(ඩයනා උදයංගනී)
ඇමති රිෂාඩ් බදියුදීන් මහතාට හා ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාසභංගයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම රට වෙනුවෙන් ගත හැකි හොඳම තීන්දුව ගන්නා බව එම පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉතා නිවැරදි තීන්දුව ගන්නා බව කී මහලේකම්වරයා එය කුමක්ද යන්න අවසාන මොහොතේදී දැක ගත හැකි වනු ඇතැයි ද සදහන් කළේය.
තවමත් මෙයම විශ්වාසභංග න්‍යාය පත‍්‍රයට ඇතුළත් කර හෝ ඡන්ද විමසීම පවත්වන දිනයක් ගැන තීන්දු කර නොමැති නිසා තීරණයක් ගැනීමට හදිසි විය යුතු නැතැයි ද දයාසිරි ජයසේකර මහතා මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ජනතා විමුක්ති පෙරමුණ රජයට එරෙහිව ගෙනැවිත් තිබෙන විශ්වාසභංගයේ ඇති කරුණු හෝ තම කණ්ඩායම මෙතෙක් නොදන්නා බවද මහලේකම්වරයා ප‍්‍රකාශ කළේය.
මෙම විශ්වාසභංග සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න ගැන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අවබෝධයකින් යුතුව කටයුතු කරන බව කී මහලේකම්වරයා ඒ සම්බන්ධයෙන් ඊයේ (20) දිනයේදීත් පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම සාකච්ඡා කළ බව සඳහන් කළේය.
COMMENTS
ආණ්ඩුව සමඟ කතා කරගත් ආකාරයට, වෙලාවට පාර්ලිමේන්තුව තුළ නොසිටීම හෝ විරුද්ධව ඡන්දය දීම නියතයි.
රට, ජාතිය ගැන හිතුවොත් ජනතාව ආයෙත් එවයි.
කිරිගහට ඇන්නා වගේ කියන්නම් ඕකත් අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය තියාගෙන වෙනත් පක්ෂයක් දිනවන්න වැඩ කරන අයට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමට "පක්ෂය වෙනුවෙන් ගත හැකි හොඳම තීන්දුව" ගත්තා වගේ වැඩක් වෙනවා නියතයි.
ඉස්සර ජනතාව ඉදිරියේ හොඳ ප්‍රතිරූපයක් ගොඩ නගාගෙන සිටි මොහුට වුන විනාශයක් ?