IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දෙසැම්බර් 31ට පෙර උතුරු නැගෙනහිර ඉඩම් මුදාහරින්නැයි ජනපතිගෙන් උපදෙස්

(සුජිත් හේවාජුලිගේ)

උතුරු නැගෙනහිර ප්‍රදේශවල ආරක්ෂක අංශ භාරයේ පවතින ඉඩම් ඒවායේ මුල් පදිංචිකරුවන්ට ලබන දෙසැම්බර් 31 වැනිදාට පෙර භාරදී අවසන් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම පළාත් ආණ්ඩුකාරවරුන්ට අද (22) උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මේ උපදෙස් දුන්නේ පළාත් සභාවල මේ වසරේ ප්‍රකාශය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේදී අද (22) පැවැති සාකච්ඡාවකදීය.

මේ සාකච්ඡාවට සියලුම පළාත් ආණ්ඩුකාරවරු, පළාත් ප්‍රධාන ඇමැතිවරු සහ පළාත් ප්‍රධාන ලේකම්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

පළාත් සභාවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය, පුරප්පාඩු පිරවීම ඇතුළු කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කෙරිණි.

ග්‍රාමීය ජනතාවගේ දිළිඳුකම පිටුදැකීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් සාර්ථක කර ගැනීමට තම පූර්ණ දායකත්වය යොදවන්නැයි ජනාධිපතිවරයා පළාත් ප්‍රධාන ඇමැතිවරුන්ට උපදෙස් දී ඇත.

වතුකරේ ජනතාවගේ ඉඩම් ගැටලු සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරුණු බව ජනාධිපති කාර්යාලය පවසයි.

ඡායාරූප :- ජනාධිපති මාධ්‍ය අංශය



අදහස් (8)

දෙසැම්බර් 31ට පෙර උතුරු නැගෙනහිර ඉඩම් මුදාහරින්නැයි ජනපතිගෙන් උපදෙස්

සතයපාල Monday, 22 October 2018 03:51 PM

දෙමළ ජාතික සංවිධානය උතූරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්නවලට (විශේෂයෙන් ඉඩම් ප්‍රශ්නයට) අයවැයට පෙර විසඳුමක් ලබා නොදුන්නොත් අයවැය පරාජය කරන බවට කල ප්‍රකාශයට පිළිතුර වශයෙන් ජනාධිපතිවරයා ඉහත ප්‍රකාශය කල බවට සැළකිය හැකිය. එයින් හැඟෙන්නේ අයවැය පරාජය කර ඒකාබද්ධ විපක්ෂය සමග සභාග ආණ්ඩුවකට හෝ භාරකාර ආණ්ඩුවකට යාමට ජනාධිපතිවරයාගේ සූදානමක් නොමැති බව වන අතර මේ සභාග ආණ්ඩු කතාව ඒකාබද්ධයේ හෝ එයට සම්බන්ධ වීමට බලා සිටින 16කල්ලියේ අත් රෝලක් බවයි.

:       0       0

lalithsjm Monday, 22 October 2018 04:08 PM

රට විනාශ කරලා.. ගියා නම් ඉවරයි

:       0       0

kumar (gulf) Monday, 22 October 2018 04:26 PM

මෙයාලා ඉන්දියාවේ හා දෙමල ඩයස්පෝරාවේ වහල්ලු වෙලා, මේ ඉඩම් නැතිවට තව කොච්චර ඉඩම් තියෙනවාද වන්නියේ උතුරේ බෙදාදෙන්න. හමුදාව අස්සෙම ඇඟිලි හගන්න ඕනය?

:       0       143

Amila Monday, 22 October 2018 04:59 PM

ඉඩම් යලි දෙන එක හොද දෙයක්. පුලුවන් තරම් ස්වයං රැකියා, ව්‍යාපාර සහ රැකියා වලට මිනිස්සු යොමු කරන්න. ඒවගෙම පහසුකම් ඒවත් දෙන්න. ඒවගෙම මේ මිනිස්සුන්ට කියන්න උතුර සසදන්න එපා කොලඹට.... මෙකයි වැරදුණු තැන. මොකද රටේ අනිත් පැති බෝහෝමයක මිනිස්සුත් දුක් විදිනව සහ ඔවුන්ටත් කොලඹ හෝ නාගරික පහසුකම් නොමැති බව තෙරුම් කරලා දෙන්න පුලුවන් නම් මේ උතුරේ ගැටලු යලි ඇති වෙන්නේ නෑ.

:       0       0

Mashi Tuesday, 23 October 2018 01:23 AM

උතුරේ පන්සල් බූමිත්නිදහස් කරාවිද ?

:       9       5

Perakum Tuesday, 23 October 2018 02:26 AM

මැතිවරණය අත ලඟයි වගේ...!

:       0       33

දිලුම් Tuesday, 23 October 2018 03:17 AM

ජනවාරියේ කියයි උ/නැ විග්නේශ්වරන්ට මුදා හරින්න නැත්නම් මට ආයේ ඡන්දෙ දිනන්න බැරිවෙයි කියලා.

:       0       6

kap Tuesday, 23 October 2018 08:22 AM

මෙතන කොමෙන්ට් දාන අයගේ පාරම්පරික ඉඩමක් ආණ්ඩුවෙන් අවුරුදු ගාණක් අල්ලගෙන හිටියම බලන්න තිබ්බා රඟේ. ඇයි විරුද්ධ වෙන්නේ මේ අයගේ අයිති ඉඩම් ඒ අයට දෙනවට? රටේ යුද්දයක් නැත්නම්, ඇයි දෙන්න බැරි.. තමන්ගේ ඉඩමෙන් අඟලක් පාරකට දෙන්න බැරි පොරවල් දේශප්‍රේමීන් වෙලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site