(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවක සිසුවකු බරපතල තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  ජ්‍යෙෂ්ඨ සිසුන් 6 දෙනා මාර්තු 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා අද (12) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අවසන් වසරේ සිසුන් 6 දෙනකි.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවකුට සාදයක් අතරතුරදී ටයරයක් තල්ලු කිරිමෙන් පසිදු හිරුෂාන් (20) සිසුවා අනතුරට ලක්ව මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව මිරිහාන පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

ඡායාරූප - චතුර එස් කොඩිකාර