IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


දැවෙන විහඟුන් සම්මාන උලෙළ දෙකකට

2017-01-23-ent-125

2017-01-23-ent-124තරුණ සිනමා අධ්‍යක්ෂවරයෙකු වන සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ දැවෙන විහඟුන් චිත්‍රපටය (Burning Birds) 40 වැනි ගොතන්බර්ග් අන්තර්ජාතික සිනමා උලෙළේ (Göteborg Film Festival) ඉංග්මාර් බර්ග්මාන් සම්මානය සඳහා වන තරඟකාරී අංශයට තේරී පත් වී තිබේ. ස්වීඩනයේ ගොතන්බර්ග්නුවරදී එළඹෙන 27 වැනිදා සිට පෙබරවාරි 06 වැනිදා දක්වා පැවැත්වෙන ස්කැන්ඩිනේවියානු කලාපයේ ප්‍රධානතම සිනමා උලෙළදවන ගොතන්බර්ග් අන්තර්ජාතික සිනමා උළෙලේ "ඉංග්මාර් බර්ග්මාන් සම්මානය" සඳහා නිර්දේශවූ පළමු ශ්‍රී ලාංකික සිනමා කෘතිය වන්නේද "දැවෙන විහඟුන්" චිත්‍රපටයයි.

මේ අතර, දැවෙන විහඟුන් චිත්‍රපටය46 වැනි අන්තර්ජාතික රොටර්ඩෑම් සිනමා උලෙළේ "දීප්තිමත් අනාගතයක් සහිත සිනමාකරුවා" තරග අංශයටදතෝරාගෙන තිබේ. එම සිනමා උළෙල අනිද්දා(25දා) සිට පෙබරවාරි 05වැනිදා දක්වා නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නුවරදී පැවැත්වේ.දැවෙන විහඟුන් චිත්‍රපටයේ පළමු යුරෝපීය සිනමා උලෙළ නියෝජනය රොඩර්ඩෑම් සිනමා උළෙලින් ඇරඹෙන අතර, සංජීවගේ ප්‍රථම සිනමා කෘතිය වන ඉගිලෙන මාළුවෝ (Flying Fish) සිනමා නිර්මාණයද2011 වර්ෂයේදී මෙම සම්මාන උලෙළ නියෝජනය කිරීමට සමත්විය.

පසුගිය ඔක්තෝබර් මස පැවැති 21 වැනි බුසාන්අන්තර්ජාතික සිනමා උලෙළේ තරගකාරී අංශයසඳහා තේරුණු දැවෙන විහඟුන් චිත්‍රපටය, 17 වැනි ටෝකියෝ ෆිල්ම්එක්ස් අන්තර්ජාතික සිනමා උ‍ලෙළේදී ජූරියේ සුවිශේෂ සම්මානය දෙවැනි ස්ථානයද දිනාගත්තේය.

මහේන්ද්‍ර පෙරේරා, සමනලී ෆොන්සේකා, අනෝමා ජනාදරී, චාන්දනී සෙනවිරත්න, ලියෝනි කොතලාවල, ශ්‍යාම් ප්‍රනාන්දු, දසුන් පතිරණ, පුබුදු චතුරංග, ධර්මප්‍රිය ඩයස්, තිස්ස බණ්ඩාරනායක, ප්‍රියංකා සමරවීර, දර්ශන් ධර්මරාජ්, සංජීව දිසානායක ඇතුළු පිරිස රංගනයෙන් දායකවන දැවෙන විහඟුන් චිත්‍රපටය සංජීව පුෂ්පකුමාරගේ දෙවැනි වෘත්තාන්ත චිත්‍රපටයයි.

 

සමිත් බෝධිපක්ෂ

 

2017-01-23-ent-126



අදහස් (0)

දැවෙන විහඟුන් සම්මාන උලෙළ දෙකකට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මධ්‍යම අධිවේගයේ සිමෙන්ති බාල්ක කඩා වැටේ
2024 මැයි මස 05 21 0

ඉදි වෙමින් පවතින කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ මගලෙගොඩ හා බෙම්මුල්ල අතර කොටසේ කණු මතින් ඉදි වෙන මාර්ගයේ දෑවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් පෙරේදා 4 පස


ආසියාවේ වැඩිම වීසා ගාස්තුව ශ්‍රී ලංකාවේ
2024 මැයි මස 05 45 0

ශ්‍රී ලංකාව ආසියාවේ වැඩිම වීසා ගාස්තු අය කරන රට බවට පත්ව ඇතැයි මෙරට සංචාරක සේවා සපයන ආයතන පවසයි.


මිනිබිරියගේ දිවි බේරූ මිත්තණිය ත්‍රීරෝද රියට බිලි
2024 මැයි මස 05 79 0

සිය මිනිබිරිය ත්‍රිරෝද රියක ගැටී සිදුවීමට ගිය අනතුර වළක්වා ගැනීමට උත්සාහ කළ මිත්තනිය එම ත්‍රිරෝද රියේ ගැටී මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.


යුද හමුදා සාමාජිකයන් 9770 ක් සේවයෙන් ඉවතට
2024 මැයි මස 05 78 0

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ යුද හමුදා සාමාජිකයන් 9770 ක් සේවයෙන් ඉවත් කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර මහතා පැවැසීය.


‘මේක අරුම පුදුම ආණ්ඩුවක්‘
2024 මැයි මස 05 205 0

අද තිබෙන්නේ අරුම පුදුම ආණ්ඩුවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


පොකට් ගැසූ පොලිස් කත මාට්ටු
2024 මැයි මස 05 209 0

මහනුවර ප්‍රධාන පෙලේ ඇඟලුම් අලෙවි මධ්‍යස්ථානයකදී කාන්තාවකගේ මුදල් පසුම්බියක් සොරකම් කළ බව කියන පොලිස් කොස්තාපල්වරියක මහනුවර මූලස්ථාන පොලිසියේ අපරා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 489 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1936 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1704 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site