IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කොළඹ කසල ප්‍රශ්නය යළිත් උග්‍රවෙයි

ඩයනා උදයංගනී

වර්ගීකරණය නොකර ලබාදෙන මිශ‍්‍ර කසල බැහැර කිරීම ගැටලූවක් වී ඇති බැවින් තව දුරටත් එම කසල භාරගැනීම කළ නොහැකි බව කොළඹ මහ නගර සභාව පවසයි.
         
කොළඹ මහ නගර සභාව විසින් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් කසල අංගනයකට කසල බැහැර කරන අතර මේ වනවිට එයට වෙන් නොකළ කසල භාරගැනීම නතර කර ඇති බැවින් මෙම ගැටලූවට මුහුණ පෑමට සිදුව ඇති බව කොළඹ වැඩබලන නාගරික කොමසාරිස් එල්.ආර්.එල් වික‍්‍රමරත්න මහතා පැවසීය.
         
එබැවින් වර්ගීකරණය නොකර බැහැර කර ඇති කසල ඉවත් කිරීම ගැටලූවක් වී ඇතැයිද ඔහු සඳහන් කළේය.
         
එබැවින් කසල නියමිත පරිදි වර්ගීකරණය කර කොළඹ මහ නගර සභාවේ කසල භාරගන්නා රථවලට ලබාදෙන ලෙස සහ වෙන් නොකළ කසල මහ මග දමා නොයන ලෙස නැවතත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඔහු ප‍්‍රකාශ කළේය.
         
නීති විරෝධී ලෙස මහ මග කසල බැහැර කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද වැඩ බලන නාගරික කොමසාරිස්වරයා කියා සිටියේය.
         
මීතොටමුල්ල කසල කන්ද කඩාවැටීමෙන් ඇතිවූ තත්ත්වය සමඟ කොළඹ මහ නගර සභාව තුළ කසල බැහැරකිරීම පිළිබඳ ගැටලූවක් ඇතිවූ අතර ඒ හේතුවෙන් කසල වර්ගීකරණය කර ලබාදීම අනිවාර්ය කිරීමට පියවර ගෙන තිබිණි.
         
බහුතරයක් ජනතාව වර්ගීකරණය කර කසල ලබාදුන්නත් ඇතැමුන් තවමත් එසේ නොකර මිශ‍්‍ර කසල මහ මග දමා යන බව ද එල්.ආර්.එල් වික‍්‍රමරත්න මහතා සඳහන් කළේය.
         
පසුගිය කාලයේ නගරයේ අලංකරණය ගැන සිතා එම කසල ද බැහැර කිරීම සිදුකළ නමුත් තව දුරටත් එසේ කළ නොහැකි බවද ඔහු කියා සිටියේය.



අදහස් (4)

කොළඹ කසල ප්‍රශ්නය යළිත් උග්‍රවෙයි

Sinhaya Tuesday, 13 March 2018 09:10 PM

ලංකාවේ වෙන වැඩ නිසා මුළු රටම කුණු ගොඩක් විදිහටයි. දැන් ලෝකය ඉදිරියේ නිර්මාණය වේගෙන යන්නේ...

:       0       0

තිලකසිරි Tuesday, 13 March 2018 10:24 PM

පාලකයින්ගේ දුර්වලතාවයන්ට ජනතාව පලි නැහැ.

:       0       0

රාජුන් Wednesday, 14 March 2018 10:58 AM

නියමයි. තවත් ගරානා පාරක් දාන්න පොට පෑදීගෙන එනවා නේද මහත්වරුනි...

:       0       0

padmini Thursday, 15 March 2018 05:23 AM

කසල වර්ගීකරණය කිරීමට අවශ්‍ය මලු , බහාලුම් ජනතාවට බෙදා දෙන්න . නොමිලේ බැරි නම් පොඩි මුදලකට හරි,

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site