IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කොරෝනා සිරුරු භූමදානය සතියකින් කල්යයි

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරීමට රජය අවසර දුන් නමුත් එය ක්‍රියාත්මක කිරීම සඳහා තවත් සතියක් පමණ යන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. එම සිරුරු භූමාදානයට අවසර දෙන බවට නිර්දේශිත ගැසට් පත්‍රය ඊයේ (25 වැනිදා) රාත්‍රියේ ප්‍රකාශයට පත්කළ නමුත් ඊට අදාළ කොන්දේසි මෙන්ම රෙගුලාසි මේ වන තුරුත් නියම කර නොතිබීම ඊට හේතුව බවද එම ප්‍රකාශකයා පැවසීය.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය නිර්දේශ, කොන්දේසි සහ රෙගුලාසි මොනවාද යන්න සාකච්ඡා කර තීරණයක් ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (27 වැනිදා) පැවැත්වීමට නියමිතය. ඒ සම්බන්ධ නිර්දේශ, කොන්දේසි සහ රෙගුලාසි ලබන සතියේ මුල ප්‍රසිද්ධ කිරීමට නියමිතය.

කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවට පැමිණි 2020 මාර්තු මාසයේ සිටම කොරෝනා අසාදිතයකු මිය ගිය අවස්ථාවලදී ඒ සෑම සිරුරක්ම අදාහනය කරනු ලැබිණ.

අමාත්‍යං ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත්තේ කොරෝනා ආසාදිත සිරුරු භූමදානය කරන්නේ නම් ඒ සඳහා ජන ශූන්‍ය ප්‍රදේශයක් තෝරාගෙන, රජයේ සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්‍ෂණය ඇතිව, සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු වී ඇති බවයි.



අදහස් (14)

කොරෝනා සිරුරු භූමදානය සතියකින් කල්යයි

නස්නීන් Friday, 26 February 2021 04:38 PM

ලාංකිකයන් මුලාකළ හැකියි. නමුත් ලෝකය මුලා කළ නොහැකියි.

:       1       6

Ratne Friday, 26 February 2021 04:43 PM

ඇයි මුස්ලිම් පමණක්? එකම නීතියක් රටටම කියන්නේ බොරුවක්ද?

:       2       3

habib Friday, 26 February 2021 05:16 PM

ජිනීවාවල මානව හිමිකම් සැසියට බයේ මේ ආණ්ඩුව බොරුවක් කරනවා වගේ ආයේමත්... බලමු ලබන සතිය වෙනකම්... ඊට පස්සේ අපේ කෙනෙක් කොරෝනා වලින් මැරුණොත් බලෙන් වළලනවා. ඒකේ දෙකක් නැහැ. අපි දැනටමත් මානව හිමිකම් ඔෆිස් එකට දැනුම් දීලා තියෙන්නේ. මේ ගොල්ලෝ මානව හිමිකම් ඔෆිස් එකේදී පූසෝ වගේ, සද්ද වහලා බිම බලාගෙන ඉන්නේ. ලංකාවේදී සිංහයින් සුනඛයින් වගේ... ලැජ්ජා නැද්ද?

:       4       5

prabashMonday, 01 March 2021 11:01 AM

ඔය ඉන්නේ සහරාන්ගේ ක්ලාස් ගිහින් වහන් වෙච්චි කට්ටිය...

:       0       1

වජිර හෙරත් Saturday, 27 February 2021 01:41 AM

ඔබගේ මෙම පුවත කියවන විට මුස්ලිම් ජාතික අයට පමණක් දුන් අවසරයක් ලෙස මා හට හැඟීයයි. නමුත් රජය භූමදානයට අවසර දුන්නේ සියලු රට වැසියාටයි... රජය කිසිසේත් මුස්ලිම් ජාතිකයින්ට පමණක් නීති පනවා නැත.

:       4       2

naagahanandaSunday, 28 February 2021 04:14 PM

මුස්ලිම් අයට ඕනෑ නිසා තමයි භූමදානය කරන්න හදන්නේ. වෙන මිනිස්සු භූමදානය කරන්න කියලා කෑ ගහන්නේ නැහැ.

:       0       1

Perera Saturday, 27 February 2021 03:57 AM

අද නොවෙයි හෙට... ඔහොම යමු සර්... !!! 

:       2       7

Asanga Saturday, 27 February 2021 04:28 AM

ඇයි මෙහෙමත් විහිළු සපයන්නේ? බලන් ගියාම ඔක්කොම බොරු මාධ්‍ය සංදර්ශන විතරයි.

:       0       8

pradeepa Saturday, 27 February 2021 05:46 AM

ආණ්ඩුව ජාත්‍යන්තරයේ ගාව දණගැහුවා... අපේ අප්‍රසාදය.. විමල්, උදයංග දැන් සැපද? අපිට නම් දැන් ගොඩක් සැප දැනිලා තියෙන්නේ ඡන්දය දුන්නාට මෙයාලාට...

:       1       7

ඛාන් Saturday, 27 February 2021 10:00 AM

ඉම්රාන් ඛාන් මහත්තයට ආයෙත් එන්න වෙයිවත්ද ?

:       4       21

amaradasa Saturday, 27 February 2021 11:29 AM

අපේ ඉම්රාන් මහත්තයා දැක්ක ගමන් අගමැති මහත්තයා බයවුණා. " කොවිඩ් ප්‍රශ්නේ ෂරි ෂරි .. ඔක්කොම අයව වළලනවා... ඒක නොවෙයි මචන් අත මාරුවට කීයක් හරි දීලා පලයන්..., පස්සේ දෙන්නම්..." කීවාලු. ඉම්රාන්ටත් සල්ලි නැහැනේ... කාගෙන්ද ඉල්ලා ගත්ත සල්ලි වගයකින් ටිකක් අපේ අගමැතිට දුන්නලු... හැබැයි ඒක රටේ වැඩකටද, නැතිනම් ගෙදර වියදම් වලටද කියලා අපි දන්නේ නැහැ.

:       0       11

විපරමා Saturday, 27 February 2021 11:33 AM

එහෙමනම් තව ටික කාලයක් බලාගෙන ඉන්න වෙයි.

:       1       6

Kassam Sunday, 28 February 2021 07:11 AM

සිරුරු පාකිස්තාන් වලට යවන්න තියෙන්නේ..

:       4       6

fairoos Sunday, 28 February 2021 07:12 AM

සලමන් ඛානුත් එන්න වෙයිද දන්නේ නැහැ..? නැතිනම් ජිනීවා ඉවර වෙනකම් බලා ඉඳිමු.

:       3       9

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31357 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13573 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 124 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 969 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site