(ජේ.කේ.එල්.චාමින්ද)
දකුණු පළාත් සභාවේ උසස් පරිපාලන නිලධාරීන් කිහිපදෙනෙකු වෙත ස්ථාන මාරුවීම් ලබාදීමට දකුණු පළාත් ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා අද (18) පියවර ගනු ලැබීය.
මේ අනුව දකුණු පළාත් සභාවේ ධීවර සත්ව නිෂ්පාදන පරිසර ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුකු කරනු ලැබූ ඒ. යූ වේලාරත්න මහතා දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම්වරයා වශයෙන් පත්කරනු ලැබ ඇත.
දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම්වරයා ලෙස කටයුතු කළ ඩබ්. යූ ජී. ප්‍රේමචන්ද්‍ර මහතා දකුණු පළාත් සභා ලේකම්වරයා වශයෙන් පත්කරනු ලැබ ඇත.
දකුණු පළාත් සභාවේ සභා ලේකම්වරයා ලෙස කටයුතු කළ කේ. එල් දයානන්ද මහතා පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ.
දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විදුර කාරියවසම් මහතා පළාත් ධීවර සත්ව නිෂ්පාදන පරිසර කටයුතු ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්කිරීමට දකුණු පළාත් ආණ්ඩුකාරවරයා කටයුතු කරනු ලැබ ඇත.
2025 දෙසැම්බර් මස 30
97
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
738
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
363
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දකුණු පළාත් සබේ පුටු මාරුවක්