IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජමාත් කල්ලි තුන තහනම් කරන්න පාර්ලිමේන්තුවෙත් අනුමැතිය

සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු

ජාතික තව්හීත් ජමාත් සංවිධානය, ජමාතේ මිලාතේ ඊබ්‍රාහිම් හා මිලයාතේ සෙයිලානි යන සංවිධාන තුන මෙරට තහනම් කිරීම පාර්ලිමේන්තුව අද (21) අනුමත කළේය.

ජාතික තව්හීත් ජමාත් සංවිධානය පාස්කු ඉරුදින ප්‍රහාරයට නායකත්වය දුන් මොහොමඩ් සහරාන් නැමැත්තාගේ මුලිකත්වයෙන් පිහිටුවා ගනු ලැබුවකි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 27 වැනි වගන්තියේ යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලද නියෝග ඇතුළත් ගැසට් නිවේදනය සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළේය.

පැය කිහිපයක විවාදයකින් පසුව ගැසට් නිවේදනය අනුමත කෙරිණි.



අදහස් (17)

ජමාත් කල්ලි තුන තහනම් කරන්න පාර්ලිමේන්තුවෙත් අනුමැතිය

chandima Friday, 21 June 2019 02:04 PM

හොඳ තීරණයක් විය හැකියි. නමුත් මෙයට වසර ගණනාවකට පෙර ප්‍රභාකරන් මුල්ලෙයිවයික්කාල් වලට කොටුකරගෙන සිටි අවධියේ ඇමෙරිකානු කොන්ග්‍රසය ඉදිරියේ ඇෆ්ගනිස්ථාන් පෙරමුණේ හමුදා ප්‍රධානියකු කළ පැහැදිලි කිරීමක් මා සජීවීව අසා සිටියා... නියෝජිතයින්ගේ ප්‍රශ්නය වුනේ වෙනත් අවස්ථාවල මෙන් ඇමෙරිකානු හමුදා කෙලින්ම යුදබිමට යවනවා වෙනුවට විවිධ කල්ලිවලට පුහුණුවදී ත්‍රස්තයින් හා සටනට නොයවන්නේ මන්ද යන්නයි. එහිදී ඔහු කියා සිටියේ එය කිහිපවරක් ක්‍රියාත්මක කළ නමුත් පසුව ආගමික මතවාදය වෙනුවෙන් ඔවුන්ව ලබාදුන් අායුධත් සමඟ ප්‍රතිවාදීන්ට වූ බවයි. එමෙන්ම කොතෙක් මුලිනුපුටා දැමූවත් නැවතත් වෙනත් නමකින් පෙනී සිටිමින් යලිත් සංධාන ගතවන බවයි. එ් නිසාම මෙය ඉතා අපහසු කටයුත්තක් නොවන අතර නාමිකව සංවිධාන තහනමකින් කළ නොහැක්කක් බවයි. (මෙම සාකච්ඡාවේදී නැව්මගින් ප්‍රභාකරන් ඉවත්කිරීමට ඇති හැකියාව පිළිබඳව ආසියානු හමුදා කටයුතු ප්‍රධානිනුත් අදහස් දක්වා සිටියා). ඒ කතාවෙන් පැහැදිලි වුනේ සංවිධානයක් තහනම් කිරීමෙන් ඔවුන්ගේ කටයුතු වලට කිසිඳු බාධාවක් නොවන අතර ඔවුන් වෙනත් නමකින් සන්ධාන ගතවන බවයි. එ් නිසා මෙම තහනම එතරම් වැදගත් වේ යයි සිතන්නේ නැහැ.

:       1       479

RaveendraSaturday, 22 June 2019 02:31 AM

චන්දිම මයා වෙත, ඔබගේ වටිනා අදහස් අප අගය කරන්නෙමු. කෙසේවෙතත් බුද්ධි අංශ වඩාත් ශක්තිමත් කිරීමෙන් සහ ඒ හා සමගාමිව අදාළ අංශ අවදියෙන් සිටීමෙන් යම්තාක් දුරට මෙවැනි ක්‍රියාවන් වැලැක්විය හැකි බව අපගේ අදහසයි .

:       0       0

AriyathilakaSaturday, 22 June 2019 07:45 AM

වෙන්න පුළුවන්! නමුත් මේ ලෙස නොකර බැහැ. පටන් ගැනීම මෙලෙස තහනම් කිරීමෙන් විය යුතුමයි. ඊට පසු එහි සාමාජිකයන් ගැන බුද්ධි අංශ විමසිලිමත් විය යුතුයි. අන්තර්ජාතික සබඳතා පිළිබඳව අවධියෙන් සිටිය යුතුයි.

:       0       26

janahitha Friday, 21 June 2019 04:32 PM

මේ වෙනවිට අශ්වයා පැන ගොස් ඇත. ස්තාලය වසා දැමීමට තිබුනේ ඊට පෙරයි. බොහෝ දෙනෙකුගේ අදහස් ක්‍රියාත්මක නොකලත් අඩු වශයෙන් කියන්නේ මොනවද යන්නවත් සලකා බැලුවා නම් මෙවැනි ව්‍යසනවලට අපේ ජනතාව මුහුණ පාන්නේ නැත...

:       114       572

කපිලFriday, 21 June 2019 06:14 PM

එහෙනම් තහනම් කරන්න එපාද

:       0       0

chandanaSaturday, 22 June 2019 03:30 AM

සම්පූර්ණ ඇත්ත, මේක කරන්නත් මාස 2කට ආසන්න කාලයක් ගතවී ඇත.

:       0       44

Nuwan Friday, 21 June 2019 06:33 PM

දැන් වැඩක් නැහැ. ඕවා කළාට අපි ඡන්දෙ දෙන්නේ නැත.

:       1024       2144

SriyalSaturday, 22 June 2019 03:34 PM

ඡන්ද ලබා නොදීම නිසා බිහිවන්නේ අදූරදර්ශී පාලකයෝය. ඡන්දය නියමාකාරයෙන් සුදුසු පුද්ගලයන් සඳහා යොදාදීම හා සුදුසු පුද්ගලයන් ඡන්ද සඳහා ඉදිරිපත් කිරීම වැදගත් වේ..

:       0       3

සෙන Friday, 21 June 2019 08:52 PM

යන්තම් මාස දෙකකට පස්සේ ත්‍රස්තවාදී කණ්ඩායම් 3 ක් තහනම් කළා. ආණ්ඩුව හිතනවා නම් ඔය තහනම් කළ පමණින් ඔවුන්ගේ ක්‍රියාවන් ඉවරයි කියලා ඒක මුළාවක්.

:       0       0

rasika Friday, 21 June 2019 09:24 PM

සංවිධානවල තහනම හොදයි නමුත් වඩා වැදගත් වෙන්නේ මේ සංවිධාන වල නම තහනම් කරනවට වඩා ඔය සංවිධාන වලට මුලික වෙලා ඉන්න පුද්ගලයන්ගේ වැඩකටයුතු තහනම් කිරීම හෝ අධික්ෂණය කිරීම.

:       0       0

Raveendra Saturday, 22 June 2019 02:39 AM

මෙම රටට හානිකර සංවිධාන තහනම් කළා සේම රටට බරපතල ලෙස මුල්‍යමය හානි සිදුකරන, රට පාවාදෙන, රටේ දේපොළ හොරකම් කරන එම භයානක ක්‍රියාවලියේ මේ මොහොතෙත් යෙදෙන නිල්, කොළ, රතු පක්ෂ ඇතුළු සියලුම දේශද්‍රෝහී පක්ෂ සදහටම තහනම් කල යුතුබවට.

:       0       0

laksitha Saturday, 22 June 2019 03:19 AM

19 ව්‍යවස්ථාව අනුව සිද්ධිය වෙලා මස 2කට පසු අදාල අයව තහනම් වන්නේ... අපේත් වැරදි ඇත. සොරකම් වැළැක්වීමට තවත් සොරමුලක් පත්කර ව්‍යවස්ථාවක් අර්බුදයකට ලක්වුණා ජනතාව අනතුරට පත්වුණා... 1815 ගිවිසුම වගේ නොවේ.

:       0       0

shafeek Saturday, 22 June 2019 04:07 AM

හොඳ තීරණයක්..

:       0       10

bulath Saturday, 22 June 2019 05:14 AM

කොටින්වත් තහනම් කළොත් හොඳයි නේද?

:       0       3

NuwanSunday, 23 June 2019 05:45 AM

සුමන්තිරන් ඒ පැත්තේඉදිද්දී කොහොමද ඒක කරන්නේ...... කවදාවත් කරන්න බැහැ...

:       0       0

sandun Sunday, 23 June 2019 05:36 AM

මොනා කරන්නත් කලින් මිනිස්සුන්ගේ මානසිකත්වය හදන්න ඕනේ මොකද නැත්තම් හැමදාම ඉගුරු දීල මිරිස්ගන්න තමයි ලංකාවේ අපිට වෙන්නේ

:       0       0

sandun Sunday, 23 June 2019 05:39 AM

මිනිස්සුන්ගේ ආත්මාර්ථකාමී බව නැති කලොත් ඇත්තටම අපේ රට ලස්සන කරන්න පුළුවන් වෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 5 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 10 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2351 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1247 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 950 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 415 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site