(ප්‍රසාද් රුක්මල් )
බල්ලකෙටුව පිටපොල මාර්ගයේ කබරගල ප්‍රදේශයේදී  ත්‍රීරෝද රථයක්  මාර්ගයෙන් ඉවතට පැන අඩි 1000ක පමණ ප්‍රපාතයට පෙරැළී යාමෙන් පිය-පුතු දෙපළක් මියගොස් තවත් කුඩා දරුවන්  දෙදෙනකු බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව ඇල්ල  පොලිසිය පවසයි.
 

අනතුරින්  බරපතළ තුවාල ලබා දෙමෝදර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත්තේ ඇල්ල හෙලපුපුල මැදපතන ප්‍රදේශයේ පදිංචි පි.සෙල්වරාජ්(35) සහ ඔහුගේ පුත් එස් .කවිශාන්(8)යන දෙදෙනා බව පොලිසිය කීය.
 
හෙලපුපුල ප්‍රදේශයේ වයස අවුරුදු 8 සහ 10 වියේ පසුවෙන කුඩා දරුවන් දෙදෙනකු අනතුරින් තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පැවසීය.
 
මොවුන් රාත්‍රියේ ත්‍රිරෝද රථයෙන් බල්ලකෙටුව සිට හෙලපුපුල බලා යමින් සිටියදී අනතුර සිදුව ඇතැයි පොලිසිය සදහන් කළේය.