
(දයාසිලී ලියනගේ)
ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ දෙමටගොඩ පිහිටි ප්‍රධාන කාර්යාලය හා මුතුරාජවෙල ලහිසි තෙල් අංගණය වසා දමා ඇත.
මුතුරාජවෙල ලිහිසි තෙල් අංගණයේ පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කළ සේවකයකු එම පරික්ෂණ ප්‍රතිඵල නිකුත් වීමට පෙර ප්‍රධාන කාර්යාලයට පැමිණ ඇති බව සඳහන් වේ. මෙම සේවකයා ප්‍රධාන කාර්යාලයේ අංශ ගණනාවක සංචාරය කර ඇති බව ප්‍රධාන කාර්යාලයේ ආරක්ෂක අංශ වාර්තා කරයි.
පරීක්ෂණ වාර්තාවට අනුව එම සේවකයා කොවිඩ් රෝගියකු ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව ආයතන දෙකම වසාදමා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කියලා තියෙන විදියට වරදක් සේවකයා කරලා නෑ.
ඕකේ අහිංසක සේවකයින්ට ඇරෙන්න සභාපතිගේ ඉඳන් ඔක්කෝටම හැදිලා ඇති. මම ඉන්ටවීව් තුනකට ගිහිල්ලා පාස්වෙලා පත්වීම් ගන්න යන දවසේ ඇමතිගේ අය දාලා මාව කොන්කළා 2016දී විතර.. මම ඔය ආයතනයට සහ ඒ ඇමතිට ඉල්ලන්නේ හෙන විතරයි.