IMG-LOGO

දරුවා පාසලට ඇතුළු කරගන්නැයි උපවාසයේ යෙදුණු මව රෝහල්ගතකරයි

(අනීෂා මානගේ)

වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළු කර නොගන්නා බව කියමින් විද්‍යාලයේ ගොඩනැගිල්ලක වහළය මතට නැග මාරාන්ත උපවාසයක් ආරම්භ කළ මව  අසාධ්‍ය තත්ත්වයෙන්  තංගල්ල මූලික රෝහලට අද (22) ඇතුළත් කර ඇත.

වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ 2019 වර්ෂයේ පළමු ශ්‍රේණියට අයැදුම් කර ඇති විද්‍යාලය ආසන්නයේ පදිංචිව සිටින සන්ධ්‍යා කුමාරි ලියනආරච්චි මහත්මිය මෙලෙස ඊයේ (21)  අලුයම් කාලයේදී උපවාසයක් ආරම්භ කළාය.
 
දෙවැනි පාසල්වාරය ආරම්භ වුවද මෙම දරුවාට මෙතෙක් පාසලක් ලැබී නොමැති බව ඇය කියයි.

දරුවාගේ මව උපවාසයේ නිරත වෙමින් සිටින අතරතුර කුඩා දරුවා පාසල් ඇඳුමින් සැරසී විද්‍යාලය ඉදිරිපිට ඔහුගේ මිත්තණිය සමග සිටියේය.

පෙරේදා රාත්‍රී කාලයේ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව මධ්‍යයේද කාන්තාව වහළය මතට නැග උපවාසය අත්නොහැර සිටි අතර ඇය රෝගී තත්ත්වයේ පසුවිණි.
 
 මේ හේතුවෙන් සුවසැරිය ගිලන් රථය ගෙන්වා ඇය තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීහු ක්‍රියාකළහ. 

 



අදහස් (9)

දරුවා පාසලට ඇතුළු කරගන්නැයි උපවාසයේ යෙදුණු මව රෝහල්ගතකරයි

sunanda Wednesday, 22 May 2019 07:26 AM

මූලික අවශ්‍යතාවක් ආණ්ඩුව විසින් සපුරා දිය යුතුය....

:       1       53

සුපුන් Wednesday, 22 May 2019 08:45 AM

හැම දේටම ආණ්ඩුවට බනින එකත් සිරිතක් වෙලා. එක අතකින් පොලිටික්කෝ කරන දේවල් වල හැටියට එහෙම නොවීත් බැහැ. හැබැයි මෙතන තියෙන්නේ වෙන දෙයක්. කිසිම ළමයෙක්ට ඉස්කෝලයක් නොලැබෙන්නේ නෑ. මේ අයට ඕන කරපු ඉස්කෝලේ ලැබිල නෑ, එතකොට බලෙන් හරි ළමය දාගන්න තමයි බලන්නේ. මේකත් එක විදිහක බලහත්කාර කමක්. ලංකාව හැදෙන්න නම්, මේ විදිහේ අම්මලටත් දඬුවමක් දෙන්න ඕන මොකද දැන් නාස්ති වුනේ ඔබෙත් මගෙත් පාන් ගෙඩියෙනුත් ගෙවුව බදු සල්ලි.

:       37       106

BamunuarachchiWednesday, 22 May 2019 10:52 AM

පාන්ගෙඩියට ගෙවපු බදු සල්ලි වලින් 15000 අර අහවල්ලු තමන්ගේ පැසෝන් එකට දාගන්නවට කතාවක් නැහැ, සිංගප්පූරුවේ ඉස්පිරිතාලවල බෙහෙත් ගන්න ගියාට කමක් නැහැ මේ අම්ම ඉස්පිරිතාලෙට ගෙනිච්චාමයි මේ උන්දැට බදු සල්ලි වලට මොකද වෙන්නේ කියලා මතක් වෙලා තිබෙන්නේ. අනේද කියන්නේ.

:       0       0

BamunuarachchiWednesday, 22 May 2019 11:22 AM

ඔබේත්, මගේත් පාන්ගෙඩියට ගෙවූ බදුසල්ලි රුපියල් 10ක් විතරවේවි... ඕක මොකක්ද?

:       15       0

BamunuarachchiWednesday, 22 May 2019 11:26 AM

එ්කනේ අපේ ළමයින්ව රජයේ පාසල්වලට දාලා කාගේවත් බදු සල්ලිවලින් උගන්වන්නේ නැහැ. හැබැයි ඒ ළමයින්ගේ දැනුමෙන් රටට සේවයක් බලාපොරොත්තු වෙන්නත් එපා.

:       8       0

ලසන්ත Wednesday, 22 May 2019 09:21 AM

මේවාට හේතුවන විදුහල්පති මාපියාව වහාම අවසන්කිරීමට පියවර ගතයුතුය

:       57       89

Sriyal Wednesday, 22 May 2019 09:30 AM

ලේකම් තුමාලට සල්ලි දුන්නා නම් ළමයට පාසලක් ලැබෙයි. ලගම ළමයි නොවේ හැම පාසලකම ඉන්නේ, මේක හොඳ ව්‍යාපාරය ක්

:       3       50

Athula Wednesday, 22 May 2019 10:45 AM

බදියුර්දීන්ට කියන්න එපායැ... එක කෝල් එකනේ...

:       0       0

Dhammika Wednesday, 22 May 2019 11:02 AM

නොදන්නා අය මගුලක් කියන්න එපා අපේ පවුලේ දරුවෙකුට කිසිම පාසලක් ලැබුනේ නැහැ , ආසන්න පාසල් 2ක් ම තිබිල ඉඩ මදි , ආදී ශිෂ්‍ය නොවේ වගේ හේතු කියල. අන්තිමේ බැරිමරගාතේ ගෙවල ජාත්‍යන්තර පාසලකට දා ගත්ත දරුවාගේ වාසනාව කියල හිතෙනවා දැන් අධ්‍යාපන මට්ටම දෙස බලද්දී

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 81 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 503 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 932 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site