(ඩයනා උදයංගනී)
මේ වන විට කොළඹ 01, ජනාධිපති මාවත, රේණුකා ගොඩනැඟිල්ල, අංක 41 ස්ථානයේ පිහිටුවා ඇති ජනාධිපති අරමුදල් කාර්යාලය අනිද්දා (18) සිට නව ස්ථානයක ස්ථාපිත කිරීමට නියමිතය.
ඒ අනුව එම කාර්යාලය කොළඹ 10, ඞී.ආර්. විජේවර්ධන මාවත, ලේක්හවුස් ගොඩනැගිල්ලේ, 03වැනි මහල, අංක 35 දරණ ස්ථානයේ ස්ථාපිත කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
වඩාත් පුළුල් සහ කාර්යක්ෂම මහජන සේවාවක් සැපයීම සහ සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට පහසුකම් සැලසීමේ අරමුණින් ජනාධිපති අරමුදල මෙලෙස නව ස්ථානයක ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බවත්, එම කටයුතු හේතුවෙන් අනිද්දා (18) දින සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳව ද කණගාටුව පළ කෙරෙන බවත් එම අංශය සඳහන් කරයි.
ජනාධිපති අරමුදලේ සේවා කටයුතු මෙම මස 21 වනදා සිට යථා පරිදි සිදු කෙරෙන අතර ඒ හා සම්බන්ධවිය හැකි දුරකථන අංක පෙර පරිදිම, එනම් 011-2331245, 011-2431610, 011-2382316 දුරකථන අංක ඔස්සේ ජනාධිපති අරමුදල හා සම්බන්ධ විය හැක බවද එම අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1099
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති අරමුදල් කාර්යාලය නව ස්ථානයකට