IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


ඡන්ද අයිතිය ඉල්ලා සිරකරුවන්ගෙන් පෙත්සමක්

(තිළිණි ද සිල්වා)

ඉදිරි ජනාධිපතිවරණයේදී සිරකරුවන්ට හා රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සැකකරුවන්ට ඡන්දය භාවිතා කිරීමට අවසර දෙන ලෙසට මැතිවරණ කොමිසමට හා අදාළ බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ අද (09) රිට් පෙත්සමක් ගොනු කෙරිණි.

සිරකරුවන්ගේ අයිතීන් සුරැකීමේ කමිටුව විසින් ගොනු කළ මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය ,  එහි සාමාජිකයින් වන එන්.ජේ.අබේසේකර , මහාචාර්ය රත්නජීවන් හූල් යන මහත්වරුන් , අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ සහ  බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් කියා සිටින්නේ මැතිවරණ වලදී බන්ධනාගාර ගතව සිටින සිරකරුවන්ට හා රක්ෂිත බන්ධනාගාර ගත සැකකරුවන්ට ජනාධිපතිවරණයකදී , මහ මැතිවරණයකදී හා ජනමත විචාරණයකදී ඡන්දය ප‍්‍රකාශ කිරීමට නුසුදුසු බවට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කොට නොමැති බවය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 89 වගන්තිය ප‍්‍රකාරව එවැනි මැතිවරණ වලදී ඡන්දය ප‍්‍රකාශය කිරීමට නුසුදුසු වන අයගේ ලැයිස්තුවක් පැවැතියද ඊට මෙම පිරිස් අයත් නොවන බවද පෙත්සම්කරු සිය පෙත්සමෙන් පෙන්වා දේ.ඡන්දය ප‍්‍රකාශ කිරීමට ඇති අවස්ථාව අහිමි වීම හේතුවෙන් ඔවුන්ගේ  අයිතිවාසිකම් කඩ වන බවද පෙත්සමේ සඳහන්ව ඇත.

මෙලෙස හිමිකම් ලබන පිරිසකට ඡන්දය භාවිත කිරීමට කිසිදු ක‍්‍රියාපටිපාටියක් හෝ සැකසීමට වගකිව යුතු නිලධාරීන් කටයුතු කර නොමැති බවද පෙත්සම්කරු කියා සිටි.ඒ  නිසා ඔවුන් ඡන්ද ප‍්‍රතිශතයටද ඇතුළත් නොවන බවද පෙත්සම්කරු සිය පෙත්සමෙන් පෙන්වා දේ.

ඉකුත් ජූලි 17 වැනිදා මැතිවරණ කොමසාරිස්වරයා සමඟ මේ පිළිබඳ සාකච්ඡා කළද එම ඉල්ලීම ලබා දීමට මැතිවරණ කොමිසම , එහි සභාපති හා සාමාජිකයින් කිසිඳු පියවරක් ගෙන නොමැති බවද පෙත්සම්කරු කියා සිටී.

මේ හේතුවෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී මෙන්ම එළැඹෙන මහමැතිවරණයකදී හෝ ජනමත විචාරණයකදී සිරකරුවන්ට හා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන්ට සිය ඡන්දය භාවිතා කිරීමට අවසර දෙන ලෙස මැතිවරණ කොමිසමට සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයා වෙත මැන්ඩාමුස් රිට් නියෝග නිකුත් කරන්නැයිද පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.

 



අදහස් (2)

ඡන්ද අයිතිය ඉල්ලා සිරකරුවන්ගෙන් පෙත්සමක්

රජින්ද Wednesday, 09 October 2019 12:47 PM

මොවුන්ට එම සිවිල් අයිතිය නොදිය යුතුයි කියා මා විශ්වාස කරමි. හේතුව මෙම පිරිස ඔවුන්ගේ ජන්දය භාවිතා කරන්නේ තවත් පිරිසකගේ සිවිල් අයිතිය උල්ලංඝනය කර ඇති නිසාවෙනි. මෙම පිරිසට ඡන්ද අයිතිය ලැබුණොත් ඒ නිසා ඉදිරි මැතිවරණවලදී ඡන්ද අපේක්‍ෂකයින් මොවුන්ගේ ඡන්දය වෙනුවෙන් නීතිය හා සදාචාරාත්මක ප්‍රතිපත්තීන් පාවාදීමට බොහෝ ඉඩඇත.

:       1       20

ගල්කටස් Wednesday, 09 October 2019 01:25 PM

මරු, උඹලා අැතුලේ ඉන්නේ දහජරා වැඩ කරපු නිසා... ඡන්ද ඉල්ලන්නත් අයිතිය ඉල්ලන්න බැරි නැහැ. ඔය කුඩ්ඩන්, මිනීමරුවන් ටික... නුඹලා මිනිසුන්ගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් අමු අමුවේ කඩා දාපු අය... එහෙව් නුඹලාට මොන ඡන්දද?

:       1       59

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1770 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1455 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site