IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දීඝවාපී දාගැබේ ශෛලමය මංජුසාවක රන් කරඬු 4ක් - පළිඟු කරඬුවක්

 

(කුමාර සී. ලියනආරච්ච්)

ඓතිහාසික දීඝවාපි දාගැබේ දකුණු පස වාහල්කඩ කැණීමේදි හමුවු ශෛලමය මංජුසාවේ තිබී රත්රන් කරඬු 4ක් සහ පළිගු කරඬුවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශයේ නිලධාරීහු සොයාගත්හ.

එම කරඩු හතර තුළ රන් පත් ඉරුවලින් සකසන ලද කුඩා මංජුසා 6ක ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබිණ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් සෙනරත් දිසානායක මහතා පවසා සිටියේ රත්රන් කරඬු 4ක් එකම මංජුසාවක තිබී හමුව ප්‍රථම අවස්ථාව මෙය බවයි.

රත්රන් කරඬු තුළ  අලංකාර ආභරණ කොටස් බවට සැක කළ හැකි පළිඟු දෙකක්ද විය. වෙනත් කිසිදු කරඬුවක මෙපරිදි පළිඟු දක්නට නොලැබුණු බව පුරාවිද්‍යා නිලධාරීහු පැවසූහ.

පස්වැනි සියවසට අයත්  දීඝවාපි දාගැබේ දකුණු වාහල්කඩ මත ඉකුත් 18 වැනි දින කැණීම් සිදුකරමින් සිටියදී, නිධන් හොරුන් විසින් විනාශ කරනු ලැබු ස්ථානයක් හඳුනා ගත්  කැණීම් බාර නිලධාරි සේනක චන්ද්‍ර කුමාර මහතා ඇතුළු නිලධාරීහු එම ස්ථානය පරීක්ෂා කළහ. එහිදි කළුගලින් සකස් කරන ලද ආවරණයක් තිබී ඇති බව දැකගැනීමට හැකිවිය.දීඝවාපි රජමහ විහාරස්ථානායේ විහාරාධිපති මහඔය සෝභිත ස්වාමින් වහන්සේගේ සහ අම්පාර දිසාපති ඩී.එල්.එම්.බණ්ඩාරනායක මහතාගේ පරීක්ෂාව යටතේ එම ස්ථානයේ තවදුරටත් කැණීම් සිදු කරන ලදී. එහිදි අගල් 18ක් උසින් යුත් ශෛලමය මංජුසාවක් සොයා ගැනීමට ඔවුන්ට හැකිවිය.

පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් සෙනරත් දිසානායක මහතා පවසා සිටියේ, දාගැබේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් වසර තුනක පමණ කාලයක් ගත වන බවත්, ඒ කාලය තුළ මෙම මංජුසාව සුරක්ෂිත කිරීමටත් එහි පුරාවිද්‍යාත්මක වටිනාකම සොයාබැලීම සඳහා මංජුසාව පුරාවිද්‍යා නිලධාරින් විසින්  අම්පාර දිසා ලේකම් කර්යාලය වෙත ගෙන යන බවත්ය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායනාගාර සංරක්ෂණ අධ්‍යක්ෂක ගීතානී කුරුප්පු ආරච්චි, පුරා විද්‍යා පර්යේෂන නිලධාරි ජනනී සේනවිරත්න, දීඝවාපි කැණීම් බාර නිලධාරි සේනක චන්ද්‍රකුමාර, කැණීම් භාර නිලධාරිනි අනුරාධා ප්‍රියදර්ශනී යන පුරා විද්‍යා නිලධාරින් සහ නිලධාරිනියන් විසින් අම්පාර දිසා ලේකම් කාර්ලයේ දී ඊයේ (23) මෙය පරීක්ෂා කරන ලදී.

මෙම පරීක්ෂණය අවසානයේදි රත්රන් කරඬු හතරක වැඩ සිටි ධාතුන් වහන්සේලා 6නම සඳහා බෞද්ධ පිළිවෙත්වලට අනුව වතාවත් ඉටු කරන ලදී.

එම ධාතුන් වහන්සේලා මහජන ප්‍රදර්ශනය සදහා දීඝවාපි රජමහා විහාරස්ථානයේ පහසුකම් සපයන බවත් ඒ සදහා දැනට පවතින කොරොනා තත්ත්වය මත තීරණ ගැනීමට සිදුවන බවත් දිසාපතිවරයා පැවසීය.එතෙක් අම්පාර දිසා ලේකම් කාර්යාලයේ විශේෂ කුටියක මෙම ධාතුන් තැන්පත් කර නිසි පරිදි පුජා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

 



අදහස් (2)

දීඝවාපී දාගැබේ ශෛලමය මංජුසාවක රන් කරඬු 4ක් - පළිඟු කරඬුවක්

සදිසා Thursday, 26 November 2020 01:24 AM

නොයෙකුත් විරෝධතා හා ඡන්ද විමසීම් වැනි දෑ ඇතිවන කලට ගංගා දෙබෑකර නාගයින් මතුවීම, ධාතු වැඩීම ආදී ආශ්චර්යයන් සිදුවීම එදා පටන් මෙසිරිලක අළුත් දෙයක් නොවේ.

:       1       0

sharm warn Thursday, 26 November 2020 02:48 AM

හරිම සතුටුයි මේ පුවත ගැන. මේ ධාතූන් වහන්සේලා ඉක්මණින් ආපසු නිසි ගෞරවයෙන් යුතුව තැන්පත් කරනවා නම් ඒවා සුරක්ෂිතව තියේවි. එළියේ තියෙන කොට ඉතින් අයිතිකාරයෝ එහෙම පහළ වෙන්නත් පුළුවන්.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 654 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1108 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site