(මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම පිටිපන ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුට අයත් සිව්මහල් ගොඩනැගිල්ලක තිබී ඉකුත් 29 වෙනිදා සොයාගත් අවි ගබඩාවට අයත්, තවත් ටී-56 ගිනි අවි දෙකක් උතුර පිටිපන ප්‍රදේශයේ පොලිස් කොස්තාපල්වරයෙකුගේ නිවසක තිබී අද (11) සොයාගත් බව පොලිසිය පවසයි.
හෝමාගම පිටිපන ප්‍රදේශයේ සිව්මහල් ගොඩනැගිල්ලක සඟවා තිබියදී පසුගිය 29 දා, ටී 56 ගිනි අවි 11ක් , ටී 81 වර්ගයේ ගිනි අවි 11ක් සහ ටී 81 වර්ගයේ ගිනි අවියක් සමග පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි .
හෝමාගම පිටිපන සිල්වන්හර්ට්ස් වත්තේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයාගේ අනියම් බිරිඳගේ බව පැවසෙන නිවසක රහස් කුටියක සඟවා තිබියදී තවත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හෝමාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි .
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය කරගත් තොරතුරු වලට අනුව අතුරුගිරිය හබරකඩ මුල්ලේගම ප්‍රදේශයේ නිවසක තිබී ටී 56 ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
එසේ අත්අඩංගුවට ගත් සැකකරු කෝටිපති ව්‍යාපාරිකයාගේ මිතුරෙකු වන අතර පොලිස් භාරයට ගත් ගිනි අවිය පිටිපන අවි ගබඩාවට අයත් එකක් බවට කරුණු අනාවරණය කර ගෙන තිබුණි.
ඒ අනුව දිගින් දිගටම සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය කරගත් තොරතුරු වලට අනුව හෝමාගම උතුර පිටිපන ප්‍රදේශයේ නිවසකින් අද (11) මෙම ගිනි අවිය සොයා ගෙන තිබුණි.
එහි දී ගිනි අවියත් සමඟ අත්අඩංගුවට ගත් නිවසේ හිමිකරු පොලිස් කොස්තාපල්, රියදුරෙකු වන අතර ඔහුව අපරාධ පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මගින් අත්අඩංගුවට ගෙන තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාතාලයට සම්බන්ධ එකෙක්වත් ඉතුරු කරන්න එපා. ඕකුන් අහිංසක මිනිස්සුන්ව මරනවා වගේ ඔය පාතාල කාලකන්නි හැත්තවත් බල්ලන්, බලලුන් වගේම මරලා දාන්න. ඔය කාලකන්නි මැරුවා කියලා රටට සෙතක් මිසක් පාඩුවක් නම් වෙන්නේ නැහැ...
පාතාලය හා කුඩු ව්‍යාපාර, මිනීමැරුම් මංකොල්ලකෑම් හා කේරළ ගංජා ආදි දේ සමග සම්බන්ධකම් පවත්වන පොලිස් හා බන්ධනගාර නිලධාරින් අත්අඩංගුවට ගෙන මේ වසංගතයෙන් රටත්, ජනතාවත් බේරාගන්න.
ආවේගශීලීව කිව්වට මැරෙන කෙනා ඇත්තටම පාතාලෙද, නැතිනම් අහිංසකයෙක්ද කියලා දන්නේ කොහොමද? ඒ සඳහා බලය සහිත ගරු අධිකරණයකින් හැර වෙනත් කාටවත් දඬුවම් දෙන්න බෑ. ඒකයි ප්‍රජාතන්ත්‍රවාදයේ උතුම් ලක්ෂණය.
පිටිපන ගබඩාවක් නෙවේ... නිවාඩුවට ගෙදර එන සමහර සොල්දාදුවෝ කියන්න කණගාටුයි. ගිනිඅවිය හොරෙන් අරන් ඇවිත් විකුණනවා. මට බනින්න එපා. මේ ගැන වහාම සොයා බලන්න. මෙය සමස්ත හමුදාවට කැළැලක් වෙන්න කළින්...
මේවා මෙහෙයවන දේශපාලුවෝ අල්ලා ගනිල්ලා, ඔය මිනිසුන්ගෙන් වැඩක් නැත.
ශාන්ත සමිත දාලා තියෙන අදහස් වලට අකමැති කට්ටිය රෑට රෑට සිරිකොතට පස්සේ දොරෙන් රිංගල ඉඳුල් කන බත්බැලයො හරි එහෙමත් නැත්තන් 88/89 කාලෙදි ගෙවල් වලට පැනලා බත් මුට්ටි උස්සන් දිව්ව ජෙප්පන්ගෙන් පැවත එන 3% අලියගේ නැට්ටේ එල්ලිච්ච සීනු කාරයො හරි වෙන්න ඇති.