාදන් - යාපනය

11.ඩග්ලස් දේවානන්ද - කිලිනොච්චිය

12. කේ. දිලීපන් - වවුනියාව

13.කේ.කාදර් මස්තාන් - මුලතිව් සහ මන්නාරම

14. ඩී. වීරසිංහ - අම්පාර

15. කපිල අතුකෝරල -  ත්‍රිකුණාමලය

16. ගුණපාල රත්නසේකර - කුරුණෑගල

17. අශෝක ප්‍රේමතිලක - පුත්තලම

18. එස් එම් නන්දසේන - අනුරාධපුර

19. අමරකිර්ති අතුකෝරල - පොළොන්නරුව

20. සුදර්ශන දෙනිපිටිය - බදුල්ල

21. කුමාරසිරි රත්නායක - මොනරාගල

22. අකිල එල්ලාවල - රත්නපුර

23. රාජිකා වික්‍රමසිංහ - කෑගල්ල

 




අදහස් (79)

නව ඇමැති මණ්ඩලය

ලුම්බිණි Wednesday, 12 August 2020 04:34 AM

අපරාදේ කුරුණෑගල බුවනෙකබා මණ්ඩපයේ කරන්න තිබුණේ...

:       134       283

Sanath KandyWednesday, 12 August 2020 08:11 AM

කැබිනට් 25යි. කැබිනට් නොවන 48යි. දිස්ත්‍රික් කමිටුවලට 25යි. ඔක්කොම 100කට කිට්ටුයි. දැන් සැපද?

:       247       582

vinividaThursday, 13 August 2020 12:36 AM

නව ඇමති මණ්ඩලය පත්කොට ඇත්තේ දේශීයත්වය මුල් කොටගෙන බව පැහැදිලි වේ. දේශීය කර්මාන්ත, දේශීය ආර්ථිකය, කොටින්ම කියතොත් ස්වදේශිකත්වයට නැංවීමට මුල් තැන දී ඇතිබවක් පෙනෙන්නට ඇත. විදේශ ඇමතිවරයා හැරුණු කොට ජාත්‍යන්තර වශයෙන් කටයුතු කිරීමට කිසිවකු පත්කොට නොමැති වීමද විශේෂත්වයකි. මෙසේ නොකරන්නට ඇත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමයේ රජයේ සිටි පුද්ගලයන් ජාත්‍යන්තරයේදී සිදුකරනලද සහ සිදුවූ සිදුවීම් හේතු කොට ගෙන වන්නට ඇත...

:       98       1

nilanthaWednesday, 12 August 2020 08:12 AM

කෘෂිකර්ම, වාරිමාර්ග, වරාය හා නාවික කටයුතු නියම උගතුන් 3 දෙනෙකුට දීලා තියෙනවා.

:       22       462

අනුරWednesday, 12 August 2020 12:50 PM

දැන් මාල කඩපු අයටත් නැව්ත් ගිලින්න පුළුවන් කිව්වාලු...

:       32       265

NissankaWednesday, 12 August 2020 08:14 AM

දැන් මේ එකසිය ගාණම අපි නඩත්තු කරන්න එපැයි.

:       23       283

vikum Wednesday, 12 August 2020 04:54 AM

රටක වැඩ කරන පාලකයෙක් හෝ පාලකයන් වීමට ඔච්චර උත්සව අවශ්‍ය නැත. නමුත් එ්කටත් සුබපතන අතර, අප මහජනතාව වශයෙන් බලාපොරොත්තු වන්නේ පොදුවේ මහජන සුබසිද්ධිය පමණයි. අලුතින් කෝටිගණන් වියදම් කර අතිනවීන නිලරථ වෙනුවට පැවැති නිලරථම යොදාගනු මැනවි. අප කිසිවෙකු දැනුවත් හෝ නොදැනුවත් වුවත් අපේ රට ආර්ථිකයෙන් බොහෝ පහළ මට්ටමක පවතින වකවානුවක අප ජීවත් වන්නේ, ගෝලීය ආර්ථිකයට අපට අභියොග කළ හැකිද? ලෝකය අද ආර්ථිකමය වශයෙන් ඩිජිටල් ඉකොනොමි තත්වයට පත්වී ඇත. ඒ අනුව රටේ පාලකයින් වීමට අද තනතුරු ලබන ඔබ තම තනතුරට තමන් නුසුදුසුනම් ඉවත්ව සද්භාවයෙන් සුදුස්සන්ට අවස්ථාව දෙනු මැනවි.. ඔබලා 225ට වඩා, (ආසන්න වශයෙන්) එක්කෝටි හැත්තෑ ලක්ෂයන් මිනිස්සු බොහෝ දුකසේ ජීවත්වේ. ඒ කටුක ලෝක ඔබට දැනෙන්නේ නැත, රට හමුවේ ඇති තත්වය බුද්ධියෙන් අවබෝධ කරගනු මැනවි...

:       0       243

jagath Wednesday, 12 August 2020 05:06 AM

බලාපොරොත්තු වෙච්චම අමාත්‍යාංශ ටික... නියමයි. යහපාලනයේ තිබිච්ච මුස්ලිම් හා ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශ නැත.

:       331       495

vajiraWednesday, 12 August 2020 08:13 AM

මුස්ලිම්, ක්‍රිස්තියානි, හින්දු ආගමික කටයුතු ඇමැතිකම් 1977 ඉඳලාම තිබුණා. 2005-2015ත් තිබුණා.

:       71       248

Sanath KandyWednesday, 12 August 2020 08:18 AM

ඔව්මයි. පරණ හොරු ටිකම ආයෙත් පත්වෙලා.

:       150       352

Mala giravaWednesday, 12 August 2020 08:36 AM

මහින්ද සමරසිංහ වගේ දූෂණ චෝදනා නැති ජේෂ්ඨ උගත් මහත්මයෙකුට කැබිනට් ඇමතිකමක් නොදුන්නේ ඇයි? කෝච්චියේ මාල කැඩූ අයත් වඩා සුදුසු වුණේ කොහොමද?

:       30       463

Kamal KOyrala Wednesday, 12 August 2020 05:22 AM

ඉන්දික අනුරුද්ධ මහතාට සුදුසුම අමාත්‍යාංශය ලැබී තියෙනවා. එතුමාගේ ව්‍යාපාර කටයුතු වඩවඩාත් සාර්ථක වේවායි පතමි.

:       18       180

jayalalWednesday, 12 August 2020 07:47 AM

ඇයි අරුන්දික ප්‍රනාන්දුගේ ඇමතිකමට කරුංකාත් එකතු කළා නම් හරියටම හරි...

:       17       201

NissanakaWednesday, 12 August 2020 08:33 AM

පියල් නිශාන්තට පෙර පාසල් යන්න අවස්ථාව උදාවෙලා...

:       16       107

සාරසීWednesday, 12 August 2020 12:25 PM

ඇයි මැටි, මිරිස් කුඩු...

:       6       192

kamal Koyrala Wednesday, 12 August 2020 05:25 AM

තව 16ක් සහ එක්කෙනෙක් එන්න ඉන්නවනේ..? ඇමැතිවරු 26ක් සහ රාජ්‍ය ඇමැතිවරු 40ක්...

:       55       3

ශ්‍යාමලී Wednesday, 12 August 2020 01:25 PM

ඇත්තටම ඔහෙට බොරුවට කියවනවා හැරෙන්න, වැදගත් යමක් පාඨකයින්ට කියන්න දන්නේ නැතිද? නැතිනම් එහෙම දෙයක් ඔබගේ හිතට එන්නේ නැතිද...? ඔබ හිස් පුද්ගලයෙක්...

:       103       12

indika Wednesday, 12 August 2020 05:36 AM

සියලු රාජපක්ෂවරුන්ට තනතුරු... දැන් සැපද?

:       381       832

Sanath Kandy Wednesday, 12 August 2020 05:43 AM

නිවාස ඉදිකිරීම් කාටද?

:       14       28

VajiraWednesday, 12 August 2020 08:08 AM

විමල්ගෙන් අයින් කරලා... එතුමාගේ පවුලේ ඔක්කොමට ගෙවල් දීලා ඉවරයිලු.

:       15       246

amintha De Silva Wednesday, 12 August 2020 05:44 AM

අලි සබ්‍රි... අධිකරණ අමාත්‍ය... මරු...

:       239       388

සමන්ලාල් Wednesday, 12 August 2020 05:44 AM

සරත් වීරසේකර, අලි සබ්‍රි දෙන්නගේ ඇමතිකම් ගැන පොහොට්ටුවට ඡන්දය දුන් අයට සතුටුයි ද?

:       31       437

Sanath Kandy Wednesday, 12 August 2020 05:55 AM

මැටි වැඩ ඇමැති ප්‍රසන්න රණවීර... නියමයි. ජයවේවා..!!!

:       2       398

Vajira Wednesday, 12 August 2020 05:57 AM

නිල නොවන ඇමැති මණ්ඩල උපදේශක කවුද?

:       1       45

NissankaWednesday, 12 August 2020 08:16 AM

නාමලෙන් උපන් ඔටුන්න හිමි කුමාරයා තමයි ඉතින්... කලිනුත් එයාගේ උපදෙස් වලට තම ජේෂ්ඨ ඇමතිවරුත් වැඩ කළේ....

:       18       288

hitan Wednesday, 12 August 2020 06:24 AM

මෛත්‍රීට ඇමතීමක් නැද්ද?

:       1       72

Ravi SeneWednesday, 12 August 2020 09:48 AM

කථානායක පදවිය හම්බවෙයි වගේ...

:       2       39

praddeepa Wednesday, 12 August 2020 06:30 AM

පරණ සෙට් එකටම කැබිනට් තනතුරු දීලා... හොරුන්ට, බාර් කාරයන්ට, බොරුවට කෑ ගහන අයට කෝ විද්වත්තු? සීතා, නාලක වගේ අය ඉන්න ඕනේ කැබිනට් එකේ...

:       13       270

Naushi Wednesday, 12 August 2020 06:45 AM

වැසිකිළි සහ කාණු සුද්ද කිරීමට ඇමැති කෙනෙක් පත්කර ගත්තා නම් තවත් හොඳයි.

:       18       154

jayasekaraWednesday, 12 August 2020 09:07 AM

ඒ ඇමැතිකම ගන්න තිබ්බා... ටෙලිෆෝනය දිනලා... අර කිඹුලන්ට කන්න දුන්නා කිව්ව ඇමැති ආවානම්...

:       140       44

Sanath KandyWednesday, 12 August 2020 09:14 AM

වියත්මගේ නාලක ගොඩහේවා මහත්තයාට දීලා තියෙන්නේ ඒක තමයි.

:       15       294

Nidahas Adahas Wednesday, 12 August 2020 06:46 AM

නාමිකව බුද්ධිමතුන්ට තනතුරු ලබාදී, පරණ හොරු ලංකර ගැනීම. ජනතාව වශයෙන් අවධානයෙන් සිට කවරෙකුට වුවද තමාට වුවමනා පරිදි වැඩ කිරීමට නොදී රට වෙනුවෙන් සිතිය යුතුයි..

:       7       257

fairoos Wednesday, 12 August 2020 06:51 AM

නව රජයට උණුසුම් සුබපැතුම්...

:       344       191

ANURA Wednesday, 12 August 2020 06:58 AM

‘‘කිරි දෙවින් දෙවියත්... අඟුරු සුදුවන කලෙක නම් නැත්...‘‘ උපුටාගැනීම.. ගුත්තිල කාව්‍යය..

:       1       138

රාජමන්ත්‍රි Wednesday, 12 August 2020 07:02 AM

64 ක් ගොඩගියා....

:       1       40

ranjithWednesday, 12 August 2020 02:48 PM

ඡන්දෙ දීලා මේ අයව උඩට උස්සලා තියන ඡන්ද දායකයින් හැමදාම හිඟා කනවා.

:       0       46

fairoos Wednesday, 12 August 2020 07:12 AM

නව අමාත්‍ය මණ්ඩලයට උණුසුම් සුබපැතුම්...!!! 

:       117       74

මුණසිංහ Wednesday, 12 August 2020 07:29 AM

සාම්ප්‍රදායිකව සිතන කොමෙන්ට්ස් ටිකක් තමා වැටිලා තියෙන්නේ. අලුතින් සිතන අය ලංකාවේ බහුල බව ඡන්ද ප්‍රතිඵල වලින් පේනවා. කොහොම නමුත් පන්නා දැමිය යුතු කීප දෙනෙක් ඉතිරිවීම ගැන කණගාටුයි. බහුතරය විසි වුනා. ගෝඨාගේ නව දැක්මක් ඇති බව අමාත්‍යංශ බෙදා වෙන්කර ඇති ආකරයෙන් පැහැදිලියි. මේ පත්වු අයගෙන් කීදෙනෙකුට ගෝඨත් එක්ක එකට යා හැකිදැයි ඉදිරියේදී බලමු.

:       0       0

athula Wednesday, 12 August 2020 07:39 AM

පුදුම සතුටක් තියෙන්නේ මුළු ලෝකයටම අාදර්ශමත් අැමතිවරු... රට මාස 5ක් යනකොට ගොඩේ ගොඩ...

:       29       239

Kumara (Galf) Wednesday, 12 August 2020 07:46 AM

යූ.එන්.පී එකේ අයට ඇමතිකම් නොලැබුණු එකට සිරිකොතේ රෙදි අපුල්ලන සමහර බත් බැලයින්ට ගොඩක් හිත රිදිලා. අනේ ගෝඨාභය මහත්තයෝ... ඔය යූ.එන්.පී එකේ අයටත් මිදුල අතුගාන, වලං හෝදන වගේ වැඩ ටිකක් දෙන්නකෝ මේකෙ අදහස් දාලා තියෙන සමහර අයගේ හිත සැනසෙන්න...

:       453       336

athula Wednesday, 12 August 2020 07:48 AM

සීතා අරඹේපොළ එදා වියත්මගේ බෙරිහන් දුන්නු අසරණ රෝගීන්ට බෙහෙත් ටික රසායනාගාර පරීක්ෂණ ලෙඩ්ඩු කාෙරිඩෝව දිගේ නිදාගන්නවා නම් ඒ රටේ සෞඛ්‍ය සේවය කුමකටද කියලා දැන් එයා මාෙකද කියන්නේ? හෙට සිට රාේගින් අැඳන් ලැබි සියළු පරීක්ෂණ රෝහලෙන්ම කරයිනේ...

:       50       229

NuwanWednesday, 12 August 2020 12:39 PM

දැන් එයා ඒක හරිගස්සන්න ඕනෑ. හෙට සිට ඉල්ලන එකනම් කුහකකම. අවුරුදු 5ක් ඇතුළත අද තියන තැනින් ඉහළට ගෙනාවේ නැත්නම් ෆේල්.

:       3       56

peiris Wednesday, 12 August 2020 07:58 AM

සබ්‍රිට අධිකරණ ඇමැතිකම... දෙවියන්ගේම පිහිටයි.

:       175       109

බද්රානි Wednesday, 12 August 2020 08:00 AM

සුදුස්සන්ට සුදුසු තැන ලබාදී තිබෙනවා. නව කැබිනට් අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට මාගේ ගෞරවය හා සුබපැතුම්!!!

:       280       237

ධනා Wednesday, 12 August 2020 08:09 AM

බලාපොරොත්තු වූ පරිදිම කැබිනට් මණ්ඩලයේ බොහොමයක් සිටින්නේ ගෝඨාභය ජනපති වූ විගසම පත්කල අමාත්‍යවරුන්මය. ඒවාද ඒ ඒ අමාත්‍යංශ වලටමයි. කවුරුන් කෙසේ කීවත් ඔවුන් ඒ කාලයේදී සතුටුදායක පරිදි ඒවායේ රාජකාරී ඉටුකිරීම නිසා වෙනසක් කිරීමට අවශ්‍යතාවක් නොතිබුණා විය හැකියි. සිටින්නේ පරණ අයම වුවත් අලුත් නායකත්වයක් යටතේ කටයුතු කරන ආකාරය බලා විවේචන ඉදිරිපත් කිරීම වටී...

:       321       285

sudelmi Wednesday, 12 August 2020 08:18 AM

අති පූජනීය දළදා වහන්සේට පිටුපෑවා නේද? එහෙනම් මකබෑවිලාම යන්න.

:       36       413

MaheshWednesday, 12 August 2020 09:11 AM

ඒක නම් අසුබ ලකුණක් වගේ...

:       2       56

කරෝලිස්Wednesday, 12 August 2020 01:21 PM

උඩරට නිළමෙලා සුද්දන්ට මේ රට පාවාදීමට ගිවිසුම අත්සන් කලේ කොහෙදීද කියන්න මම නොදන්නා නිසා ඇහුවේ... (මොකද මම ඉතිහාසය ඉගෙනගෙන නැහැ)

:       18       93

විජිත් Wednesday, 12 August 2020 09:05 AM

"සුදු ඇඳගෙන කළු ඇවිදින් " සහ " අලි බබා සහ හොරු රැලයි" 20 වන සියවසේ මුල සිට 21 වන සියවසේ මැද හෙවත් අද වනතෙක් ශ්‍රී ලාංකීය දේශපාලනය විසින් බිහිකරන ලද, රැලක්..!!! සුදු හැඳගත් නමුත් " හදවත් කළු " නිදහසට කලින් ණය නැතිව, නිදහසේ සිටි ලක්මව විදේශිකයින්ට උකස් කොට , කොටස් කඩා විකුණා, රටට අවංකවම ආදරේ ඇති සුළුතරයක් සඳහාම නිපදවූ, සත්‍ය කතා පුවතක් රැගත්, සිනමා ද්විත්වය 10 වෙනිදා සිට පෙන්වනු ලැබේ.

:       33       118

samaranayake Wednesday, 12 August 2020 09:09 AM

ඉනිමග ඕනෑ වෙන්නේ නගින්න විතරයි. නැග්ගට පස්සෙ ඉනිමග මොකටද? සිංහල බෞද්ධයින් වැදගත් වෙන්නේ ඡන්දයට පමණි. ජාත්‍යන්තරව කටයුතු කිරීමේදී සිංහල බෞද්ධයින් වැදගත් නෑ..

:       3       69

Mahesh Wednesday, 12 August 2020 09:11 AM

උගත්, බුද්ධිමත් අය හලලා මෙලෝ දැනුමක් නැති බොහෝමයක් දෙනාට කැබිනට් ඇමතිකම්. වඩා දක්ශ වීරසේකර මහත්තයාට නිකන්ම නිකන් රාජ්‍ය ඇමති පට්ටමක් විතරයි ! තොරතුරු තාක්ෂණයට කෙනෙක් නෑනේ. ඒක ජනපතිතුමා ගාවම තියාගන්නවා වෙන්න ඕන. එහෙම නම් ගැටලුවක් නෑ..

:       7       38

Nihal Dharmatileke Wednesday, 12 August 2020 09:24 AM

හරි දුකයි... කෙසෙල්, රඹුටන්, වෙරළු, පැපොල් වලට මන්ත්‍රී කෙනෙක් නැති එකනේ...

:       0       128

thushara Wednesday, 12 August 2020 09:25 AM

කෘෂිකර්ම ඇමති, වැවිලි ඇමති, කුඩා වැවිලි බෝග ඇමති, තේ ඇමති, රබර් පොල් ඇමති, පොහොර ඇමති, පශු සම්පත් ඇමති.. යන විදියට ලංකාව ගොවිතැනින් නම් ස්වයංපෝෂිත වේවි...

:       0       53

lasantha Wednesday, 12 August 2020 09:49 AM

නානායක්කාර උන්නැහේට දෙන්නට තිබුනේ වෙන ඇමතිකමක්...

:       0       17

බද්රානි Wednesday, 12 August 2020 10:13 AM

තවම ඇමති මණ්ඩලය පත් කළා විතරයි දැන්ම, සමහර මිනිස්සු වැරදිමයි දකින්නේ හොඳක් දකින්නෙම නැද්ද? පුළුල් විෂය පරාසයන් තුළ ඇමති මණ්ඩලය වැඩිවෙන එක හොඳ නැද්ද? හැමදේටම නාහෙන් නොහඬා සතුටු වෙන්න පුරුදු වෙන්න මිනිසුනේ.. නව ඇමති මණ්ඩලයට සුබපැතුම්!

:       182       182

Nihal Thursday, 13 August 2020 08:50 AM

එච්චර ගොඩක් ජීවත් කරවන්න වෙන්නේ අපිට. ඒකයි දුක.

:       0       82

sanath Wednesday, 12 August 2020 10:18 AM

දැන් ඉතින් රට කිරියෙන්, පැණියෙන් ඉතිරිලා යයි.

:       1       30

විජේ Wednesday, 12 August 2020 10:41 AM

අනේ වාසනාවන්, සිරිටත් ගැලපෙන චීත්තයක් මහගත්තැහැකි දැන්...

:       0       43

සත්‍යපාල Wednesday, 12 August 2020 11:31 AM

රට යන අත ගැන හිතාගන්න බැරි වෙන එකක් නැහැ. පරණ හොරුන්, දූෂිතයින්, ආයෙමත් කළඑලි බැහැලා... පුරුදු කෙරුවාවන් ආයෙත් පටන් ගනී වගේ...

:       1       14

sena Wednesday, 12 August 2020 11:41 AM

අයියෝ සිරිසේන මහත්තයාට මුකුත්ම නැද්ද?

:       0       12

dharmasiri Wednesday, 12 August 2020 11:48 AM

අලි සබ්‍රි ඇවිල්ලා ෂරියා නීතිය අහෝසි කරලා , මද්‍රාසා අහෝසි කරලා රටටම එක නීතියක් ගෙනෙයි...

:       114       96

sanduni Wednesday, 12 August 2020 11:49 AM

කෝ අනේ අර අලි සබ්රි මහත්තයා දිවුරුම් දෙන පින්තූරය ... ඒක නැහැනේද?

:       151       18

මෝ Wednesday, 12 August 2020 11:50 AM

අමාත්‍ය මණ්ඩලය දැක්කම කණගාටුයි. පරණ අයම තමයි. වෙනසක් බලාපොරොත්තු විය නොහැකිය. ඒත් අගමැතිට බලය තියෙන ව්‍යවස්ථාව සංශෝධනය වෙලා ජනාධිපතිට බලතල ලැබුණා. මේ අමාත්‍ය, මණ්ඩලයද සංශෝධනය වේයැයි සිතමි. ඒත් තුනෙන් දෙකේ බලයදුන් ජනතාව අතර ඉන්න තරුණ බුද්ධිමත් පිරිස් කණගාටු වෙනවා නියතයි. ජනාධිපතිතුමනි ජනතාව විශ්වාස කලේ ඔබතුමායි. එබැවින් මේ ඇමති, මන්ත්‍රීවරු පත්වුණා මිස ඔබ ඔවුන් නිසා ජනාධිපති වුණාය කියන මිථ්‍යාවෙන් අයින් වෙන්න. කෙලින් තීරණ ගැනීමට ශක්තිය ලැබේවා...

:       2       55

තාරක Wednesday, 12 August 2020 12:17 PM

අපේ රට කවදාවත් දියුණු කරන්න බැරි මේ වගේ පසුගාමී අදහස් තියෙන මිනිස්සු ඉන්න නිසයි. හැමදේම විවේචනය කරනවා ඇරෙන්න අඩුම ගානේ අවුරුද්දක් දෙකක් මේ පිරිස කොහොමද රට පාලනය කරන්නේ කියලා බලලා අදහස් පළ කරන්න. ඇමැතිකමක් ලැබුණා කියලා ඔවුන්ට කරන්න පුළුවන් දේවල් සීමිතයි. හොඳ ලේකම් කෙනෙක් අමාත්‍යාංශවලට පත්කරන එකයි වැදගත්ම දේ.

:       136       139

AmareWednesday, 12 August 2020 01:17 PM

මේ ඉන්න මිනිස්සුන්ගේ වැඩ පිළිවෙළ අපි අවුරුදු ගාණක්ම දැක්කා. කවුරුවත් නැහැ රටේ දියුණුව ගැන හිතන. හැමෝම කපටි ව්‍යාපාරිකයන් වෙලා... ඕකට ආයේ අවුරුදු 5ක් ඉන්න ඕනේ නැහැ වැඩකරන හැටි බලන්න.

:       2       20

PrasadWednesday, 12 August 2020 02:05 PM

අනේ යන්න. 2005-2015 ඔය ඇමැතිලා කරපුවා, එතකොට සිටිය ලේකම්ලා කරපුවා අමතකද?

:       1       1

siri Wednesday, 12 August 2020 12:56 PM

ඔය ලැයිස්තුවේ ඉන්න 14 දෙනෙකුටම උසාවියේ නඩු වැටිලා තියෙනවා නේද? දැන් ඒ නඩු කල් යනවාද? නිෂ්ප්‍රභා වෙනවද? දිගටම අහනවද?

:       0       99

SilvaWednesday, 12 August 2020 01:42 PM

මුලින්ම ඔරිජිනල් ලියකියවිලි නැති කරනවා. ඊට පස්සේ නඩුව ඉවත් කරනවා ඔරිජිනල් ලියකියවිලි නැහැ කියලා , ඕවත් ප්‍රශ්නද ලංකාවට...?

:       1       36

Kuma Thursday, 13 August 2020 08:52 AM

නීතිය තව දුරටත් ප්‍රශ්නයක් නෙවෙයි.

:       0       0

Awi Wednesday, 12 August 2020 01:25 PM

ලොක්කෝ දෙන්නගේ පිටිපස්සේ ඉන්න දෙන්නනේ..රටට දෙයියන්ගේම පිහිටයි.... අවුරුද්ද පනින කොටම...

:       1       7

Prabha Wednesday, 12 August 2020 02:22 PM

මේ මොන අමාත්‍යාංශද?

:       0       21

Buddika Wednesday, 12 August 2020 03:40 PM

ප්‍රසන්න රණවීරට දීලා තියෙ අමාත්‍යාංශය ඉතාම විද්‍යාත්මක පදනමකින් දීලා තියෙන්නේ. මැටි කර්මාන්තය ඉතාම හොඳින් එතුමා කරයි. ඒ වගේම අලි වැට සහ අගල් ඉදි කිරීමටත් අමාත්‍යාංශයක් තිබෙනවා.

:       0       0

Goda heva vitharana Wednesday, 12 August 2020 04:21 PM

ගම්පහ දිස්ත්‍රික්කයත් ගැටලුවක් නැහැ. හෙට ඉඳලා වැසිකිළි, කුණු සුද්ද කරන්න, ගොඩගන්න හපොයියෙක් එයි.. ඒත් කෝ අනික් අයට?

:       0       0

sirisena Wednesday, 12 August 2020 04:21 PM

වියත්මගට ඇමති තනතුරු අවශ්‍ය නැතුවා වෙන්න ඇති එහෙනම්...

:       0       0

Asanga Thursday, 13 August 2020 01:30 AM

අපි හිතපු ඇමැති මණ්ඩලයද මේ? කෝ එතකොට උගත්තු? පරණ රැළමනේ දැම්මේ... ඔවු ඉතින් අපිමනේ ඡන්දෙන් පත්කරගත්තේ... දැන් සැපද?

:       0       0

ana Thursday, 13 August 2020 06:05 AM

එතකොට අපේ ගෙදර ටැංකියේ ඉන්න මාලුන්ටත් ඇමති කෙනෙක්. අනේ.. කොස්වලට, කහවලට, මුරුංගාවලටත් ඇමති කෙනෙක් දාන්නකෝ...

:       0       0

Prasad Thursday, 13 August 2020 07:33 AM

අපරාදෙ මේ ආණ්ඩුවේ සජිත් හිටියා නම් කාන්තා කටයුතු ඇමැති කරන්න තිබුණා...

:       2       0

amila Thursday, 13 August 2020 11:21 AM

ජනතා මනාප ඇති බහුතරයකගෙන් පාර්ලිමේන්තු ආපු අයට වැඩකරන්න අවස්ථාවක් නැහැ. කොහේවත් නැති අය ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ලා හොඳම ඇමතිකමුත් අරගෙන... අපරාදෙ මිනිස්සුන්ගේ කෝටි ගණන් සල්ලි නාස්ති කරලා ඡන්දෙ තියන්නේ. ජනාධිපතිටම පුළුවන් තමන් කැමැති අය පත්කර ගන්න.

:       0       0

vidya Friday, 14 August 2020 03:59 PM

මගුල් මඩුවක්, හින්දු කෝවිලක් වගේ සරසලා ශ්‍රී දන්ත ධාතුන් වහන්සේට පිටුපාලා පින්තූර අරන් කළේ මොකක්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 0 0

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 117 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 68 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 155 2

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1892 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 536 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site