IMG-LOGO

ගින්නකින් අත්තනගල්ලේ මුස්ලිම් පල්ලියක නේවාසිකාගාරයක් විනාශයි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ. ජයකොඩි)
තිහාරිය ජුනයිඩ් මාවතේ ඉස්ලාම් පල්ලියක ඉහළ මාලයේ අද( 25) අලූයම ඇතිවූ ගින්නකින් එහි පිහිටි අධ්‍යාපන ආයතනයක නේවාසිකාගාරය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි.
 
අලුයම 3.00 ට පමණ මෙහි හිදිසි ගින්නක් හට ගෙන ඇති අතර එහි රැදී සිටි සිසුන් වහා ඉවත්වීම නිසා ඔවුනට කිසිදු හිරිහැරයක් වී නැති බව පොලිසිය සදහන් කරයි.
 
උසස් පෙළ අධ්‍යාපනය හදාරන  දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් පැමිණි සිසුන් 35 දෙනෙකු මෙහි නේවාසිකව ඉගෙනුම ලබන බව පොලිසිය කියයි. ගම්පහ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරනු ලැබීය.
 
නේවාසිකාගාරයේ තට්ටු දෙකකින් යුත් ඇදන් ආදිය පවා ගින්නෙන් විනාශ වී ගොස් තිබිණි. සිදුව ඇති අලාභය ගණන් බලානැති අතර රුපියල් ලකෂ ගණනක අලාභයක්වී ඇතැයි විශ්වාස කෙරේ. මෙම ගින්නෙන් පහත මාලයට හානියක් වීමට පෙර ගින්න නිවා දැමීමට හැකිවී ඇත. ගොඩනැගිල්ලේ වහල ද විනාශයට පත්ව තිබිණි.
 
ගින්නට හේතුව විදුලි කාන්දුවක්ද නැතහොත් වෙනත් හේතුවක්දැයි මෙතෙක් හෙළිවී නැත. ගින්නට හේතුව අනාවරණය කරගැනීම සදහා    අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් කැදවා පරීකෂන පවත්වන බව පොලිසිය කියයි.



අදහස් (8)

ගින්නකින් අත්තනගල්ලේ මුස්ලිම් පල්ලියක නේවාසිකාගාරයක් විනාශයි

kamani Sunday, 25 August 2019 08:09 AM

මධු.. එහෙම ඔය පැත්තේ හිටියාද කියලා හොයලා බලන්න. කොහොමත් මිනිහව අල්ලගන්න පොලිසියට බැහැ. එක්කෝ බයයි, නැතිනම් හිරිකිතයි. මම හිතන්නේ දෙවෙනි එක...

:       113       78

රජින්ද Sunday, 25 August 2019 08:36 AM

තව ටික දවසකට පස්සේ අරාබියේ අයට පෙන්නයි පහුගිය කාලේ ගිනි තිබ්බා කියලා. එහෙම කියලා කෝටි ගාණක් හම්බ කරයි. අපි නොදන්න චෙස්..!

:       571       281

upali Sunday, 25 August 2019 08:58 AM

මම නම් මොනවත් ලියන්නේ නැහැ..

:       0       104

Fz Sunday, 25 August 2019 10:04 AM

ගිනි තියන එක අර ගොල්ලන්ගේ ජාතික ක්‍රීඩාවනේ...

:       0       53

හනීෆාMonday, 26 August 2019 01:09 AM

වැරදීමක් වෙන්න ඇති කියලා හිතෙනවා?

:       0       0

Marikkar Sunday, 25 August 2019 10:14 AM

මුස්ලිම් අය සිටින ස්ථානවල මෙවැනි ගිනි ඇවිලෙන්නේ විදුලි කාන්දුව නිසා .. පසු ගිය කාලය පුරාවටම මෙවැනි ආයතනවලත් විදුලි කාන්දු නිසා නිතර ගිනි ඇවිලුනා...

:       0       0

sharm warnMonday, 26 August 2019 05:08 AM

ඔබ කොහොමද මුස්ලිම් අය සිටින මෙවැනි ස්ථාන වල විදුලි කාන්දු වෙනවා කියන්නේ ?? විදුලියයි මුස්ලිම් ජාතිකයනුයි අතර මොකක් හරි බැඳීමක් තියෙනවා කියලද කියන්නේ ??

:       0       24

sharm warn Monday, 26 August 2019 05:11 AM

මේකෙන් එක්කෝ අපේ රටේ නම ට හානි කරයි ජාතිවාදීන්ගේ වැඩක් කියලා එහෙම නැතිනම් මේගොල්ලන්ගේ " රටවල් " වලින් තව ආධාර ගොන්නක් එවයි මේකත් හැදෙන තව මොන මොනවා හරි හදාගන්න කියලා ... දෙකෙන් මොකක උනත් අන්තිමේ ලංකාවට හානියක් තමයි ...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 251 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 778 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1200 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site