IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දැරියට පහර දුන් ලොකු අම්මා පොලිස් බාරයට

( ප්‍රියානි මංගලිකා )

මව් සෙනෙහස අහිමි වයස අවුරුදු හතරයි මාස නවයක් වයසැති  දැරියකට ඇගේ ලොකු අම්මා විසින් අමානුෂික ලෙස පහර දී වදහිංසා සිදුකර තිබියදී,  ලැබුණු තොරතුරක් මත දැරිය පොලිස් බාරයට ගෙන සැකකාර ලොකු අම්මා අද (17 ) දා අත්අඩංගුවට ගත් බව නිකවැරටිය පොලිසිය පවසයි.

ලද තොරතුරකට අනුව දැරිය පොලිස්බාරයට ගන්නා අවස්ථාවේ පොල්ලකින් පහර දීමකින් සිදු වූ තුවාලද ,පිලිස්සීම් හා සපා කෑම් තුවාලද සිරුරේ තිබු බවද දැරිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා නිකවැරටිය රෝහලට ඇතුළත් කළ බවද පොලීසිය සඳහන් කරයි

දැරියගේ මව ඇය කුඩා කාලයේදීම මියගොස් ඇති අතර , පියා වෙනත් විවාහයක් කර ගැනීමෙන් පසුව දැරිය පරිවාස භාරයේ සිටියදී ,ඇගේ ලොකු අම්මා කෙනෙකු විසින් දැරිය  භාර ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවද පොලීසිය සඳහන් කරයි .

දැරිය පෙරපාසැල්ද නොයවමින්,නිසි ලෙස ආහාර පානාදිය පවා ලබා නොදෙමින් සැකකාර ලොකු අම්මා විසින් දැරියට කලක සිට වදහිංසා සිදුකර ඇති බවට පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බවද, නිකවැරටිය, හැවැන්පැලැස්ස ප්‍රදේශයේ පදිංචි තිදරු මවක් වන  එම සැකකාර කත අද 17දා නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි .



අදහස් (13)

දැරියට පහර දුන් ලොකු අම්මා පොලිස් බාරයට

Akila Thursday, 17 September 2020 07:13 AM

දැරියගේ පියා දන්නේ නැද්ද ළමයා බලාගන්න.

:       0       112

janabala asamagi Thursday, 17 September 2020 09:36 AM

පියා වෙනින් දැරියක් බලාගන්න ගිහින් නොව.., ඉතින් මොකද කරන්නේ?

:       3       64

lalaniThursday, 17 September 2020 10:44 PM

තමන්ගේම දරුවන්ට අමානුෂික ලෙස පහරදෙන, බනින, වද දෙන, සාපකරන අම්මාද කොළඹ අවටම ඇත. වැදගත් රැකියාවල් කරමින් තමන්ගේම සැමියා සමග ඇති ආරවුල් වලින් තමන් ජයගැනීමට සිතා සිඟිති දියණියට පොලිස් පැමිණිලි දමන අම්මලාද ඇත. දරුවන් ගැන සොයන ආයතන සොයා බලන්න. සැමියාගෙන් හෝ බිරිඳගෙන් පළිගැනීමේ චේතනාවෙන් දික්කසාදය නොදී පොලිසියමින්, නඩු කියමින් සිටින, නමුත් දික්කසාදය නොදි්‍ දරුවන්ව හිඟන්නාගේ තුවාලය සේ තබාගන්නා නමට දෙමව්පියන්ද ඇත. දිගින් දිගටම ආරවුල් ඇති පවුල්වල දෙමව්පියන් උදේ සවස පොලිසි, උසාවි නොයා ඉක්මණින් වෙන්වීමට හැකි වාතාවරණයක් හැදිය යුතුයි. අද අපේ රටේ වී ඇත්තේ දික්කසාද ගන්න.. කණ කැස්බැවා වියසිදුරෙන් අහස බලනවා වගේ කරලා නිසා දරුවන් අදාළ දේපල නෑදෑයින් මහළු දෙමව්පියන් සියල්ලම වසර ගණනාවක් නොවිඳිනා දුක් විඳලා අන්තිමට දික්කසාද වෙලා අවසන් වීමයි. එවිට ඒ සැමගේ ජීවිතවල වටිනාකාලය පොලිසිවලට, උසාවිවලට ගෙවී අවසන්. මෙය නතර කිරිමට නීති සම්පාදකයින් වගබලා ගන්න..

:       0       0

විජේ Thursday, 17 September 2020 07:27 AM

ජීවිතේ අපායක්, අහිංසක කිරිසප්පයො දුක් විදීම කොහොම ඉවසන්නද. මේ දරුවගෙ අනාගතේට මොනවනං වෙයිද. දැන්වත් තාත්තගෙ ඇස් ඇරුනොත්.......

:       0       145

Raveendra Thursday, 17 September 2020 08:24 AM

අනේ මෙහෙමත් කාලකන්ණි ගැණු නොදකින්... රත්තරං දූ පැටියෙකුට මෙලෙස දඬුවම් කරන්න තරමට සිත් පිත් දූෂ්‍ය වෙලා නොවේද..? අම්මා නැති කළ අප්පා ගැන කුමන කතාද කිව්වා සේ අම්මා නැතිකළ ලොකු අම්මා යක්ෂණියක්ය යන්න නිවැරදියි.

:       0       570

Gayan Thursday, 17 September 2020 09:26 AM

මේ වගේ අයට නම් පණුවො ගහන්න ඕනේ...

:       0       124

Asanka Thursday, 17 September 2020 10:03 AM

කුඩා කාලේ සිටම දුක් වින්ද මේ දරුවා ලොකු වෙද්දී අනිවාර්යයෙන් සමාජය කෙරෙහි වෛරයක් ඇතිකර ගන්නවා. කරුණාකරලා හැකි කෙනෙක් ඉන්නවා නම් මේ අහිංසක දරුවාව දරුකමට හදාගන්න අවසර ගන්න. පරිවාසෙ දැම්මත් ඔය දරුවාට හොඳ අනාගතයක් ලැබෙන්නේ නැහැ.

:       0       48

RaveendraThursday, 17 September 2020 12:09 PM

ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය.

:       0       32

දිමුත් Thursday, 17 September 2020 10:51 AM

නොදකින් මේ වගේ ගෑණු!

:       0       38

sugathThursday, 17 September 2020 01:27 PM

වැඩේ කියන්නේ මේ අය දකින්ට ඉන්න එකනේ...

:       0       33

Upul Thursday, 17 September 2020 01:13 PM

ඔබ, මම ඇතුළු සියලු ලෝක සත්වයෝම ස්වභාව ධර්මයේ අතුරුඵල... ඉන් එහාට මිනිස්සුන්ට ඇත්තටම ආදරය කරන දවසක් එයිද? අනිකා කළ නොකළ දේ ගැන නොසිතා තමුන් වැඩදායක පුද්ගලයෙකු වන්න... ඒකයි මගේ කාරුණික ඉල්ලීම...

:       0       14

Pradeep Thursday, 17 September 2020 03:09 PM

අම්මා නැති කලට අප්පා කවර පලේ කියලා කියන්නේ නිකමට නෙමෙයි

:       0       35

kapila Thursday, 17 September 2020 05:18 PM

මොකද බන් මේ රටේ මිනිසුන්ට වෙලා තියෙන්නේ? මේවා ධර්මද්වීපයකින් ඇසෙන පුවත්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 236 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 622 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 548 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1368 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2829 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1843 1

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site