
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණිමට පෙර නවගත්තේගම මොරගහවැව ගම්මානයේ අබලන් වි ඇති මාර්ගය පැලැස්තර දැමීමට සූදානම් වූ රාජ්‍ය නිලධාරින්ට අද ( 26) ගැමියන්ගේ දැඩි විරෝධය එල්ල විය.
පෙබරවාරි මාසයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගිවන “ගම සමග පිළිසදරක් ,, හමුවට නවගත්තේගම මොරගහවැව ගම්මානය තෝරාගෙන තිබේ.
එහිදි ජනාධිපතිවරයා පැමිණිමට නියමිත මොරගහවැව මාර්ගය මේ වන විට ස්ථාන කිපයකදී අබලන් වි ඇති බවත් ජනාධිපතිවරයා පැමිණිට පෙර අබලන් වු මාර්ගය තාවකාලිකව බොරළු දමමින් සකස් කිරිමේ කටයුතු අද කළ අතර එහි නිරික්ෂණයට නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් හර්ෂණ රාජකරුණා මහතා පැමිණිමත් සමඟ මෙම විරෝධය මතු විය.
2014 වසරේ කෝටි ගණනක් වැය කරමින් දැයට කිරුළ ව්‍යාපෘතිය යටතේ මෙම මාර්ගය සැතපුම් අටකට ආසන්න දුරක් සකස් කළ අතර එහි නිසි ප්‍රමිතියකින් තොරව ඉදි කිරිම නිසා මාර්ගය අබලන් වු බව ගැමියෝ කියති.
එසේ තිබියදී සියලුම රාජ්‍ය ආයතන වලට අවස්ථා ගණනකදි මෙම විනාශය පිළිබදව දැනුම් දුන්නද ඒ සදහා ජනාධිපති විමර්ශනයක් යන බව පවසමින් එම මාර්ගයේ අබලන් වු ස්ථාන වසර 7 ක් යන තුරුත් සකස් නොවු බවට ජනතාව නිළධාරින් හමුවේ ඔවුහු පැවසූහ.
එසේ තිබියදී කඩිමුඩියේ ජනාධිපතිවරයාට පැමිණිමට පමණක් මාර්ගයේ පැලැස්තර දැමිම තමන් අනුමත නොකරන බව ද ගැමියෝ කීහ.
මෙහිදි එම ස්ථානයට පැමිණ සිටි පුත්තලම අතිරේක දිස්ත්‍රික් ලේකම් ඩබ්ලියු.ඒ. රවින්ද්‍ර වික්‍රමසිංහ මහතා විරෝධය මතුකළ ජනතාවට මෙසේ දන්වා සිටියේය.
“ඔබතුමාලාගේ විරෝධය අපි පිළිගන්නවා .නමුත් ජනාධිපතිතුමා මෙම මොරගහවැවට එන්නෙත් මේ වාගේ ගැටළු වලට පිළියම් ලබා දෙන්න. එහිදි ඔබතුමාලා ජනාධිපති තුමාට මේ ගැටළු ඉදිරිපත් කරන්න. එතෙක් මේ මාර්ගයේ අබලන් වු ස්ථාන වල ගල් ගලවලා බොරළු දමා සකස් කරන්න ඉඩ දෙන්න.මොකද ජනාධිපතිතුමා එන හමුවට වාහන 100 ක් විතර එන්න පුළුවන් එවිට මේ මාර්ගයේ පවතින තත්වය නිසා ගැටළු මතු වෙනවා යැයි පවසන්නට විය. මෙහිදි ජනතාව පවසා සිටියේ තමන් දිගින් දිගටම නිළධාරින්ගේ බොරු වලට අසුව ඇති බවයි.මේ නිසා නිළධාරින් පිළිබදව තමන්ට විශ්වාසයක් නැති බව විරෝධතාකරුවේ පැවසූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකෝ ජනාධිපති එන්නම ඕනේද මේක කරන්න?
ජනාධිපති එන්නේ වාහන 100 එක්ක... මොනවා බලන්නද මේවා බොරු ෂෝ? මිනිස්සු මුලා කරන ගමෙන් ගමට යන්නේ ජනාධිපති කෙනෙක් වුණාම ඔය වගේ දේවල් ද කරන්න තියෙන්නේ? එවිට නේද ඕනෑතරම් රාජ්‍ය නියෝජිතයන් ඉන්නේ ඒ අයට පඩි ගෙවන්නේ අසරණ මිනිසුන්ගෙන් ගන්න බදු මුදල් වලින් නොවේද? ඒ ගොල්ලෝ වැඩ නොකරනවා නම් අස්කර වැඩකරන නිලධාරින් ගන්නවා මිසක් මේ මොන විහිලුවක්ද? ගමින් ගමට ගෙවල් ගැන ගිහින් ප්‍රශ්න අහන්නේ....
ආඩම්බරයි. ඔබ ගැන මොරගහවැව ජනතාවනි, සත්‍ය තේරුම් ගැනීම ගැන...
ඒක මේ ජනාධිපතිගේ නොවේ.. කලින් හිටපු හැමෝම ඉද්දී වූ දෙයක් ඕක.. එන්න දවස් දෙකක් තියෙනකොට RDA එකෙන් ඇවිත් දානවා උඩින් කාපට් එකක්.. මාසයක් යන්න කලින් ඔක්කොම හෝදගෙන යනවා. ජනාධිපතිතුමනි, එනකොට පාර දිහාත් බලාගෙන එන්න. කාපට් එක අලුත් පිට කළුම කළු පාටට තියනවා නම් හිතාගන්න නිලධාරින්ගේ වැඩ. ඕක ගැලවිලා ගියාම ආපහු අවුරුදු 10කින් තව ජනාධිපති කෙනෙක් ඔය පැත්තේ ආවොත් මිනිස්සුන්ට යන්න පාර හදයි. හදන්න බෑ මේ රට මේ සිස්ටම් එකම තමයි සදාකල්..
රටේ ලොක්කා දැන් කරන්නේ ග්‍රාමසේවකගේ ජොබ් එකනේ... ඉස්සෙල්ලා හිටපු එක්කෙනාත් ග්‍රාම සේවක කෙනෙක් කියනවනේ... රට කරවන අය රට කරවන්නත්, ගම කරවන අය ගම කරවන්නත් ඕනෑ. ඒ දෙක පටලවා ගත්තොත් අපි ඔක්කොම අමාරුවේ.
ගහලා එලවලා දාන්න තිබුණේ...
මේ වගේ ගම් කොච්චර තියෙනවද? ගමක දෙකක ප්‍රශ්න විසඳීම ප්‍රමාණවත්ද?
දැයට කිරුළ කියලා අමු බොරුවක් කලේ. ඒක තියපු පැතිවල ජනතාවගෙන්ම අහලා බලන්න..
මොරගහවැව ජනතාවට ජය වේවා... මේ නිලධාරී පැළැන්තියේ හොර වැඩවලට ඉඩ දෙන්නම එපා...
මේක තව එක බොරු සංදර්ශනයක් විතරයි.
මේවා අමූලික බොරු වැඩ... තවමත් තණකොළ කනවා... කවදා ඔලුව පෑදෙයිද? ජනපති කෙනෙක් ගමින් ගමට යන්න ඕනෑද? එහෙනම් රාජ්‍ය නිලධාරීන් මොකටද?