(ප්‍රින්ස් රත්නායක)
ඉදිරියේදී රටේ අවශ්‍යතාවයක් ඇතිවුවහොත් ලේ බැංකු සතු රැධිර සංචිත වැඩිකර ගැනීමට ගත් තීරණය අනුව බළන්ගොඩ මූළික රෝහලේ ද අතිරික්ත රුධිර සංචිත පවත්වා ගැනීම පසු ගිය 22 වැනිදා සිට ආරම්භ විය.
ඒ අනුව 26 වැනිදා වන විට දින 05 ක් තුළ විශේෂ අවශ්‍යතා මත ඇඳිරි නීතිය පනවා තිබුණ අවස්ථාවේදී ද රුධිර පරිත්‍යාග කිරීමට බළන්ගොඩ මූළික රෝහළට තරුණ පිරිස් 150 ක් එක්වූ බව බළන්ගොඩ මූළික රෝහල් රුධිර ඒකකය භාර වෛද්‍ය නිලධාරී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බළන්ගොඩ රෝහලේ ලේකම් වෛද්‍ය කේ.ජේ.කේ කොතලාවල මහතා පැවසීය.
එම පිරිස් සංවිධාන කටයුතු බළන්ගොඩ පොලිස් මහජන සම්බන්ධතා නිලධාරී ඉරෝෂන් ජයසේකර මහතා විසින් සිදුකළේය.
බළන්ගොඩ සමාජ සංවර්ධන පදනමේ අධ්‍යක්ෂ තුඹගොඩ සුදර්ශන මහා විහාරයේ විහාරාධිකාරී ඉඹුල්පේ විජිතවංශ හිමි, බළන්ගොඩ නාගරික මන්ත්‍රී හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බළන්ගොඩ සංවිධායක අකිල සාලිය එල්ලාවල බළන්ගොඩ නාගරික මන්ත්‍රී නදීශාන් වික්‍රමාරච්චි ඇතුළු ප්‍රදේශයේ තරුණ පිරිස් මීට එක්වූහ.
රුධිර පරිත්‍යාගයට ස්වාමීන් වහන්සේලාද එක්ව සිටීම විශේෂත්වයකි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd