පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසු මෙරට තත්ත්වය විමසා බැලීම සඳහා ජපාන සංචාරක නියෝජිතයන් සහ සංචාර මෙහෙයවන්නන් 25 දෙනෙක් දිවයිනට පැමිණ සිටිති.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.
දින පහක් සඳහා ජපාන නියෝජිතයන් මෙරටට පැමිණ සිටින අතර ඔවුන් මෙම සංචාරයේදී ක්ෂේත්‍ර චාරිකාවල නිරත වන අතර ඒ අතරවාරයේදී සංචාරක කර්මාන්තයේ විශේෂඥයන් මුණ ගැසීමට ද නියමිතය.
පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසුව ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂක අංශ පියවර ගත් අතර රටේ තිබෙන සාමකාමී තත්ත්වය පිළිබඳ අත්දැකීමක් ලබාගැනීමටත් ජපාන සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම දිරිගැන්වීමත් මෙම වැඩසටහනේ අරමුණ වී තිබේ.
මෙම සංචාරක වැඩසටහනට සහභාගී වීම සඳහා ජපාන නියෝජිතයන් ඔවුන්ගේ පෞද්ගලික මුදලින් ගුවන් ටිකට්පත් මිලදී ගැනීම විශේෂයක් යැයි ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී. ශ්‍රී ලංකාව ජපාන සංචාරකයන් අතර සංචාරක නවාතැනක් බවට පත් කිරීමට ඔවුන්ගේ උනන්දුව එයින් පෙනී යන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
055




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.