මෙරට කණ්ඩායම් සංගීතයේ පුරෝගාමියකු වූ හා ”ක‍්‍රිස්ටල් සෙට්” සංගීත කණ්ඩායමේ නායක ඩෙරික් ද සිල්වා මහතා (70) 16 වැනිදා අභාවප‍්‍රාප්ත විය. ඔහු සිවු දරු පියෙකි. බිරිඳ ප‍්‍රින්සි මියගොසිනි.
ඔහු පනස් වසරකට අධික කාලයක් පුරා මෙරට සංගීත ක්‍ෂේත‍්‍රය ඔපවත් කළේය.
හැටේ දශකයේ බිහිවූ ලොස් ෆ්්ලැචෙන්ගෝස් සංගීත කණ්ඩායමේ සාමාජිකයකුව සිටියදී එළිදැක් වූ ”කළු කෙල්ලේ ඔබ හරිම හැඩයි” යන ගීතයට ගායනයෙන් සහාය දැක්වූ ඩෙරික් ”ඡයාමායා පෑ සිනා” සහ ”මුදු සිනා සඳේ” ගීත දෙක ගායනා කර ඇත්තේ රුක්මනී දේවිය සමගය.
”වරදට දඬුවම්”, ”කොළොම්පුර්”, ”ඔන්න බබෝ” යන චිත‍්‍රපටවල ස්පාඤ්ඤ භාෂාවෙන් ගීත තුනක් ගායනා කර ඇත.
ඩෙරික් ද සිල්වා චිත‍්‍රපට නැටුම් අධ්‍යක්‍ෂවරයෙක් ද වෙයි.
දේහය කඩුවෙල, කොතලාවල, ගැමුණුපුර, අංක 18 සී, දරන නිවෙසෙහි තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු 19 වැනිදා සවස 4.00ට කොතලාවල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.

2025 ඔක්තෝබර් මස 08
1976
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1547
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඩෙරික් ද සිල්වා මියයයි