IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


ජනතාව වෙනුවෙන් වැඩ කරන්න දැක්වූ සහයට ජනපතිගෙන් ඇමැති මණ්ඩලයට ස්තූතිය

(අජන්ත කුමාර අගලකඩ)

ආණ්ඩුවේ ඇතැමුන් සමඟ මත ගැටුම් තිබුණද ගත වූ වසර පහකට ආසන්න කාලය තුළ ජනතාව වෙනුවෙන් කටයුතු කරන්නට දැක්වූ සහය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (11) පැවැති අවසන් කැබිනට් රැස්වීමේදී  ඇමැති මණ්ඩලයට ස්තුතිය පළකර ඇත.

තමාගේ පාලන කාලය තුළ සාමාන්‍ය ජනතාවට එරෙහිව එක තුවක්කුවක් හෝ පත්තු වී නැතැයිද රට තුළ මානව නිදහස හා මාධ්‍ය නිදහස තහවුරු කරන්නට හැකිවී යැයිද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස සහභාගි වූ අවසන් කැබිනට් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ පැවැත්විණි.

සාධාරණ හා නිදහස් මැතිවරණයක් පවත්වන්නට තමාට හැකි වූ බව පවසා ඇති ජනාධිපතිවරයා ඉදිරි දික කිහිපයද ඒ වෙනුවෙන් කැපවන බව සඳහන් කර ඇත.

තමාගේ වසර 5 කට ආසන්න කාලය තුළ රටට ජයග්‍රහණ රැසක් හිමිකර දුන් බව පවසා ඇති ජනාධිපතිවරයා ඒ සඳහා සහය දුන් ඇමැති මණ්ඩලයට ස්තුතිය පළ කර ඇත.

එහිදී අදහස් දක්වා ඇති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශ්‍රාම යන ජනාධිපතිවරයාට සුබ පැතුම් එක්කර ඇත.

මෛත්‍රීපාල සිරිසේන මහතා රටතුඵ ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස ආරක්ෂා කරන්නට කැපවූ නායකයෙකු බව පවසා ඇති අගමැතිවරයා මත ගැටුම් තිබුණද එකට කටයුතු කරමින් ජනතාවගේ නිදහස ආරක්ෂා කරන්නට ජනාධිපතිවරයා කැපවූ බව පවසා ඇත.

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධූරයට පත්වීමෙන් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය හා මානව නිදහස තහවුරු වූ බව සඳහන් කර තිබේ.

මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලි චම්පික රණවක මහතා අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස කටයුතු කළ දින 1800 ක කාල සීමාව තුළ ආණ්ඩු විරෝධී ක්‍රියා 3000 ක් පමණ සිදු වූ නමුත් ඒවාට එරෙහිව එක තුවක්කුවක් හෝ පත්තු වී නැතැයි සඳහන් කර ඇත.

මාධ්‍ය නිදහස ජනතාවගේ නිදහස ආරක්ෂා කරමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වන්නට ජනාධිපතිවරයාට හැකි වූ බවද ඇමැති රණවක මහතා පවසා ඇත.

තවත් ඇමැතිවරුන් කිහිපදෙනෙකු ද ජනාධිපතිවරයාට සුබ පතමින් එහිදී අදහස් දක්වා ඇත.



අදහස් (12)

ජනතාව වෙනුවෙන් වැඩ කරන්න දැක්වූ සහයට ජනපතිගෙන් ඇමැති මණ්ඩලයට ස්තූතිය

Mahee Monday, 11 November 2019 04:33 PM

මේක හොඳ සිංහල සිරිතක්නේ. මං කිව්වේ අපි ඉතින් මරණ ගෙදරකදී වුනත් ගුණ වර්ණනා කරනවා මිසක් ඒ මිහිහා කසිප්පු වික්කා කියන එක ගැන කතා කරන්නේ නෑනේ.

:       0       0

Hafeel Monday, 11 November 2019 04:54 PM

එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ එක සාධාරණයි? එ්කද ප්‍රජාතන්ත්‍රවාදය..?

:       0       0

Sam Monday, 11 November 2019 05:51 PM

එතකොට පාස්කු ඉරිදා මැරුණේ ඉන්දියාවේ මිනිස්සුද? කාටද මේ විහිලු කරන්නේ?

:       0       0

sam Monday, 11 November 2019 08:24 PM

මුදලට යට වී මිනීමරුවෙකු සමාජයට මුදාහැරීම හැරුණුකොට ඔබතුමා කළ වෙනත් දෙයක් තියනවද?

:       0       0

Dasa P Monday, 11 November 2019 11:02 PM

හරියටම අවුරුද්දකට කළින් මානව නිදහස තහවුරු කරන්න ගත්ත උත්සාහයන් තවම මතකයි.

:       0       0

ජයජය Tuesday, 12 November 2019 12:57 AM

මිනීමරුවෙක් නිදහස් කරපු එක ගැන වෙන්න ඇති ඔය කියන්නේ.

:       0       0

Amila Tuesday, 12 November 2019 02:34 AM

දුරදිග බලා කටයුතු කරා නම් මිනිස්සු වුවද ඔබට සුබපැතුම් එකතු කරනු ඇත. නමුත් අවසන් මොහොතේද නොකළයුතු දේවල් කිරීම ගැන පසුව කණගාටු වනවා නිසැකය. රෝයල් පාර්ක් සිද්ධිය හොඳම උදාහරණයයි.

:       0       0

sena Tuesday, 12 November 2019 04:50 AM

ජනතාව වෙනුවෙන් මොනාද කෙරුවේ?

:       0       0

sanjeewa Tuesday, 12 November 2019 05:24 AM

සිව්වසරක අාතල් එක නිම වෙලා ගියාදෝ........

:       0       0

Ariyathilaka Tuesday, 12 November 2019 09:33 AM

ඇයි වෙඩි කා, දිවි දී, ලේ හලාගෙන ජනාධිපතිධූරයට බලයට පත් කරන්න කටයුතු කළ ඇත්තන්ට කිසිවක් නැද්ද?

:       0       0

sirimal Tuesday, 12 November 2019 09:47 AM

අවුරුදු හතරක්ම ජනතාව වෙනුවෙන් කරපු වැඩේ මොකද්ද කියලා කියලා හිටියනම් තමා වටින්නේ. වැඩක් කරන්න දෙන්නේ නැතුව කකුලෙන් ඇද්දා කියලයි අනිත් පැත්තේ අය කියන්නේ.

:       0       1

Bamunuarachchi Thursday, 14 November 2019 08:16 AM

අපිට දැන ගන්න මොනවාද කරපු වැඩ කියා කියලා යනවානම් හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1855 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1497 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 528 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site