(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේ නිවසක තිබී කෝටි 23 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සමඟ ජාවාරම්කරුවෙකු විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ ඒකක ii බට කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සන්තකයේ තිබී හොරායින් මත්කුඩු කිලෝ 25 ක් විශේෂ බළකා බාරයට ගෙන ඇත.
සැකකරු කොම්පඤ්ඤවීදීයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයකු වන අතර දැනට ඉන්දියාවේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන 'පූ කුඩු කන්නා'ගේ ගෝලයෙකි.
යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව මෙම වැටලීම කර ඇත.
මත්කුඩු සඟවා තිබූ නිවස "පූකුඩු කන්නාගේ" සහෝදරියට අයිති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කෝටි 23 ක මත්කුඩු අල්ලයි