නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පස්දෙනෙකු සැප්තැම්බර් 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය.
අධිකරණ නියෝගයක් කඩ කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැතිවරයාට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.
කලුතර ප්‍රදේශයේ වතු යායක වතු හිමිකරුගේ විරෝධය නොතකා මළ සිරුරක් වළ දැමීමට ගොස් ඇති වූ සිද්ධියකදී පොලීසිය විසින් ගෙන තිබූ අධිකරණ නියෝගයක්ද නොතකා එම සිරුර වළ දැමීම සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ල වී තිබේ.
(28535)
COMMENTS
හොඳ වැඩේ...!!!
තෙවරප්පෙරුම ඔබ අපිට වීරයෙකි...
නියමයි !! අති උත්කෘෂ්ටයි !!! මේ විදියට තමා වෙන්න ඕනේ. පක්ෂ පාට භේදයකින් තොරව නිතිය අතට අරගෙන ක්‍රියා කරන දේශපාලු අන්ධයින්ට. මේ විදියටවත් ගියොත් බොරු වර්ජන, ගර්ජන, උද්ගෝෂණ, කඩාකප්පල් කාරී ක්‍රියා නවත්තලා පොදු ජනයාට හා අනාගත පරපුරට ජිවත් වෙන්න රටක් ඉතිරිවෙයි.
හිතාගෙන හිටියේ මන්ත්‍රී උනහම හැමෝගෙම රස්සාව කරන්න ඕනි කියල. හොඳ වැඩේ .
ඔන්න යහපාලනය. කව්රු උනත් නීතිය පොදු වෙන්න ඕන. මොනවා උනත් හැම ප්‍රශ්නයකදීම කතාකරන මනුෂ්‍යයෙක් කට පොඩ්ඩක් පරිස්සම් කර ගත්තනම් හොඳයි කියල හිතෙනවා .
"බඩුත් ඒ ගොල්ලන්ගේ, නඩුත් ඒ ගොල්ලන්ගේ " කියන්නේ ඇත්තටවත්ද මන්දා අප්පා... ඉස්සරහට වෙන්න පුළුවන් කියලා හිතන දේවල් ගැන කල්පනා කරනකොට සර්වාංගෙම හිරි වැටෙනවා.
මෙයාගේ අසනීපෙට බෙහෙත් ගත්තනම් හරි .
බල්ලාගේ වැඩේ බුරුව කරන්න ගියාම ඔහොම තමා වෙන්නේ.....
පව් ... කළ යුතු දේ සහ නොකළ යුතු දේ ගැන අවබෝධයක් නොමැති, ජනතාව විසින් පත්කරන ලද ජනතා සේවකයෙක්..
හිරේ යන්න ඕනෑ යහපාලන සෙට් එකක්ම ඉන්නවා. එ්ත් ඉතින් එයාලට හිරේ පුරුදු නැති නිසා පුරුදු එක්කෙනෙක් දානවා වැඩේට, ඡන්දෙත් ළඟ නිසා මොනවා හරි කරන්නත් එපැයි.
මේක හිතාමතාම කළ දෙයක් කියලයි මට නම් හිතෙන්නේ. මේ විදියට ගැලරිය ආමන්ත්‍රණය කරලා ඡන්ද ගන්න ලේසි බව මෙයාගේ පළපුරුද්දෙන් දන්නවා. ළඟදීම ඡන්දයත් එන්න තියෙනවනේ...
මේ ප්‍රශ්නය මම හොඳින් දන්නවා. වත්තේ අලුත් අයිතිකාරයා නඩු කාරයාගේ යාළුවෙක්. ඒ නිසයි මේ විදිහට මේ නඩු තීන්දුව ලියවුනේ. තෙවරප්පෙරුම මහත්තයා කලේ මානුෂික නීතිය අනුව මැරුණු මිනිහා වැළලීමට උදව් කිරීම පමණයි. මේ නඩුව නැවත විභාග කළොත් නඩුකාරයාට යන්න වෙනවා.
සමහර නළුවෝ ඉන්නවා රඟපාන්න ගියාම අපි කියන්නේ over acting කියලා.. මෙතුමාත් අන්න එහෙම නළුවෙක්... තමන් මොනවද කල යුත්තේ නොකළ යුත්තේ කියලා වෙන්කරලා අවබෝධ කර ගන්න තරන් පුළුවන්කමක් නැති නළුවෙක්... නළුකමත් අාවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙමේ... නළුකම over acting වුණාම රඟපාන චරිතේ චොරවෙනවා....
බල්ලාගේ වැඩේ බූරුවා කරන්න ගියහම ඕක වෙනවා. හොඳ වැඩේ!
බොහොම හොදඊ..ලංකාවේ නුගත් මෝඩ තකතීරු දෙසහපලකයන්ට ඔහොම කරන්න ඕනි....නියමඊ......බොහොම ගරු කටයුත්තක් .....
දේශපාලුවන් හිතං ඉන්නේ අපට මේලෝකේ කලනොහැක්කක් නොමැත යන න්‍යායෙන් බැවින් මෙවන් කුළුහරක් කැලාවටම එලවා දැමිය යුතුය.
මෙම මන්ත්‍රීවරයා හැසිරෙන්නේ චුටි බබෙක් වගේ. කරන්නෙම මෝඩ වැඩ .මෙයාල හිතාගන ඉන්නේ මේවා කළාම එගොලන්ට ලොකු තැනක් ලබෙයි කියල.එක පාරක් සිය දිවි හානි කරගන්න ගියා. මෙය වගේ අයට රට බාර දෙන්න පුලුවන්ද? ගෙදරකවත් වද්දගන්න සුදුසු අය නම් නෙමි. දරුවකුට ආදර්ශයක් දෙන්නවත් බැරී නරුමයෝ සෙට් එකක්.
කැළණියේ මර්වින් සහ මෙතුමා අතර වෙනසක් නැහැ .
ඔය කවුරු මොහුට මොන චෝදනා කලත් ඔහු ඉතා හොද මානුෂික මනුස්සයෙක් ඔහුට ඉතා කාරුණික හදවතක් ඇති මනුස්සයෙක් ඔය මනුස්සය කොපමණ අසරණයින්ට පිහිට වෙනවද
මෙයාට තියන ලෙඩේ හයිපර්ටෙන්ෂන්...
අතුල.. අැයි අර ඔලුවෙන් හිටගන්නවා කියපු උෟවේ කෙනා.. ට්‍රිබලම එකම රෝගයෙන් පෙලෙනා අය..
කීවරක් පෙරුවත් ඔච්චර තමා
පාර්ලිමේන්තුවට උගත් නියෝජිතයන් පත්කර නොගැනීම නිසා අද විහිළුවක් වෙලා
තෙවරක් නොවෙයි හලෝ දහසය වාරයක් පෙරුවත් මේ කළු කපුටා සුදුකරන්න බැහැ.
හිරේ දාන්න ඔනේ මහ හොරුටි ක යහතින් ඉන්දැද්දී වැඩකට නැති අය ඇතුලේ.