IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


ලංකාවට එන ගුවන් මගීන් සඳහා නව නිරෝධායන මධ්‍යස්ථාන දෙකක්

(රංජන් කස්තුරි)

නව කොරෝනා තදින් පැතිර යමින් තිබෙන රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් නිරෝධායන කිරීම සඳහා හෙට (09) නව මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කෙරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යා විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

මඩකලපුවේ ඉදිවෙමින් තිබෙන විශ්ව විද්‍යාලයේ (ෂරියා විශ්ව විද්‍යාලය) සහ වැලිකන්දේ පිහිටි කන්ද කාඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථාන වන නිරෝධායන මධ්‍යස්ථාන ලෙස ස්ථාපිත කෙරෙන බවද වෛද්‍ය සමරවීර මහතා කීය.

මේ අතර අද (08) වනවිට කොරෝනා රෝග ලක්ෂණ සහිත සැක රෝගීන් අට දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටි බවද ඔහු සඳහන් කළේය.

එම රෝගීන්ගෙන් දෙදෙනෙකු අංගොඩ අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර බලමින් සිටින බවද සමරවීර මහතා කීය.

 

 



අදහස් (6)

ලංකාවට එන ගුවන් මගීන් සඳහා නව නිරෝධායන මධ්‍යස්ථාන දෙකක්

ලාල් Sunday, 08 March 2020 02:31 PM

පර්යේෂණ පත්‍රිකාවකින්. "අඳුරු (කළු) සමක් ඇති මිනිස්සුන්ගේ පරම්පරා උරුමය (ජාන) අනුව ඔවුන්ගේ සමස්ත ACE2 ප්‍රතිග්‍රාහක අඩවි( ACE2 receptor sites) අඩු බැවින් මේ වෛරසයට සෛල වලට ඇතුළු වීමට ඇති ඉඩකඩ අඩුයි. ප්‍රෝටීනවල ඇමයිනෝ අම්ලවල ඇති පෙප්ටයිඩ බන්ධන බිඳීමේ ක්‍රියාවලියද වෙනස් ජාන හේතුවෙන්. සමකයට ආසන්න රටවල්වල පාරජම්බූල කිරණද වැඩියි. මේ නිසා වෛරසයට ජීවත් වෙන්න ඇති ඉඩකඩ අඩුයි. " මෙතෙක් කළු මරණ කිසිවක් සිදුවී නොමැත. නුදුරු අනාගතයේදී අපට සත්‍යය දැකිය හැකිය. සමහර මිනිසුන් ඒඩ්ස් රෝගයට පවා ගොදුරු නොවේ.

:       19       120

dare Sunday, 08 March 2020 02:35 PM

සංචාරකයොත් නිරෝධායනය කරනවද?

:       2       23

de silva Sunday, 08 March 2020 03:38 PM

යුරෝපා රටවලින් එන සංචාරකයිනුත් නිරෝධනය කරනවද? ඔවුන්ව ගුවන්යානයට නගින්න ප්‍රථම ගුවන් සමගම මගින් දැනුවත් කිරීමක් කරනවද? මේ ගැන අලුත්ම තොරතුරු දැනගන්න පුළුවන් රජයේ වෙබ් අඩවියක් තිබෙනවද?

:       2       31

nimali Monday, 09 March 2020 03:44 AM

අපි අපේ රටට ආදරෙයි. අපේ රටේ දෙමව්පියන් සහෝදර සහෝදරියන් මේ කොරෝනා වෛරස් රෝගය නිසා කරදර විඳිනවා දකින්න මම කැමති නැහැ. ඒ නිසා මම තීරණය කළා මේ අවස්ථාවේ මොනම හේතුවක් නිසාවත් ලංකාවට නොයන්න. පුළුවන් තරම් උත්සාහ කරනවා ප්‍රවේශම් වී සිටින්නට. මට මගේ ලංකා මාතාවත් එහි ජීවත් වන සියලු දෙනාවත් මට වටිනවා...

:       35       64

Sanath Kandy Monday, 09 March 2020 04:21 AM

දැන් මෙය චීනයේ, කොරියාවේ හෝ ඉතාලියේ පමණක් ප්‍රශ්නයක් නොවේ. මානව වර්ගයා ගෝලීය වශයෙන් මුහුණ දී ඇති ප්‍රශ්නයක්... ලෝකයේ රටවල්වලින් අඩකට, ලෝක ජනගහනයෙන් 80% ක් ජීවත්වන ප්‍රදේශයකට දැන් මෙය පැතිරී තිබෙනවා. බුද්ධිමත්ව කටයුතු නොකළොත් මානව සංහතියම අනතුරේ... අනවශ්‍ය ලෙස කලබල නොවී ඉදිරියේ පැමිණිය හැකි ඕනෑම දරුණු තත්වයකට මුහුණ දීම සඳහා අප සූදානම් විය යුතුයි. චීනය ඉතාමත් සැලසුම් සහගතව හා සාමූහිකව මෙයට මුහුණ දුන් නිසා අද වනවිට යම්කිසි මට්ටමකින් මෙය පාලනය කර ගැනීමට සමත් වී සිටිනවා. එකාවන්ව සාමූහිකව සිටිය යුතු මේ අවස්ථාවේ අපේ රටේ මහ මැතිවරණයක් පැවැත්වීම නුවණට හුරු දෙයක්ද කියා නැවත කල්පනා කර බැලිය යුතුයි.

:       1       65

DhammikaMonday, 09 March 2020 07:21 AM

ලංකාවේ ප්‍රධානම දේ මැතිවරණයක් පැවැත්වීම, ඕක ඔයිට වඩා ඛේදජනක කාල වලත් වෙලාවටම පවත්වල තියනවා. බුද්ධිමත් ඡන්දදායකයෝ රටට වැඩ ඇති නායකයෝ තෝරාගන්න ප්‍රජාතන්ත්‍රවාදයේ මල්ඵල ගැන්වුණු අවස්ථාවක් කියනවනේ ඕක.

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 5 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 131 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site