කොරෝනා වසංගතයෙන් සමස්ත ලෝකයටම දැඩි බලපෑම් එල්ලවී ඇති තත්ත්වයක් තිබියදීත් ශ්‍රී ලංකාවේ ඉදිරපෙළ සන්නිවේදන පහසුකම් සැපයුම්කරුවකු වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම ශ්‍රී ලංකාව තුළ සන්නිවේදන පහසුකම් සහ සම්බන්ධතා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා කැපවීමෙන් කටයුතු කරයි.
ඩයලොග් සමාගමේ පාර්ශවකරුවන්, පාරිභෝගිකයන්, ව්‍යවසායකයන්, ව්‍යාපාරික පාර්ශවකරුවන් සහ රජය යන ඕනෑම කණ්ඩායමක් වෙනුවෙන් සිය විදුලි සංදේශ යටිතල පහසුකම් සහ ඩිජිටල් සේවා සැපයීම හරහා අඛණ්ඩව ව්‍යාපාරික කටයුතු ඉදිරියට පවත්වාගෙනයාමට ඩයලොග් මනා සූදානමකින් හා කැපවීමෙන් කටයුතු කරයි.
පවතින වත්මන් තත්ත්වය තුළ අන්තර්ජාල පහසුකම් දෛනික අවශ්‍යතාවක් බවට පත්ව තිබේ. මෙවන් පසුබිමක, සමාජ සම්බන්ධතාවලින් දුරස්වී සිටින ශ්‍රී ලාංකිකයන් ඒකරාශී කිරීම සඳහා ඩයලොග් සමාගම තවත් ඉදිරි පියවරක් තබා තිබේ. ඒ සමගම විශේෂ සේවාවන් රැසක් තම පාරිභෝගිකයන්ට ලබාදීමට ද ඩයලොග් සමාගම පියවරගෙන තිබේ.
කොරෝනා වෛරසය පවතින මෙම කාලසීමාව තුළ ඩයලොග් ආසිආටා ලබාදෙන සියලූම සේවාවන් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු දැනගැනීමට https://dlg.lk/3dE7FiI වෙත පිවිසෙන්න.


COMMENTS
ඒ උනාට මේ අයගේ සේවාව ලබා ගන්නා පාරිභෝගියන්ට නම් මේ අයව හොදටම එපා වෙලා නේද ඉන්නේ මේ දවස් වල?
මෙන්න මෙ ගොල්ලො බයවෙලා ....
මෙය බොරුවක් මෙම පුවත අනුව මම ක්‍රියාත්මක කලද එහි සදහන් මෘදුකාංගය බාගත කර භාවිත කිරිමේදී මාගේ ගිණුමෙන් දත්ත ප්‍රමාණය අඩුවිය. මේ පිළිබඳව අදාල ආයතනය දැනුවත් කරන මෙන් ඔබෙන් ඉල්ලා සිටිමි.
සේවාව අඛණ්ඩව ලබාදීම කෙසේ වෙතත් පෙර ගෙවුම් කාඩ්පත් නම් හිඟවීගෙනයි යන්‌නේ. ඒකට ක්ෂණික පිළියමක් යොදන්න වෙයි.