(නිමන්ති රණසිංහ)
‘‘කොඩිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල’’ වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් සහ පොලිස් දෙපාර්තමේන්තුවෙන් රුපියල් කෝටි හයක මුදලක් පිරිනැමීම ජනාධිපති කාර්යාලයේදී අද (07) සිදුවිය.
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සේවයේ නියුතු එක්දහස් දෙසීය දෙනෙකු ස්වේච්ඡාවෙන් පිරිනැමු රුපියල් කෝටියක මුදල සහ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ අරමුදෙල් ලබාගත් රුපියල් කෝටි 05ක මුදල ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා වෙත භාරදීම අද (07) සිදුවූ අතර මේ වන විට කොවිඞ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂන අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 420ක් දක්වා ඉහළ ගොස් ඇති බවද ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි. එසේම, මෙම අරමුදල දායක වීමට කැමැති අය සදහා දුරකතන අංක 0112 2354479 සහ 011 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ. බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගත හැකි බවද එම කාර්යාලය දැනුම් දෙයි.
ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සහ වැඩබලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න යන මහත්වරුන් පරිත්‍යාග මුදල් ජනාධිපති ලේකම් ආචාර්ය පි. බී. ජයසුන්දර මහතා වෙත භාරදෙනු අයුරු ඡායාරූපයෙන් දැක්වේ.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කොවිඩ් අරමුදලට ආරක්ෂක අමාත්‍යාංශයෙන් - පොලිසියෙන් කෝටි 6 ක්
Nandalal DE SILVA - France Tuesday, 07 April 2020 04:46 PM
අප්පට සිරි..... ආරක්ෂක අමාත්‍යාංශයෙන් - පොලිසියෙන් කෝටි 6 ක් අරමුදලට පිනට දුන්නා කියන්නේ ඒ අයගේ සාක්කුවෙන් ඇදල අරන් දුන්න වගේ නේ ! මොවුන්ට මේ මුදල් සම්භාරය ලැබුනේ කොහෙන්ද කියලත් කිවුවා නම් තමයි හොඳ, කියල මගේ ආච්චි කියනවා ! මේ සෝබන දන් පින් වැඩවලින් ඔවුන් රජය සමග එකතුවී කරන්න හදන්නේ අසරණ මහජනයාත් රවටා බදු ගෙවන්නන්ගේ පොකට් එකටත් අනින්න වගෙයි කියල සීයා කියනවා. තවත් තැනක තිබුන පුවතක් අනුව අපේ අල්ලපු රටේ නරේන්ද්‍ර සින් වගේ අපේ දේසපාලුවෝ ඔය කියන පින් අරමුදල් කැටේට සත පනහක්වත් දැම්මද කියලා සමහරු අහනවා. එහෙම කීයක්වත් දැම්ම උනත්, ඒකත් හොරාකාපු මුදල් නේද කියලා අල්ලපු ගෙදර අන්කල් කියනවා....
rohana kumara mendis Friday, 10 April 2020 07:08 PM
බදු ගෙවන්නන්ගේ සහ අසරණ මහජනයාහෙන් පොලිසියෙන් ගහන දඩ මුදල් නේද?
saman Saturday, 11 April 2020 07:15 AM
මේ අයට යුද බිමේ අතපය කැඩිලා අවුරුදු 12ක් ගෙදර ඉන්න අයට තවම පෙන්ෂන් එක හදලා දෙන්න බැරිවුනා. හැබැයි මේක මේ අයට බෝ වෙයි කියලා සල්ලි දුන්නා. කොහෙන් හම්බකරපු සල්ලිද මේ ?
Dmis Dissanayaka Friday, 17 April 2020 06:46 AM
මෙම අරමුදලට මුදල් දෙන්න ඕනේ එත් කෝටි 6ක් අපෙනුත් දිනක පැදියක් කපාගෙන එම අරමුදලට දෙන්න කියල ඉල්ලීමක් කරනවා.
තෙමල්සිරි ගුණසිංහ Saturday, 02 May 2020 12:26 AM
හොඳ දෙයක්.... මේ වගේ අවස්ථාවක මෙම අරමුදලක් අවශ්‍යයි. මුදල් තිබෙන අයට මේක අවස්ථාව තවත් ධනවතුන් ඉන්නව තාමත් සල්ලිගහ හොලවන්නෙ නැතුව... පාර්ලිමේන්තුවේ හිටපු කට්ටියටත් මේක අවස්ථාවක් නේද? මුදල් පරිත්‍යාග කරන්න. කෝ දකින්නවත් නෑ. රජයෙන් දෙන 5000 බෙදන්න නම් දේශපාළුවන් ඉන්නව. අපේ රටේ ඉන්න තව ධනකුවේරයන්ට පුළුවන් නේද සල්ලි ගහ ටිකක් සොලවන්නව්මේ අවස්ථාවේ....
desigems Wednesday, 06 May 2020 05:20 AM
අනේ මන්දා...එක සතයක්වත් ලැබිල නෑ කියලා නහයෙන් අඬ අඬ කිව්වේ.