IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දඹුල්ලේ පුද්ගලයකු ටයර් දමා පිළිස්සීමේ සිද්ධියට තිදෙනකු අත්අඩංගුවට

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ඉහළ ඇරෑවුල ගෝන වැව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කර ටයර් දමා පිලිස්සීමේ සිද්ධිය සම්බන්ධ බවට සැක කරන  පුද්ගලයන් 3 දෙනකු මාතලේ කොට්ඨාස අපරාධ අංශය මගින් සැකපිට අත්අඩංගුවට දඹුල්ල පොලිසියට භාරදී තිබේ.

පසුගිය 16 වන දින දඹුල්ල ඉහළ ඇරෑවුල ගෝන වැව ප්‍රදේශයේ වන ලැහැබක් තුළ ටයර්  දමා නාඳුනන අයෙකු පුළුස්සා ඇති බව පොලිසිය සොයා ගෙන තිබිණි.
 
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් බොහෝ දෙනා අතර දැඩි කතාබහකට ලක්ව තිබිණි.
 
පොලිසිය අත්අඩංගුවට ගත්  පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ මෙසේ මියගොස් ඇත්තේ වැලි ටිපර් ‍රියදුරන්  ලෙස කටයුතු කළ කහවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු බවයි.
 
සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇත්තේ ද තවත් වැලි ටිපර් හිමි කරුවන් තිදෙනෙකු බව පොලීසිය කියයි.
 
 ගෝන වැව ඉදිකිරීම් සඳහා වැලි සපයන පිරිසක් බව පොලීසිය කියයි .මියගිය වැලි ටිපර් කරුගේ බිරිඳ සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන යන  ප්‍රධාන සැකකරු බව පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබේ.
 
මෙම පුද්ගලයා ඝාතනය කිරීම සඳහා අනෙක් සැකරුවන් දෙදෙනාගේ ද සහය ලබාගෙන ඇති බව පොලීසිය කියයි. මෙම පුද්ගලයා ඝාතනය කිරීමට දින කිහිපයකට ඉහත දී වෙනත් ටිපර් රථයක් හරහා පරණ ටයර් මෙම ස්ථානයට ගෙනවිත් දමා තිබෙන බවත් පසුව  16   දින ප්‍රධාන සැකකරු මියගිය පුද්ගලයා සමග දඹුල්ලට පැමිණ මත්පැන් සාදයක් පවත්වා උදැල්ලකින් ගෙල කපා ඝාතනය කර  පරණ ටයර් දමා ගිනි තැබූ බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස් ..පී .එදිරිසිංහ මහතා පැවසීය.
 
 සැකකරුවන් තවදුරටත් ප්‍රශ්න  කරමින් සිටින බවත් අධිකරණ නියෝගයක් ලබාගෙන ඉදිරියේදී තවදුරටත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන බව පොලීසිය කියයි.



අදහස් (4)

දඹුල්ලේ පුද්ගලයකු ටයර් දමා පිළිස්සීමේ සිද්ධියට තිදෙනකු අත්අඩංගුවට

Amara Tuesday, 30 June 2020 06:29 AM

රාත්‍රී වැලි ප්‍රවාහනය නතර වෙලා ඇතිවෙන ගැටලු...

:       0       1

fairoos Tuesday, 30 June 2020 07:20 AM

මාස 3න් ඇප මත මුදාහරින්න..

:       0       5

Prabha Tuesday, 30 June 2020 09:45 AM

මේක සිදුවුණු දවස්වල සමහරු මේකේ කියපු කියපු දේවල්වල හැටියට මම හිතුවේ සැකකරුවන් හැටියට ඉහළ පෙලේ දේශපාලකයින් කියලා...

:       0       3

Raveendra Tuesday, 30 June 2020 11:30 AM

ම්ලේච්ඡයින්ට ම්ලේච්ඡයින් ලෙසම සැලකිය යුතු බව අපට පමණක් සිතෙන්නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 42 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site