(බිඟුන් මේනක ගමගේ)
ස්විඩන් ජාතික ඉවොන් ජොන්සන් නැමැති 19 හැවිරිදි තරුණිය ඝාතනය කිරිමේ චෝදනාවට වරදකරු වී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැත්තාට ජනාධිපති සමාව දීම සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සියලුම ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ලිඛිතව තම මතය විමසා සිටින බව එහි සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා ‘ලංකාදීප’ යට අද (11) පැවැසීය.
ජුඞ් ශ්‍රමන්ත ජයමහ නමැති පුද්ගලයාට ජනාධිපති නිදහස ලබා දුන් ආකාරය මරණ දඬුවම හිමිවූවන්ට ජනාධිපති නිදහස ලබාදීමේ ක්‍රමයේ විනිවිදභාවය හා සාධාරණත්වය ගැන ප්‍රශ්න රැසක් මතුකරන බැවින් මෙසේ ජනාධිපති අපේක්ෂකයන්ගෙන් සිය අදහස විමසීමට කටයුතු කරන බව නීතිඥ පෙරේරා මහතා කීය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් මෙම තීරණය සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මුළුමනින්ම හෙළා දකින බව කී හෙතෙම ඊට එරෙහිව හෙට (12) වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට දී විරෝධතාවක් පවත්වන බව ද කීවේය.
මරණ දඬුවම නියමවූවන්ට ජනපති සමාව දීම ඇත්තේ නීතිමය අක්‍රමිකතාවයකින් අසාධාරණයක් වුවහොත් භාවිතයට ගැනීමට වුවද ලංකාවේදී බලයට පත් සෑම ජනාධිපතිවරයකුම එම බලය අවභාවිත කළ බවට නීතිඥ සේනක පෙරේරා මහතා චෝදනා කළේය.
මරණ දඬුවමට ජනපති සමාව දෙන්නැයි ඉල්ලූ වයෝවෘද්ධ කාන්තාවක් ඇතුලු පිරිසක් සිටියදී මෙවැනි පුද්ගලයන්ට සමාව දෙන්නේ කවර පදනමකින්දැයි සිතාගත නොහැකි බවත් නීතිඥවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදිහට අපේක්ෂකයින්ගේ අදහස් විමසන එක නම් ඉතාම වටිනවා. අපටත් මැනගන්න පුළුවන් අපේක්ෂකයන්ගේ හැටි සොබාව. නීතිය බල්ලට යමින් තිබෙන රටක ලොකු මිනිස්සුම ඒ වැඩේ තව ටිකක් ඉක්මන් කරවන එක ගැන ඒ ගොල්ලෝ කියන දෙයින් නීතියට කොච්චර ගරුකරන අයද කියලා තේරුම් අරන් අපි ඡන්දෙ පාවිච්චි කරමු...
වාර්තාවල දැක්වුණු අන්දමට මේ චුදිතයා 12 අවුරුදු සිර දඬුවමකට පළමුව යටත් වූ අයෙකි. වින්දිතයන්ගේ අභියාචනය මත මරණීය දණ්ඩනය දක්වා පළමු දඬුවම වෙනස්වී තිබේ. නැවතත් අභියාචනය කිරීමෙන් එම දඬුවමම ස්ථිර වී තිබේ. එසේ තිබියදී 2016 දී ජනාධිපති සමාව යටතේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දක්වා දඬුවම ලිහිල් වී ඇත. එසේ සමාව දුන්නේද වර්තමාන ජනාධිපතිවරයාමය. එයද විමසා බැලිය යුතු තත්වයකි. එසේ තිබියදී එම ජනාධිපතිවරයාගේ ධුර කාලය ගෙවී යාමට දවස් 8 ක් පමණ කාලයක් පමණක් ඉතිරිව තිබියදී ඔහුම මරණීය දඬුවමකට යටත්ව සිටි වරක් සමාව දෙන ලද දරුණු ගණයේ සිරකරුවෙකුට පුර්ණ සමාව දී නිදහස් කිරීම විධායක ජනාධිපතිවරයෙකු සිය බලය අනිසි ලෙස අවභාවිත කල අවස්ථාවක් සේ දිස්වේ. මෙම චුදිතයා සිර දඬුවමින් නිදහස් කලේ නම් මරණීය දණ්ඩනය නියම නොවූ අය හා අනෙකුත් සියලුම සිරකරුවන්ට ද නිදහස ලබාදිය යුතුය. මෙතෙක් ජනාධිපති පදවියට පත්නොවූ අපේක්ෂකයන්ගෙන් මෙය වීමසීම නොකල යුතු කාර්යයකි. එය ඔවුන්ට දේසපාලන වාසියක් හෝ අවාසියක් විය හැක .
අඟේ ඉඳන් කන කෑවා නම් ඕකත් වැඩක්ද? රටේ ප්‍රධාන පුරවැසියා තෝරා ගන්නා විට ඉතාමත් සැලකිලිමත් වෙන්න කියන්නේ ඒකයි. නමුත් අපි වල්පැල සිටුවලා, සාත්තුකරලා පසුව රෝස මල් බලාපොරොත්තු වෙනවා. මේ පාරවත් හරි දේ කරන්න.
යන යකා කොරහත් බිඳගෙන යනවා..
ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඊයේ දිනයේම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙය හෙලා දැක තිබුනා. එහෙම කෙලින් අදහස් පල කරන්න පුළුවන් අපේක්ෂකයෙකුට ඉන්නේ ඔහු විතරයි. ඒ නිසා තමා අද ඔහු මේ රටේ ජනතාවගේ හදවත් වේගයෙන් දිනාගනිමින් ඉන්නේ.
මෙයාගේ කට්ටකම.... බලන්නකෝ හෙට, අනිද්දා කුඩු රජාව නිදහස් කළේ නැත්නම්...
ලජ්ජා නැති වැඩ කරලා තව තව හෙළුව වහ ගන්නත් යනවා.
තරුණ ජනපති කෙනෙක් අවශයි.