IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගම්පහ නිරෝධායන ඇඳිරි නීතිය දිගටම

(හර්ෂණ තුෂාර සිල්වා)

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18කට ඇතුළුව තවත් ප්‍රදේශ කිහිපයකට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වන බව කොවිඩ්-19 වයිරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුද‌ාපති ලු‍තිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (16) පැවැසීය.

දස දහසකට ආසන්න පිරිසක් මේ වනවිට ත්‍රිවිධ හමුදාවේ ‘කොවිඩි-19’ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටින බවත් දිනපතා 150ත් 300ත් අතර පිරිසක් නිරෝධායනය අවසන් කර තමන්ගේ නිවෙස් බලා පිටත්ව යන බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා කීවේය.

කොළඹ, කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී යුද හමුද‌ාපති ලු‍තිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එම කරුණු සඳහන් කළේය.

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල කඩසාප්පු විවෘත කිරීමට අවසර දුන් බවත් එම අවසරය අද (16) රාත්‍රී 10 න් අවසන් වන බවත් සිල්වා මහතා කීය. 



අදහස් (0)

ගම්පහ නිරෝධායන ඇඳිරි නීතිය දිගටම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 128 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 754 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site