IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කොරෝනා රෝගීන් සිටි රෝහලක් පිපිරවීමට සැලසුම් කළ අයෙකු වෙඩි ප්‍රහාරයකින් මරුට

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන අමෙරිකාවේ රෝහලකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ පුද්ගලයෙකු අමෙරිකානු රහස් ඔත්තු සේවය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබේ. අමෙරිකාවේ මිසෝරි ප්‍රාන්තයේ පිහිටි රෝහලක් මෙම පුද්ගලයාගේ ඉලක්කට බවට පත්වී තිබුණි.

ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ විමර්ශනයකට අදාළව බෙල්ටන් නගරයේදී මෙම 36 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී වෙඩි තැබීම සිදුවී ඇත.
මියගිය තැනැත්තා ජාතිවාදී සහ රාජ්‍ය විරෝධී අදහස් ඔස්සේ කටයුතු කළ බවට තොරතුරු අනාවරණය කර ගෙන තිබේ.

තිමොති විල්සන් ලෙස හඳුනාගෙන ඇති ඔහු සම්බන්ධයෙන් මාස කිහිපයක සිට විමර්ශන සිදුකර ඇත.

රෝහලට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීමට පෙර මොහු කළු ජාතික සිසුන් විශාල පිරිසක් ඉගෙනුම ලබන පාසලකට සහ දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ල කිරීමට තීරණය කර තිබූ බව ද හෙළිකර ගෙන තිබේ.

(බීබීසී)

-226-



අදහස් (3)

කොරෝනා රෝගීන් සිටි රෝහලක් පිපිරවීමට සැලසුම් කළ අයෙකු වෙඩි ප්‍රහාරයකින් මරුට

Rasika Thursday, 26 March 2020 09:18 PM

අමෙරික්වේ ජාතිවාදය ඉහලින්ම තියෙනවා. මොහු ත්‍රස්තවධියෙක් උනත්, මෙලෙස වෙඩිතබා මරා දැමීම සම්පුර්ණයෙන්ම මානව හිමිකම් කඩකිරීමක් . මොකද ඒ අවස්ථවේ ඔහු බෝම්බ එල්ලකරලා නැහැ. එතකොට සැකයක් විතරයි තියෙන්නේ. දැන් ලංකාවේ හමුදාව බුද්දි අංශය කරපු වෙඩි තැබීම් එහෙම වැරදියි කියලනේ කියන්නේ ..

:       0       0

මුණසිංහ Friday, 27 March 2020 01:10 AM

ලංකාවේත් ඉන්නවා ඔය ජාතියේ පුද්ගලයින් ප්‍රසිද්ධියේ පම්පෝරි ගසමින්. ඒ අයට දෙන දඩුවම මොකක්ද? ඇමරිකාව මොකද කියන්නේ?

:       0       0

anura Friday, 27 March 2020 02:31 AM

එක්සත් ජනපද පාලකයන්ගේ අවශ්‍යතාවය වූයේ හැකි පමණ විශාල භායනකම ඝාතක අවි නිපදවීම මිස සාමාන්‍ය ජනතාවගේ වෛද්‍ය පහසුකම් සැළැස්වීම, විරැකියාව අඩු කිරීම වැනි ජනහිතකාමී දේවල් කිරීම නොවේ. ඔව්න් එම ප්‍රශ්ණ සියල්ල අමතක කර ලිබියාව, සිරියාව,ඉරාකය, ඉරානය වැනි රටවල් නරකාදී බවට පත් කිරීමට කටයුතු කරා. ශ්‍රී ලංකාව වැනි රටවලට එම රටවල සිටින ද්‍රෝහීන් සමග එක්ව මානව හිමිකම් වාදයක් ඉදිරිපත් කරමින් හිරිහැර කරමින් හා මෙලනියම් චැලෙන්ජ් යයි කියා ගන්නා ව්‍යාපාර මගින් එම රටවල ආර්ථිකයන් ගිල ගැනීමට මාන බලමින් සිටියා. ඔව්න්ගේ ලිබරල් වාදයට රටේ සිටිනා රෝගීන්ට සරලන විදිහට ඇඳන් ප්‍රමාණය වත් දීමට බැරි වෙලා තියෙනවා. නමුත් අපේ රටේ පොඩි පොඩි අඩුපාඩු තිබුනත් බහුතර ජනතාව මානුෂික හිත් ඇත්තන් නිසා මෙම ප්‍රශ්ණයට සාර්ථකව මුහුණ දී තිබෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 660 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site