IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


ටයරයක් හිසෙහි වැදී තුවාල ලැබූ ජපුර සිසුවා යළි සරසවියට

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දී ට්‍රැක්ටර් රථයක ටයරයක් හිසෙහි වැදී සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා මේ වන විට තරමක් සුවය ලබා සිටින පසිඳු හිරුෂාන් සිසුවා මාස හතරකට පමණ පසු අද (08) යළිත් විශ්ව විද්‍යාලයට පැමිණියේය.

එහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වැඩ බලන උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදත්ත ලියනගේ , ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආදී විද්‍යාර්ථයින්ගේ සංගමයේ ජාතික සංවිධායක රංජිත් ඉද්දමල්ගොඩ යන මහත්වරු විසින් එම සිසුවා පිළිගෙන විශ්ව විද්‍යාලය තුළට කැඳවාගෙන ගිය අයුරු ඡායාරූපයේ දැක්වේ.

(ඡායාරූප සහ වීඩියෝ- ගයාන් අමරසේකර)

 



අදහස් (9)

ටයරයක් හිසෙහි වැදී තුවාල ලැබූ ජපුර සිසුවා යළි සරසවියට

විපරමා Wednesday, 08 July 2020 01:13 PM

ටයරයක් හිසෙහි නිකම්ම වැදුනේ නෙහෙ. පව්කාරයින් හිතාමතා කරපු වැඩක්.. දන්නෝ දනිති...

:       1       728

lalithWednesday, 08 July 2020 03:50 PM

ඔය අල්ලගෙන යන්නේ කවුද කියලා බලන්න. මෙයා ලඟදී ටයර් සම්පත් එක්ක බලන්න ගිහිල්ලා හිටියා. එයාගේ වුවමනාවට තමා මෙයා එක්කගෙන එන්න ඇත්තේ. ඒ අයට ඕනේ මේ ආකාරයට විශ්ව විද්‍යාල තියෙන්න. එතකොට තමයි තමන්ට තනතුරු වල ඉන්න ගන්න පුළුවන්. අළුත් උපකුලපතිතුමාට ලෙහෙසි වන එකක් නෑ මේ විශ්වවිද්‍යාලය ගොඩදාන්න.

:       42       229

ලසන්තFriday, 10 July 2020 01:24 AM

ඔව් ඔව්... අල්ලාගෙන යන කෙනා කවුරු වුණත් මේ කරන්නේ ඔවුන්ගේ විශ්ව විද්‍යාලය සිදුකළ අසමජ්ජාති නීච, නින්දිත ක්‍රියාවට සුදු හුණු ගෑමක් සහ පව්කාර නරුමයා බේරාගැනීමට මෙම දරුවාට අසනීපයක් නැහැ කියා ලෝකයාට පෙන්වාදීමක් සමග නවක වදය සුදුසුයි නොකියා කියාදීමක්...

:       0       107

Champa Wednesday, 08 July 2020 01:13 PM

තාම හරි සනීපයක් නැති පාටයි. මේ ළමයට තවත් ප්‍රතිකාර සහ විවේකය අවශ්‍යයි. කෝ අපරාධකාරයින් ටික? ඇප දීලා ගෙදර යැව්වද? හොඳයි වැඩේ...

:       0       178

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 08 July 2020 01:41 PM

පසිඳු, ඔබගේ මේ පැමිණීම විශ්ව විද්‍යාලයත්, විශ්වවිද්‍යාල ප්‍රජාවත්, ලැබූ මහත් ජයග්‍රහණයක්... සැබවින්ම, මේ සිදුවූ සිද්ධියේදී ඔබ ගැන, ඔබගේ දුක ගැන හදවතින්ම කම්පා වූ අය බොහෝය... ඔබට අනතුර වූ ස්ථානය පසුකර යාමේදී අප හදවත් තුළට දැනුනේද පුදුමාකාර දුකකි. කෙසේ හෝ දෙවියන්ගේ පිහිටෙන් ඔබ මේ නැවත පැමිණි ගමන පුදුම ආශ්චර්යයකි... !!! ඔබට ජයෙන් ජය .... !!!

:       2       822

Raveendra Wednesday, 08 July 2020 01:45 PM

පළමුව ඔබ සුවවී නැවත සරසවියට පැමිණීම පිළිබඳව හද පිරි සතුට මෙන්ම ඔබට අපගේ සුබ පැතුම්.. දෙවනුව අප මීට පෙරදුටුවා පුවත්පතකම ඔබට මේ ජඩ පාදඩ ක්‍රියාව කළ එම මුර්ගයින් මෙන්ම ඒ සියලු සිදුවීම් සහමුලින්ම අමතක බව ඔබ විසින් ප්‍රකාශ කරඇත.. එය ඇත්තටම ඔබට අමතකද, නැතහොත් නවක වදය දුන් අන්තරේ එම මෘගයින්ව ඔබ හිතාමතා වසන් කරනවාද? ඇත්ත වශයෙන්ම ඔබට ඒ සියල්ල අමතක නම් ඔබ කෙසේ සරසවි අධ්‍යාපන කටයුතු කරන්නේද යන්න නූගත් අපට නම් අතිමහත් ගැටලුවකි. ඔබට එලෙස ම්ලේච්ඡ ලෙස සැලකූ අන්තරේ එම අවජාතක මෘගයින්ව වසන් කර සියලු තොරතුරු හැංගුවේ නම් ඔබගේම අනාගත සහෝදර සරසවි සිසුන්ට ඔබ විසින්ම අවැඩක් කර ඇතිබව සඳහන් කරන්නෙමු. මක්නිසාදයත් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් බදුගෙවන සියලු පුරවැසියන් එම අන්තරේ මෘගයින්ට ගරු අධිකරණය මගින් නිසි දඬුවම් ලබාදී සරසවියෙන් පන්නා දමන තෙක් බලා සිටීමයි.. නමුත් ඔබට සියල්ල අමතක නිසා එම මෘගයින් සියලු වැරදිවලින් නිදහස් වනු නියතයි.. ඔබ විසින් ආත්ම ගණනකට පාපයක් කර ඇති බවට කණගාටුවෙන් දන්වන්නෙමු. ම්ලේච්ඡ නවක වධය චිරාත් කාලයක් පැවතෙනු නියතයි.

:       4       1384

Lal Wednesday, 08 July 2020 03:00 PM

පසිඳු, ඔබ ඉතාම ධෛර්යවන්තයි. ඔබ ඉතා ඉක්මණින් සුවවී ඔබගේ අධ්‍යාපනය අවසන් කිරීමට හැකිවේවායි පතමි. ඔබට මේ දුක ගෙනා සියළුදෙනාටම මෛත්‍රි කරන්න. ඔවුන්ට ස්වභාව ධර්මය විසින් නිසි ප්‍රතිචාර දක්වනු ඇත..

:       0       148

Bamunuarachchi Thursday, 09 July 2020 12:09 AM

වැරදිකළවුන්ට සමාව නම් දෙන්න එපා. ඒ අය බිව්වාට ඔබලා බයිට් නොවෙයි..

:       0       303

sam Friday, 10 July 2020 09:27 AM

මේ දරුවාට ඒ කාලකණ්ණි අපරාධය කළ අයට නිසි දඬුවම් ලැබිය යුතුයි.

:       0       68

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1149 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1155 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site