(දයාරත්න ඇඹෝගම)
 
මැදවච්චිය ළිඳවැව නිවසක දිය නෑම සඳහා ඉදිකර තිබු අඩි දෙක හමාරක් පමණ උසැති ජලය පිරුණු ටැංකියකට වැටී අවුරුදු එකයි මාස හතරක් වයසැති පිරිමි දරුවෙකු මිය ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය කියයි.


මෙසේ මිය ගොස් ඇත්තේ මැදවච්චිය ළිඳවැව පදිංචි ව සිටි පියදාසගේ චමින් සංකල්ප නැමති පිරිමි දරුවෙකි.


මෙම දරුවා නිවස තුළ සෙල්ලම් කරමින් සිටියදී මව නිවසේ පසුපස වැඩක නිරතව ආපසු සොයා බලද්දී  දරුවා නොසිටීම නිසා ගෙවත්තේ කළ සොයා බැලීමේ දී දරුවා ජල ටැංකියේ වැටී සිටියදී සොයා ගෙන තිබේ.


දරුවා රෝහල් ගත කරන විටත් මිය ගිය ගොස් ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසිය පරික්ෂණ පවත්වයි.