IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


නඩු නවත්වන්න මට බලයක් නෑ

( +++ මනෝප්‍රිය ගුණසේකර)

රහස් පොලිසිය, මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකරන ලද විමර්ශන අගතිදායක අන්දමින් සිදුකොට ඇද්දැයි යන්න තහවුරු කරගන්නා තුරු එම නඩු කටයුතු තාවකාලිකව බහා තැබීමට තමාට බලයක් නැතැයි නීතිපති දප්පුල ද  ලිවේරා මහතා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ඊයේ (12) දැනුම් දුන්නේය.

අධිකරණය හමුවේ පවතින නඩුවක් අත්හිටුවිය හැක්කේ ඉහළ අධිකරණයක නියෝගයකින් බවත් එය විධායක බලතලවලින් බැහැර කාර්යයක් වන බවත් වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇති නීතිපතිවරයා අධිකරණයක් ඉදිරියේ ඇති සිද්ධියක් සම්බන්ධයෙන් තහනම් නියෝගයක් නිකුත් කිරීමට හෝ නීතිපතිවරයාට නියෝග දීමට කොමිෂන් සභාවකට බලයක් නැති බව ද වැඩිදුරටත් අවධාරණය කොට ඇත.

නීතිපතිවරයා මෙම ලිපිය යවා ඇත්තේ රහස් පොලිසිය, මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකරනු ලැබූ විමර්ශන කටයුතු අගතිදායක අන්දමින් සිදුකොට ඇද්දැයි යන්න තහවුරු කරගන්නා තුරු එම නඩු කටයුතු තාවකාලිකව බහා තබන්නැයි ඉල්ලමින් වැඩබලන පොලිස්පතිවරයා පසුගිය පෙබරවාරි 3 දාතමින් යවා තිබූ ලිපියට පිළිතුරු වශයෙනි.

නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට යවා ඇති ලිපියේ මෙසේ ද  සඳහන් වෙයි. 2020.02.03 දිනැති ඔබගේ ලිපියේ කරුණු කෙරෙහි මාගේ අවධානය යොමු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් මූල සිටම නිරීක්ෂණය වන්නේ එහි සඳහන් කරුණු සාක්ෂි මගින් තහවුරු වී නැති අතර, එකී කරුණු විමර්ශනයට ද භාජන වී  නැති බවය.

තවද අධිකරණය ඉදිරියේ පවතින ක්‍රියාවලියක් අත්හිටුවිය හැකි වනුයේ අධිකරණ නියෝගයකින් වන අතර එවැනි කටයුත්තක් විධායක බලතලවලින් බැහැර කාර්යයක් වනු ඇති බව ද දන්වමි.

පරීක්ෂණ කොමිෂන් සභා පනත (393 අධිකාරය වූ) යටතේ විමර්ශනයකින් හෝ පරීක්ෂණයකින් අනතුරුව උද්ගත වී ඇති සිද්ධියක් සම්බන්ධයෙන් නිර්දේශ එකී සිද්ධිය හෝ කාරණය පවතින අධිකරණ ක්‍රියාවලියක් මගින් සලකා බලා එකී සිද්ධිය හෝ කාරණය මගින් එකී අධිකරණමය ක්‍රියාදාමයට අගතිගාමී බලපෑමක් සිදු වේ ද යන්න සලකා බැලීම සහ ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් දීම අදාළ සිද්ධිය හෝ කාරණය පවතින අදාළ අධිකරණමය ආයතනය සතු වගකීමක් බව වැඩිදුරටත් දන්වමි.

එසේ හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) සමග කියවිය යුතු 105 ව්‍යවස්ථාව ප්‍රකාරව, නීතියෙන් පිහිටුවන ලද යුක්තිය පසිඳලන ආයතනයකින් එවැනි නියෝගයක් නොමැති අවස්ථාවක ඒ සම්බන්ධයෙන් වගකීමෙන් යුක්තව කටයුතු කර පැමිණිල්ලක් සම්බන්ධයෙන් අවශ්‍ය සියලු පියවර ගැනීමට මා සහ මා යටතේ කටයුතු කරන නිලධාරීන්ගේ කාර්යය බාරයක් වන අතර එම කාර්යයෙන් බැහැරව කටයුත්තක් කිරීමට මා හට හෝ මාගේ නිලධාරීන්ගේ බැහැර කාර්යයක් වනු ඇත.

තවද නීතියෙන් පිහිටුවන ලද යුක්තිය පසිඳලන අධිකරණයක් හා ආයතනයක් ඉදිරියේ පවතින සිද්ධියක් සම්බන්ධයෙන් තහනම් නියෝගයක් නිකුත් කිරීම හෝ එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ල වෙනුවෙන් අවශ්‍ය කටයුතු කරගෙන යාම සම්බන්ධයෙන් නීතිපති වෙත නියෝගයක්  නිකුත් කිරීමට 2008 අංක 16 දරන කොමිෂන් සභා පනතින් සංශෝධිත කොමිෂන් පරික්ෂණ සභා පනත (393 අධිකාරය වූ) යටතේ කොමිෂන් සභාවට බලයක් නොපවතින බව ද මින් සඳහන් කරමි.

තවද ඔබගේ ලිපියේ 03 වන ඡේදයේ සඳහන් කරුණු මාගේ F/33/2019 සමාංක සහ 2020.01.20 වන දින ලිපියේ සඳහන් කරුණු නිවැරැදිව පිළිබිඹු කිරීමක් නොවන බව ද මින් දන්වමි.



අදහස් (4)

නඩු නවත්වන්න මට බලයක් නෑ

Champa Thursday, 13 February 2020 04:43 AM

කතාව ඇත්ත. නීතිපතිවරයාට එහෙම බලයක් නැහැ. අනිත් කාරණේ තමයි උසාවියේ තියෙන නඩු ගැන ජනාධිපති කොමිසම් පත් කරන්න පුළුවන්ද කියන එක. ඒ මොකොද කිව්වා නම් දේශපාලකයන් පත් කරන එවැනි කොමිසම් වලින් උසාවියේ පවතින නඩු වලට සහ විනිසුරුවන්ගේ ස්වාධින තීන්දු වලට සෘජු බලපෑමක් එල්ල වෙන නිසා. අනිත් අතට ජනාධිපති කොමිසම් වලට නඩු විභාග කරන්න පුළුවන් නම් අධිකරණයක් සහ විනිසුරුවන් කුමටද? සාමාන්‍ය මිනිහෙකුට බොරු හෝ ඇත්ත නඩුවක් වැටුනහම ඔහු උසාවි වල රස්තියාදු වෙලා නීතිඥයන්ට වියදම් කරලා තමන්ගේ නිවැරදිභාවය ඔප්පු කරන්න ඕනේ. දැන් මේ ක්‍රියාවලියම දේශපාලකයන්ගේ ගජ මිතුරන්ට, ධනවතුන්ට සහ සමාජයේ ඉහල පැලැන්තියේ පිරිසට අනුගමනය කරන්න බැරි තරමට රටේ නීතිය වල් වැදිලා තියෙන්නේ කොහොමද? පහුගිය කාලේ දේශපාලන පලිගැනීම් සඳහා දාපු නඩු වල නිවැරදි භාවයක් නැති බව උසාවියේ ඔප්පු කරන්න බැරි මොකද? ආදර්ශය එන්න ඕනේ ඉහලින්ම.

:       0       187

Neethigaruka Purawesiya Thursday, 13 February 2020 04:45 AM

ඔබ නිවැරදියි. පොලිස්පති තාම දන ගාන වයසේ ඉන්න පොඩි එකෙක් වගේ. නීතිය නවපු පොලිසිය සහ නීතිය නවන පොලිසිය.

:       0       108

kawan siriwardena Thursday, 13 February 2020 08:03 AM

සිරිසේන රටට ගිනි තියාගෙන යන්න ගියා. මේ ගිනිපුපුරු තවමත් ඇවිලෙනවා. මේ ආත්මයේදීම ඒ කරුමවලට පව් ගෙවන්න සිද්දවේවා...!!!

:       0       26

Rata Perata Friday, 14 February 2020 07:27 AM

නවත්තන්න බැරිනම් පටන් ගන්න බැංකු නඩුව, පාස්කු ප්‍රහාරයේ නඩුව වගේ ඒවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 325 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site