IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කොළඹ වරායේ ස්කෑනර් පරීක්ෂාවකින් කන්ටේනර් හිරවෙලා

(බිඟුන් මේනක ගමගේ)

දීර්ඝ කාලයක් ගතවන ස්කෑනර් පරීක්ෂාවක් හේතුවෙන් කොළඹ වරායේ කන්ටේනර් සිය ගණනක් ගාල්කර තැබීමෙන් දෛනික කටයුතුවලට මහත් බාධාවක් පැමිණ ඇතැයි මහාමාර්ග වරාය හා නාවික කටයුතු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.

හිටපු ඇමැතිවරයකුගේ මැදිහත්වීමෙන් ගෙන්වන ලද ස්කෑනර් යන්ත්‍රයක් මෙම පරීක්ෂාව සඳහා භාවිත වන්නේ යැයි ද එමගින් එක් කන්ටේනරයක් පරීක්ෂාවට පැය බාගයකට ආසන්න කාලයක් ගතවීමෙන් මෙම තදබදය නිර්මාණය වී ඇතැයි ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා අවධාරණය කළේය.

කොළඹ වරායෙන් දෛනිකව කන්ටේනර් 1500 ක් පමණ පිටවන්නේ යැයි කී ඇමැතිවරයා මෙසේ නිර්මාණය වී ඇත්තේ අනවශ්‍ය තදබදයක් යැයි චෝදනා කළේය.

මෙම ස්කෑනර් පරීක්ෂාව සඳහා රුපියල් ලක්ෂ 5000 ක මාසික ගෙවීමක් අදාළ සමාගමට කරන්නේ යැයි ද මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් සැකයක් මතු වී ඇතැයි ද ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා සඳහන් කළේය.

ඒ අනුව මෙම ස්කෑනර් ගනුදෙනුව සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමින් මූලික විමර්ශනයක් කිරීමට තමා කටයුතු කරන්නේ යැයි ද ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (42)

කොළඹ වරායේ ස්කෑනර් පරීක්ෂාවකින් කන්ටේනර් හිරවෙලා

siri Thursday, 05 December 2019 03:11 PM

මොනවත් බලන්න එපා. එන සේරම ඔන්න ඔහේ එළියට දාන්න. රට බීම ජාති හදන්න ඕන දේවලුත් ඔය කන්ටේනර්වල හිරවෙලා ඇතිනේ...

:       4       1572

Upali Thursday, 05 December 2019 03:33 PM

දැන් මෙයාට ඕනෙ වෙලා ති⁣යෙන්නේ ස්කෑන් කරන එක නවත්තලා එතනෝල් කුඩු⁣ගේන්න ඉඩ දෙන්න කියලද?

:       4       1894

පිටිගල මිලානෝ Thursday, 05 December 2019 03:49 PM

මම ලියන්න ගිය දේ උපාලි ලිව්වා. ඔය වැඩ අල්ලන්නේ...

:       3       783

Christy Thursday, 05 December 2019 03:51 PM

ඕන්න පටන්ගන්න යන්නේ පරණ සෙල්ලම්...

:       19       867

wac Thursday, 05 December 2019 04:57 PM

වංචාකාරී අරමුණක් ඇති බව දැනේ.

:       3       848

RuwanFriday, 06 December 2019 12:49 AM

පැහැදිලිවම .. අවුරුදු 5ක් විපක්ෂයේ ඉදල රට හදන දැවැන්ත ප්‍රතිපත්ති මාලාවක් ගෙනල්ලා වේදිකාවල කතා කළේ කොහොමද ? අර වැලි ,පස් පර්මිට් අවලංගු කළා වගේ මේකත් ඉවත් කරන්න. කමිටුවක් දාල හොයන්න මොකද වෙන්නේ කියලා.....කයිවාරු ගැහුවට කට්ටිය තාමත් ගල් යුගේ.

:       1       238

Rathnayake Thursday, 05 December 2019 06:47 PM

අපෝයි 69 ලක්ෂයම වතුරේ

:       1       443

ව්පරමා Thursday, 05 December 2019 07:59 PM

නියම ඇමතිකම හම්බ වෙලා තියෙන්නේ

:       1       292

Ferna Thursday, 05 December 2019 08:50 PM

හිතපු දේවල් උඩින් ලියවිලා

:       1       112

එරංග Thursday, 05 December 2019 08:54 PM

එහෙනම් කරන්න තියෙන්නේ තව ස්කෑනර් ගෙනත් තදබදය අඩුකරන එක මිසක් පරික්ෂා නොකර කන්ටේනර් එලියට දාන එක නෙවෙයි.

:       1       404

Chaminda Thursday, 05 December 2019 10:13 PM

ඔයිට වඩා ලොකු බහාලුම් හසුරුවන වෙනත් රටවල වරායන් වලත් එවැනි ස්කෑන් කරන බව මෙතුමාට කියලා දෙන්න. නීති විරෝධි දේවල් රටට එන එක නවත්වන්න තමයී ඕවා තියෙන්නේ. අයතා ගනුදෙනුවක් වෙලා තියෙනව නම් ඒක වෙනම හොයලා බලන්න. මේ වගේ අය තමයි පෝලිම කඩාගෙන ඉස්සරහට පනින්නේ. නරියට කුකුළු කොටුව බාර දුන්නා කියන්නේ මෙන්න මේවට. කමක් නෑ රට ජාතිය බේරාගන්නනේ.

:       1       433

Ranasigha Thursday, 05 December 2019 10:21 PM

කන්ටේනර් පරීක්ෂාව අතරතුර විකිරණ අවධානමක්ද ඇති බව කියති

:       153       11

sampath ranawaka Thursday, 05 December 2019 11:37 PM

උපාලි ඔබගේ මසුරන් කතාවම මමත් හිතුවා. එතකොටම ඔයත් දාලා තිබුනා. හරි පුදුමයි. මිනිස්සු මේවා නැතිව හරිම දුකින් හිටියේ. දැන් හරි. ඔහොම යමු. පස්, වැලි, ගල් ටිකේ වැඩෙත් හරි. දැන් ජනතාව හරි සතුටින් ඉන්නේ.

:       1       427

Maalaka Thursday, 05 December 2019 11:57 PM

වෙනස සනීපද? කෝ මේ කලින් කැගහපු කට්ටිය? ඇයි දැන් හැමෝම නිහඬ? දැන් තේරෙනවනේ මේ අය කෑගැහුවේ බලය අල්ලගන්න මිසක් රටට ආදරයකට නෙවෙයි කියල.

:       2       667

sam Friday, 06 December 2019 12:23 AM

මොන දෙකින් හරි අපිටත් සහනයක් දෙන්න. මේ කතාවේ ඇත්තක් තිබෙනවා. මම ගිය අවුරුද්දේ නත්තලට සහ අවුරුද්දට බඩු දාලා පෙට්ටි දෙක තුනක් එව්වා. මම ලංකාවට ගියේ දෙසැම්බර් 18. බඩු නැව කොළඹට ඇවිත් තිබුනේ දෙසැම්බර් 16. අපිට බඩු පෙට්ටි ලැබෙන්න තිබුනේ දෙසැම්බර් 19 හෝ 20. මම ආපසු ලංකාවෙන් එන්න තිබුනේ ජනවාරි 4. බඩු පෙට්ටි ලැබී තිබුනේ ජනවාරි 5. ප්‍රමාදයට හේතුව හැටියට දක්වලා තිබුනේ කොළඹ වරායේ කන්ටේනර ස්කෑන් කිරීමේ සහ නිදහස් කිරීමේ ප්‍රශ්නය බව. මම දෙසැම්බර් 22 ඉඳලා ජනවාරි 4 උදේ වනතුරු දිනපතාම හෙව්වා. අන්තිමට හිස් අතින් ප්ලේන් එකේ නැගලා ආපහු ආවා. මම විතරක් නෙවෙයි ඒ කන්ටෙනරවල නත්තලට සහ අවුරුද්දට තෑගී එවපු සිය ගණනකට වුනේ ඕකයි. අපිට නත්තලට සමහර තෑගී තිබුනෙම නැහැ. අද ලැබෙයි හෙට ලැබෙයි කියපු නිසා බලන් හිටියා. වරායේ ඒ අතරේ ස්ට්‍රයික් එකකුත් ගියා. ජොන්ස්ටන් නෙවෙයි කවුරු හරි දාලා අපේ බඩු අපිට වෙලාවට දෙන්න. ගිය පාර පාඩම ඉගෙනගත්ත නිසා මේ පාර කලින් ශිප්මන්ට් එකක බඩු එව්වා. ඒත් මේ යන තාලෙට ඒ පෙට්ටිවත් වෙලාවට ලැබෙයිද දන්නේ නැහැ.

:       779       231

nayan Friday, 06 December 2019 01:10 AM

අනිත් රටවල් දේශ සීමා ආරක්ෂාව වැඩිකරද්දී ලංකාවේ බුරුවන් එය විහිලුවකට අරන්.

:       1       178

ලුම්බිණි Friday, 06 December 2019 01:11 AM

කන්ටේනර් ස්කෑනර් පරීක්ෂාව හැම රටකම කරන දෙයක් නේ. අනවශ්‍ය තදබදය ප්‍රශ්නයක් නම් ඒකට විසඳුම පරීක්ෂාව නවතන එක නොවෙයි.

:       1       119

Be clean Friday, 06 December 2019 01:26 AM

ආයිත් හොරා කන්න පොටක් හදා ගන්න පුලුවන් විදිහට වැඩ කරන්න නම් එපා...ඔය කාගෙත් කල් ක්‍රියාව ගැන මිනිස්සු බලන් ඉන්නවා. දැන්වත් රට ගැන හිතලා මිනිස්සුන්ට සේවය කරන මහජන සේවකයින් වෙන්න.

:       1       237

Pubudu Friday, 06 December 2019 02:11 AM

තව ස්කෑනර් සවි කිරීමයි කල යුත්තේ

:       1       75

asa Friday, 06 December 2019 02:16 AM

මතකද ඔය අයගේ කාලේ තමයි ඔය ස්කෑනර් එකට එහා පැත්තේ තිබුනු වරායේ ගබඩාවක් ගිනි ගත්තේ. ඒකට ගිනි තිබ්බා කියලත් කියනවා. පරික්ෂණ යට ගියා අපේ සල්ලි වලින් ආපහු ගබඩාවක් හැදුවා මෛති‍්‍ර ඇවිල්ලා උත්සවයක් එහෙම තියලා ඒක විවෘත කලා.

:       1       313

sg Friday, 06 December 2019 02:31 AM

ප්‍රමාද උනාට කමක් නැහැ. වැඩේ සිද්ද උනාවේ.

:       1       95

k.sippu Friday, 06 December 2019 02:38 AM

ලබන මහා මැතිවරණයෙන් මෙතුමා නැවත ජයග්‍රහණය කරවීමට වග බලා ගමු.

:       2       145

Siri Friday, 06 December 2019 03:02 AM

නරියට කුකුල්ලු බලාගන්න බාරදුන්නා වගෙයි.

:       1       346

Chandana Friday, 06 December 2019 03:02 AM

මේකත් නියමු ව්‍යාපෘතියක් ලෙස කරලා එයාලගේ අයගේ අවශ්‍ය ටික ඇතුලට ගනී. මේවා කියන්නේ පිරිසිදු චරිත නෙමෙයි. සායනික අපද්‍රව්‍ය ටිකක් ළඟ එනවා. ඒකත් අපිට වටිනවා.

:       1       171

ලසන්ත Friday, 06 December 2019 03:29 AM

ස්කෑන් නොකර ඇමතිවරු කියන ලෙස නිදහස් කරන්න.

:       1       252

Desapremi Friday, 06 December 2019 03:40 AM

මැතිවරණයකට පසුව සියලුම අමාත්‍යංශයකම මේවගේ කථා ඇසෙන්නේ අලුත් පිරිසිදු අමාත්‍යවරයෙක් පත්වු නිසාය. .

:       1       151

Sujit Friday, 06 December 2019 03:41 AM

උපාලි හරියටම කියල තියෙනවා....

:       1       115

Ranidu Friday, 06 December 2019 03:48 AM

එහෙනං කරන්න ඕනේ තව ස්කෑනර් යන්ත්‍ර 5ක් විතර ගෙනත් ඒක කාර්යක්ෂම කරන එක මිසක් නවත්තන එක නෙමෙයි.

:       1       128

sharm warn Friday, 06 December 2019 03:49 AM

අවකල් ක්‍රියාවන්ට දොරවල් අරින්න වගේ. ජනාධිපතිට සැහෙන්න මහන්සි වෙන්න වෙයි මේගොල්ලෝ එක්ක රට පෙරට ගෙනියන්න නම් ...

:       1       151

සංජීව Friday, 06 December 2019 04:00 AM

ලොකු මගඩියකට තමයි මෙයා අරඅදින්නේ.

:       1       577

කිත්සිරි Friday, 06 December 2019 04:09 AM

දවසකට 1500 එනවා. 1500 ම වරායෙන් එළියට යනවා. නැව එනකම් සති ගානක් බලා ඉන්න පුළුවන් නම් ස්කෑන් කරන කොට තියෙන අමාරුව මොකක්ද? එක කන්ටේනරයකට පැය බාගයක් යනවනම් ඇමතිතුමන්ගේ මොළයට තේරෙන්නෙ නැද්ද කන්ටේනර් 1500 ට පැය 750ක් ඕනි කියලා. ඒ කියන්නෙ එක දවසක කන්ටේනර් ස්කෑන් කරන්න දවස් 03ක් යනවා. නමුත් මේ ස්කෑන් පරික්ෂණ සිදුවෙන්නේ කන්ටේනර් පිටවන සාමාන්‍ය මාර්ගයේ එක් ස්ථානයක සවි කර අති ස්කෑන් යන්ත්‍රය අසලින් ගමන් කරද්දී පැයට කිලෝමීටර් 4ක වේගයෙන් රථය ධාවනය කරවීම පමණයි. කිසිදු ප්‍රමාදයක් මේ නිසා සිදුවෙන්නේ නැහැ.

:       1       438

lalaithm Friday, 06 December 2019 04:14 AM

මෙච්චර කලක් නොතිබ්බ තදබදයක් හදිසියේ හටගත්තේ මත්වෙන බඩු මේ ඉක්මනටම ගෙනල්ලද? එක්කෙනෙක් පස් කපන්න වැලි අදින්න පටන් ගත්තා තව කෙනෙක් තව තව බඩු ගෙනෙල්ල වගෙයි.

:       2       355

ruwan Friday, 06 December 2019 04:31 AM

පරණ හොර සෙල්ලම ආයෙත් පටන් ගන්න හදන්නේ................

:       1       471

gamage Friday, 06 December 2019 04:36 AM

වැඩ කරන විරුවාගේ සෙට් එක වැඩ පටන් ගනීවි වගේ . සුභ අනාගතයක්. බත් කන හරක් ඉන්නකන් සුබ අනාගතයක්. ඇමරිකාවේ වගේ රටවල ස්කෑන් පරීක්ෂාව වැඩි කරනවා. මෙහෙ අඩු කරනවා. එතකොට අර පඩි දීල තියාගත්තු සහරාන්ලට හොදට ආයුධ ගේන්නත් පුළුවන් වේවි. මේගොල්ලෝ පඩි දීලනේ හැදුවේ ඒ අයව.

:       1       599

aruna shantha Friday, 06 December 2019 04:57 AM

රට පෙරට. එතනෝල් ලාබේට.

:       1       379

කුමාර Friday, 06 December 2019 05:33 AM

අපිට කියනවා හොරු, දූෂකයින්,මොඩයින් පාර්ලිමේන්තු එවන්න එපා කියලා. මේවගෙ අයට නොමිනේෂන් නොදී ඉන්න එක තමයි කරන්න ඕන. මේවගෙ හොරෙක්ව පොහොට්ටුවෙන් දැම්මොත් මිනිස්සු පොහොට්ටුවට නොදි එජාපයට දෙයිද ?....

:       1       744

අශේන් ලෝචන රාජපක්ෂ Friday, 06 December 2019 06:52 AM

එහෙනම් ලගදිම ලංකාව ආයෙමත් කුඩු පුරයක් වේවි. මෙහෙමත් කාලකන්නි..............

:       1       255

athula Friday, 06 December 2019 07:06 AM

මාර විද්‍යාත්මකයි නේද? නියම කෙනාට වරාය හම්බුනේ. නරින්ට කුකුල්ලු බාර දුන්නා වගේ. මාරයි වියත්මග නේද? ඒත් එජාපයේ හිටපු තක්කඩි එන එක නොවේ මේවට විසදුම.

:       1       245

Warnakulasuriya Friday, 06 December 2019 07:13 AM

ඊළඟ මහමැතිවරණයට වියදම් සොයා ගතයුතුව ඇත. පසුගිය වියදම්ද සොයා ගතයුතුව ඇත. කොටස් කරුවන්ට ලාභ කොටස්ද ලැබිය යුතුය. කිසිවෙක් ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගැන අහිතක් නොසිතිය යුතුය. ජනතාවගේ කැමැත්ත ඔහුට නම් ඔහුගේ ක්‍රියාකාරිත්වය සදහා ඔහුට අයිතිය ඇත.

:       1       198

පිටිගල මිලානෝ Friday, 06 December 2019 09:29 AM

වියත්මගේ වියතුන්ගේ යථාර්තය...!!!

:       1       24

Kumara Friday, 06 December 2019 09:41 AM

එතනෝල් දාපුවාම ඔය හිරගතිය නැතිවෙනවා..

:       1       67

Nuwan Wednesday, 11 December 2019 07:59 AM

ප්‍රධාන වශයෙන් ආනයනික බහාලුම් සහ අපනයන බහාලුම් 100% ක් පරික්ෂා කරන්න ඕනේ. ඒ වගේම තදබදේට විසදුම තව ස්කෑනර් සවිකරන එක. මේ ඇමති කරලා තියෙන්නේ අතීසාරේට අමුඩේ ගහන වැඩක්. ඒ වගේම රටේ ආරක්ෂාවට විශාල තර්ජනයක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 0 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 129 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 353 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 114 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 115 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 105 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1711 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site