(මනුල වික්‍රම)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් රැසක් අද (09) අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මංගල ජන හමුවේදී පොදුජන පෙරමුණ හා එක් වූහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක, හිටපු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහත්වරුන් මෙන්ම පසුගියදා සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක්වූ සහායට එක්වූ හිටපු අමාත්‍ය ඩබ්ලිව්.බී.ඒකනායක මහතා ද එහිදී දී වේදිකාවට පැමිණ සිටියහ.
හිටපු මන්ත්‍රීවරුන් වන ඒ.එල්.එම්. අතාවුල්ලා හා ඩග්ලස් දේවනන්ද මහත්වරුද එම ජනහමුවට එක්ව සිටියහ.



COMMENTS
"පොදුජන පෙරමුණ වේදිකාවට ගොඩවීමට කැමතිනම් එක්කෙනෙකුට රුපියල් කෝටි දහයක සංතෝසමක් ලබාදීමට සූදානම්" කියලා කතාවක් ප්‍රචාරය වෙන්නේ බොරුවට වෙන්න ඇති. "බහුතරය හදාගන්න ලක්ෂ 500 ගානේ දුන්නා.. එ්ත් සමහරු ඉල්ලපු ගණන සැර වැඩි වුණු නිසා තමයි 113 හදා ගන්න බැරිවුනේ" කියලා එකසැරයක් ජනාධිපතිතුමාම කිව්වා නේද?
අනේ මන්දා මේ දුමින්ද දිසානායකලා කොහොමද මේවට යන්නේ කියලා...?
හැමදාම වුණේ මෙයම නොවේද? හැලිවඳුරන් 225ම මේ කැලෑවේ සිට ඒ කැලෑවට පනිනවා.. ඒ කැලෑවේ සිට මේ කැලෑවට පනිනවා. ටකරන් අනුභව කරන උගත්, බුද්ධිමත් චන්ද දායකයන් උඩබලාගෙන හුරේ... කියමින් තමන්ගේ හැලිවඳුරා පනින දෙස ප්‍රීති ප්‍රමොධයෙන් අත්පොළසන් දෙනවා.. අවසානයේ හැමදාමත් මෙන්ම සියලුම හැලිවඳුරන් 225 ම තම පවුල් පන්සල් සමගින් ඉහලට වී සැපවත් ජීවිත ගත කරනවා. කමෝන්... ඡන්ද දායකයනි..,
දැන් එහෙනම් ඡන්දෙන් දින්නට පස්සේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන්න සබීතා පෙරේරගේ බිල්ඩිම ගත්ත එකට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. මෙයා පහුගිය කාලේ මේ පක්ෂයට මොනවද නොකිව්වේ..? බූ වල්ලෙන් ගහලා එලෙව්වත් මදි ..
මෙන්න මේ වගේ වෙලාවට තමයි අපට " අයියෝ සිරිසේන ! " යන කියමන සිහිපත් වෙන්නේ. අපට එහෙම වුණත්, මේ වෙලාවේදී සිරිසේන මහතාට සිහිපත් වෙන්නේ ගිය අයගේ මෑණිවරුන්ව වෙන්න ඇති...
තාත්තා, මලෝ එක්වෙයි.
දුමින්ද, වීරකුමාර, කරල්ලියද්ද, ඒකනායක පොහොට්ටුවට එක්වෙති. අවස්ථාවාදී දේශපාලනයේ තවත් උදාහරණයක්, ඔවුගේ වාසියට ඕනෑම කෙනෙකු සමග එක්වීමේ මෙවැනි දූෂිත දේශපාලකයින්ගේ සහ දේශපාලන ක්‍රමය නිසා ලංකාවට සහ ජනතාවට කිසිදිනෙක ජයග්‍රහණය නොලැබෙනු ඇත.
සජිත් ඉවරයි. නිදහස් පක්ෂ ඡන්ද ටික එකතු වුණාම ගෝඨාට කෙලින්ම ලක්ෂ 68ක් ශුවර්...
ලැජ්ජාවක් නැති හැටි
මෙම මිනිස්සු ඇඳුම් ඇඳගෙනද එන්නේ..?
ගෙම්බොද මම දන්නෑ...
හොරු සමග හෙළුවෙන්...
මොවුන්ට ලැජ්ජාවක්ද නැත. මේ අයට ඡන්දෙ දෙන අයට ලැජ්ජාවක්ද නැත. කෝ මේ අයගේ ප්‍රතිපත්ති? 2015දී නරකයි. අද උන් හොඳයි. උන්ගේ සැප තකා ජනතාව ඇන්දවීම...
"කන්න බැරි වුණාම මිදි තිත්තයි කිව්වලු" වදින අයට වදින්න දැම්මේ...
මේ එකතු වුණු කට්ටියම 2015 යහපාලනයට එකතු වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එකතු වුණා කියපු කට්ටියම නේද දෙයියනේ මේ පතුරු අරින්නේ? සජිත්ට එකතු වුණානම් මේ අය කොච්චර හොඳ අයද?
කිසිම ප්‍රතිපත්තියක් නැති තමුන්ගේ පැවැත්ම ගැන විතරක් හිතන දූෂිත දේශපාලකයන් ගැන මොනවා කියන්නද? මේ අය හරියට හැසිරෙන්නේ රිලවුන් වගේ...
මේ කට්ටියෙන් දුමින්ද හැර අනිත් ඔක්කොම පොහොට්ටුකාරයන්...
බෙල්ල මිරිකාවී බලාගෙනයි...
මෙතරම් මජර පාලන තක්කඩි ඉන්න රටක් තව ලෝකයේ කොහේ තිබේද? අප්‍රසන්නයි රටේ බත්කන හරක් මේ අයට හුරේ දානවා දැක්කම ඊට වඩා හිරිකිතයි...
මොනවත් කියන්න ඕනේ නැහැ. මේ තක්කඩියන් සාකච්ඡා 10 කට වැඩියෙන් කියමින් ජනතාවට කිව්වේ මොකක්ද දැන් කලේ මොකක්ද කියලා තේරුණා නම් ඒ ඇති.. මම හිතනවා එහෙම තේරුම් ගනීවි කියා..
මොවුන්ගේ ඇඳුම් නැහැ නේද? මගේ ඇසේ දෝෂයක්ද මන්දා...
චන්දි, මහින්ද වේදිකාවට එනකොට මේ සින්දුව කියන්න, මම ගන්නෙමි කර කාර.. මම ඉන්නේ මි මහා රජා වගේ , මේ සින්දුව නියමෙට ගැලපෙනවා නට නට කියන්න ඔයාගේ අප්පච්චි...
මේ එක්කෙනෙකුටවත් ඡන්දෙ දෙන්න එපා. මේ අය හිතන් ඉන්නේ අපි මෝඩයෝ කියලා
ඡන්දය ඉල්ලන අය නෙවි වැරදි විදියට ඡන්දය දෙන මිනිස්සු. දැන් අවුරුදු කියක් පහෙන් පහට දීලා බැලුවද? මේ සැරෙත් දීලා ආයෙත් බනිමු. නැත්නම් හරි අලුත් මිනිසෙකුට දෙමු. කොහොමත් රට නැති වෙලා තියන නිසා වෙන්න දෙයක් නැහැ
හැමදා දිනන අය වේදිකාවේද හැමදා පරදින මිනිසුන් වේදිකාව ඉදිරි පිටද සිටී. බලන්න ඒ මිනිසුන් දිහා. මොනතරම් දුක් විඳපු පීඩාවට පත් වුන අයද? ඒ අය තමයි ලැජ්ජාවක් නැති මෝඩ මිනිසුන්.
අනේ ඉතින් අපි වෙන මොනවා කරන්නද? වෙන කොහේ යන්නද?වෙන කව්ද අපේ අත ගන්නේ?
මේ ප්‍රතිපත්තියක නැති පදඩයින්ට ඊළඟ මහා මැතිවරණයේ පොහොට්ටුවේ නම් ලැයිස්තුවට රිංගන්නට ඉඩ දුන්නොත් මහින්දට ගෝටට විතරක් නෙවෙයි, මුළු රටටම අබ සරණ තමයි වෙන්නේ. ඒ නිසා ගෝටා, මහින්ද හොඳින් අසාගන්න. ඉස්සර වැටුණු වලවල්වල රටේ ජනතාව වට්ටවන්න එපා.