IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ටෙලිෆෝන් 6කට පැය 4 ක්ම කතා කළත් උත්තර නොදුන් තානාපති කාර්යාලයක්

ඔස්ට්‍රියාවේ වියනා නුවර ශ්‍රී ලංකා තානාපතිනිය හා එහි කාර්ය මණ්ඩලය යළි මේ රටට ගෙන්නුවේ අනෙක් තානාපති කාර්යාලවලට ද පණිවිඩයක් දීමට යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (17) කොළඹ දී පැවැසීය.  

තමාට වියානා නුවර ශ්‍රී ලංකා තානාපතිනියට කතා කිරීමට අවශ්‍ය නිසා තම කාර්ය මණ්ඩලය වියානා නුවර තානාපති කාර්යාලයට පැය හතර හමාරක් තිස්සේ උත්සාහ කළද එහි ඇති දුරකථන හයකටම උත්තර දීමට කෙනකු සිට නැති
බව කී ජනාධිපතිවරයා ඒ අනුව එහි තානාපතිනියත් තානාපති කාර්යාලයේ කම්කරුවා දක්වා සියලු දෙනාත් රටට කැඳවූ බව සඳහන් කළේය. 

තානාපතිනියගේ සිට එහි කම්කරුවා දක්වා සියලු දෙනාම අද හෙටම යළි දිවයිනට පැමිණෙනු ඇතැයි කී ජනාධිපති
සිරිසේන මහතා තමා එසේ කළේ අනෙකුත් තානාපති කාර්යාලවලට ද පණිවිඩයක් දීමට යැයි කීවේය.

ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (17) පැවැති
ජාතික ඕසෝන් දින සැමරුම් උත්සවයට සහභාගි වෙමිනි. 



අදහස් (30)

ටෙලිෆෝන් 6කට පැය 4 ක්ම කතා කළත් උත්තර නොදුන් තානාපති කාර්යාලයක්

මෛත්‍රී Tuesday, 18 September 2018 05:52 AM

ඕක ඔච්චර හිතන්න ඔනෙද?

:       50       15

Shan Tuesday, 18 September 2018 06:16 AM

එන්න යන්න වියදම් දෙන්නේ කවුද ආයුබෝවන්?

:       108       43

suran Tuesday, 18 September 2018 06:28 AM

ඕවා රටේ ජනතාවට කියල වැඩක් නැහැ. දුර්වල පාලකයන් සිටින විට මේ දේ වෙනවා

:       216       175

sam Tuesday, 18 September 2018 06:28 AM

ඇති යන්තම් අපේ ජනාධිපතිතුමාට තේරුම් ගියා එතුමා කව්ද කියල.

:       1       78

analyzer Tuesday, 18 September 2018 06:33 AM

කතා කරපු වෙලාව කීයටද? රෑ 10ට පස්සෙ නම් වෙන්න බෑ.

:       78       65

Nuwan Tuesday, 18 September 2018 06:34 AM

අනිවාර්යෙන් එහෙට නිවාඩු දවසක කෝල් කරන්න ඇති ..

:       115       58

Lakshman Doha Qatar Tuesday, 18 September 2018 06:59 AM

ඔය අවුල ඔය රටට විතරක් අදාල නැහැ....... අනිත් රටවලත් ඔය ටිකම තමා. ඔබතුමා ජනාධිපති වෙලා පැය 4ක් මහන්සිවෙලා. අපි දවසම මෙහෙ උත්සහ කලත් උත්තර නැහැ. යන්නම වෙනවා විස්තරයක් දැන ගන්න උනත් 1 දවසක් ගියත් වෙන්නේ නැ ඒත්. එ් අතින් අපේ තනාපති සේවාවන් දුර්වලයි අනිත් රටවල් එක්ක බැලුවහම.

:       2       122

sena Tuesday, 18 September 2018 06:59 AM

කැකිල්ලේ තීන්දුවලින් ලෝකයා ඉදිරියේ අපේ රට අපකීර්තියට සහ විහිලුවට ලක්වෙනවා මේ ගැන කව්රුවත් හිතන්නේ නැති එක හරිම කනගාටුවක්.

:       178       66

Nimal Tuesday, 18 September 2018 07:09 AM

තානාපති සේවයට යැවිය යුත්තේ නියම අන්දමින් පුහුණු කළ දක්‍ෂතා ඇති නිලධාරීන් යැවිය යුතුයි........ අඩුම තරමින් ඉන්දියාව ලොවට යවන තානාපතිවරුන් ගැනවත් සිතා බැලිය යුතුයි. එසේ නොමැති නම් ගුණපාල මලලසේකර වැන්නවුන් ගැනවත් කියවා බැලිය යුතුයි. දශක 04 ක සිට අපේ තානාපති සේවය විනාශයටම ගිහින්.

:       0       122

sam Tuesday, 18 September 2018 07:11 AM

මේ ආපසු ගෙන්නපු කට්ටිය මැද පෙරදිග ගෘහ සේවිකාවෝ නොවෙයි. මේ පිරිසෙන් වැඩි කොටසක් තම වෘත්තීය අයිතිවාසිකම් හා රටේ පවතින නීතිය පිලිබඳ හොඳ දැනීමක් ඇති උගතුන්. ඔවුන් ලංකාවට පැමිණිය පසු මේ පිළිබඳව වන්දි ඉල්ලා අදාළ ආයතන වලට නඩු ගොනු කිරීමත්, ශ්‍රේෂ්ඨාධිකරණයට මානව හිමිකම් නඩුවක් ගොනු කිරීමත් අනිවාර්යයෙන් සිදු වෙනවා. බොහෝ විට මේවාට උපදෙස් දෙන පුද්ගලයෝ ජනපතිතුමාගේ තීරණ අවඥාවට ලක් වීම සඳහාම මෙවැනි දේවල් කරවනවා කියලයි මට හිතෙන්නේ .

:       170       29

sam Tuesday, 18 September 2018 08:28 AM

මොකද මැද පෙරදිග සේවිකාවන් අතරේ උගතුන් නැද්ද? අපහාස කරන්න කලින් හොයලා බලන්න. ඔවුන් අඩු ගානේ රටට සල්ලියක් එවනවා. ඔබ ඔය කියන උසස් නිලධාරීන් රට වෙනුවෙන් ඇත්තටම දෙයක් කරනවාද? ඒ වගේම ඔවුන් පාලකයන්ගේ සුරතලුන් නිසා ඔය තනතුරු ගත්තේ නැහැ කියලා ඔප්පු කරන්න පුළුවන්ද? (මම වෙන සෑම් කෙනෙක් වෙමි)

:       0       0

සතයපාල Tuesday, 18 September 2018 07:18 AM

අපේ රටේ තානාපති කාර්යාල තියෙන්නේ විශ්‍රාම ගිය දේශපාලන හිතවතුන්ට විවේක සුවයෙන් ගත කරන්න හා තම දේශාපාලන හෙංචයින්ට රැකිරක්ෂා දෙන්න විතරයි. වර්තමාන ජනාධිපතිවරයාත් ඒ පුර්වාදර්ශය අනුගමනය කරමින් හිටපු ජනාධිපති ලේකම්වරයාව තනාපති තනතුරක් සඳහා මෑතකදී පත්කර යැවු බව අපට අමතක නැහැ. එවිට අනිත් රටවල තානාපති කාර්යාලවලට එමගින් යවන්න උත්සාහා කල පණිවුඩය මොකක්ද කියලා එතුමා රටට පැහැදිලි කලොත් ඉතා වටිනවා.

:       1       6

Mahesh noossa Tuesday, 18 September 2018 07:18 AM

එංගලන්තය කියන රටේ මෙහෙම නෑ ....... බොහොම හෙඳට වැදගත් පිලිවෙලට මිනිසුන්ට සලකනවා.... ඕස්ට්‍රේලියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.....

:       0       1

මහින්ද Tuesday, 18 September 2018 07:20 AM

මෙහිදී එතුමාගේ තීරණය නිවැරදියි, මොකද තානාපති සේවයේ නිරතවන්නේ සෙල්ලම් කිරීමට නොව තමා උපන් රටට සේවය කිරීමටයි. මෙවැනි තවත් තානාපතිවරුන් සහ වරියන් ඉන්නා බව සහ සිටි බව නම් පැහැදිලියි. මට මතක් වෙන්නේ ඉස්සර කාලේ හිටපු තානාපතිවරු තම කාර්යයන් ලස්සනට කළා.

:       0       33

පිටිගල මිලානෝ Tuesday, 18 September 2018 07:24 AM

ඉතාලියේ තානාපති කාර්යාලය සහ මිලානෝ වල උප කාර්යාලය මීට වඩා අන්තය. කරුණාකර මේ අයද ගෙන්වා ගන්න.

:       0       157

Bamunuarachchi Tuesday, 18 September 2018 07:26 AM

මහත්තයෝ තේරුම් ගන්න ඔබට මේ පාලනය තුළ තිබෙන තැන. ඔබට උත්තර දෙන්නේ මුර කාරයින්. ඔබව ඔය තනතුරේ තිබ්බා මිස ඔබ ඔය තනතුර ස්වෝත්සාහයෙන් දිනා ගත්ත එකක් නොවන බව දැන්වත් තේරුම් ගන්න.

:       125       142

KANDEPOLA Tuesday, 18 September 2018 07:29 AM

රටට හෙන ගැහුවත් 10 ට නිදාගන්න පාලකයෝ ඉන්න රටේ, තානපතිලත් ඒ පාරේම යන එක අහන්නත් දෙයක්ද?

:       106       33

ranga Tuesday, 18 September 2018 07:36 AM

තමාගේ දුර්වල කම රට ඉදිටියේ කියන එක කැතයි නේ....

:       144       120

Ashan Tuesday, 18 September 2018 07:38 AM

කතාකරල තියෙන්නෙ කාර්යාලය වැහුවට පස්සෙ. මේ රටවල වෙලාවට හැමදේම කරනවා. වැඩ ඇරිල ගෙදර යන්නෙත් වෙලාවට ලංකාවෙ වගේ ඕටී දදා වැඩ අදින්නෑ

:       0       10

Hafeel Tuesday, 18 September 2018 07:41 AM

දැන් හරි අවදියෙන් ඉන්න. මෙතුමාට ඔක්කොම තේරන්නේ ප්‍රමාද වෙලා. තෙල් මිල සූත්‍ර, මහ බැංකු වංචාව, අගමැතිගේ ආර්ථික කමිටුව, නඩු ප්‍රමාදවීම, ඔවා ගැන මෑතකදී මෙතුමා අප්‍රසාද පලකරලා තිබ්බා. ප්‍රමාද වෙලා තේරිලා වැඩක් නැහැ.

:       0       7

ajith Tuesday, 18 September 2018 07:46 AM

මෙතුමා දන්නවද දන්නේ නෑ ලංකාවේ, ඔස්ට්‍රියාවෙයි තියෙන්නේ වෙලාවල් දෙකක් කියල.

:       3       10

adam Tuesday, 18 September 2018 08:32 AM

කටාර් තානාපති කාර්යාලයේත් නෝනා කෙනෙක් ඉන්නවා ලාංකිකයින්ට ගොරවන...

:       0       0

dr. sagara Tuesday, 18 September 2018 08:56 AM

වරද කලේ කාර්යමණ්ඩලය ඒකට කම්කරුවොන්ටත් දඬුවම්.

:       0       0

sadiya Tuesday, 18 September 2018 08:58 AM

කාටද මේ බොරු බයිලා? ජනතාව පිස්සෝ නොවෙයි ඔව්වා පිළිගන්න. විස්තරේ දන්නෝ දනිති!

:       0       0

naradha Tuesday, 18 September 2018 09:07 AM

මා සිතන්නේ ජනාධිපතිවරයා ක්‍රියා කල ආකාරය නිවැරදිය කියා.

:       0       0

කාංචනා Tuesday, 18 September 2018 09:28 AM

මේගැන සමහර රටවල පුවත්පත්වල " උපහාසයෙන් " කතාකරලා තිබුනා. මේ තානාපතිතුමිය ඉතා දක්ෂ පරිපාලන නිලධාරිනියක්. මට හිතෙන්නේ මේ කතාව පිටුපස වෙනත් කතාවක් තියෙනවා කියලයි. අපි බලමුකෝ " රීප්ලේස් " කරන්නේ කාවද කියලා.

:       0       0

ජෙගන් Tuesday, 18 September 2018 09:39 AM

තරහ ගිය අප්පච්චි කෙනෙක් ළමයින්ට අඩගහල බනිනවා වගේ වැඩක්.

:       0       0

ලුම්බිණි Tuesday, 18 September 2018 09:40 AM

අනෙකුත් තානාපති කාර්යාලවලට ද පණිවිඩයක් දීමට කරන්නේ මෙහෙම දේවල්ද? පොඩ්ඩක් කලපනා කරලා වැඩ කරන එක නේද හොඳ?

:       0       0

Perera Tuesday, 18 September 2018 09:48 AM

මම මේ දන්නේ නැති නිසා අහන්නේ තානාපති කාර්යාල වල උදවිය දවසේ පැය 24ම වැඩද???

:       0       0

රවින් Tuesday, 18 September 2018 10:10 AM

නුසුදුස්සා නොසුදුසු තැන් වලට පත් කිරීමේ ප්‍රතිපල.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 239 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 517 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 625 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 374 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 453 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 163 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site