
(එම්. සුසිල් ප්‍රියන්ත)
තොටගමුව පාලම අසලින් දිය නෑමට ගිය අට හැවිරිදි පිරිමි දරුවකු හා සත් හැවිරිදි දියණියක අද (25 ) පස්වරුවේ දියේ ගිලී මරුමුවට පත්වී ඇතැයි මීටියාගොඩ පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ තොටගමුව වැරැල්ලාන රිදීගම පදිංචි කේ.සසිදු සිතුමිණ හා ඒ.රිද්මි විහංගා නමැති දරු දෙදෙනා බවද පොලීසිය කියයි.
දියේ ගිලී ජීවිතක්ෂයට පත්වූ මේ දරු දෙදෙනා එකම නිවසක වෙසෙන එකම පවුලක සහෝදරියන් දෙදෙනෙකුගේ දරුවන් දෙදෙනෙකු බවද පොලීසිය පවසයි.
ඥාතීන් පිරිසක් සමග මේ දරු දෙදෙනා තොටගමුව පාලම අසල දිය නාමින් සිටි බවත් ඔවුන් දෙදෙනා දියේ ගසා ගෙන ගොස් ඇති බවත් පොලීසිය කියයි.
දියේ ගසා ගෙන ගිය මේ දරු දෙදෙනා වැඩිහිටියන් පිරිසක් විසින් බේරාගෙන බලපිටිය රෝහලට රැගෙන යමින් සිටියදි දෙදෙනාම ජීවිතක්ෂයට පත්වී ඇති බවද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කණගාටුයි... දෙමාපියන්ගේ නොසැලකිලිමත් කම තමයි.
මීට වඩා හොඳයි.. දරුවන් නොහදා හිටියා නම්...