හර්ෂණ තුෂාර සිල්වා
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් වාර්තාගත ලෙස පහළ යමින් ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 174 ඉක්මවා ගියේය.
මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද (23) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 174.12 ක් ලෙස සටහන් වූ අතර ගැනුම් මිල රුපියල් 170.23 ක් ලෙස දැක්විණි.
පසුගිය මස 21 වැනිදා ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 170 සීමාව ඉක්මවා ගියේය. ඉන් පසුව අඛණ්ඩව අවප්‍රමාණය වෙමින් තිබෙන රුපියල ස්ථාවර අගයක පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් විය.
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මෙම මාසයේ මේ දක්වා කාලයේදී 1.66 % කින් ද සැප්තැම්බර් මාසයේදී 4.7 % කින් ද දුර්වල වී ඇත.
මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 19 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල 10.7 % කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 19 වැනිදා දක්වා කාලයේදී ඉන්දීය රුපියලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 2.4 % කින් වැඩි වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 16
43
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඩොලරය 174 පනී
suran Tuesday, 23 October 2018 08:28 AM
රුපියලට අපමණ අගයක් ලබාදුන් යහපාලන ආණ්ඩුවට අනෙක වාරයක් ස්තුතියි..
Harshana Tuesday, 23 October 2018 10:55 AM
සතුටුයි ලක්ෂ 62 දුන්න අපමණ අගය ගැන හරිම සතුටුයි. වැඩි ගානට තෙල් ගහගෙන වැඩි මුදලට කඩෙන් බඩු අරගෙන ලොක්කෝ දෙන්න ගැන වර්ණනා කර කර යනවා දකිද්දි පුදුම විදියේ සතුටක් තියෙන්නේ...
menna Tuesday, 23 October 2018 12:38 PM
ඔහොම යං ඩොලරේ.