IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


කොරෝනා එන්නතක මානව අත්හදාබැලීම් ඉන්දියාවේදී

ඉන්දියාවේ දේශීයව නිපදවන ලද පළමු කොරෝනා වයිරස එන්නත එරට ස්වේච්ඡා සේවකයින්ට ජූලි මාසයේදී ලබා දීමට සැලසුම් කර ඇත.
 
 හයිඩ්‍රාබාද්හි පිහිටි බාරත් බයෝටෙක් සමාගම විසින් මෙම අත්හදාබැලීම සිදුකරන අතර තෝරාගත් පුද්ගලයින් ගණනාවකට එන්නත ලබාදීමට නියමිතව තිබේ.
 
පළමු පියවර ලෙස එන්නත සතුන්ට ලබාදී ඇති අතර එය ආරක්ෂිත සහ ප්‍රථිඵලදායි ප්‍රතිශක්තීකරණයක් ඇති කළ හෙයින් මානව අත්හදා බැලීම් සඳහා අවසර ලබාදුන් බව ඉන්දීය බලධාරීහු පවසති.
 
 කොවැක්සින් නම් මෙම එන්නත නිපදවීම සඳහා රසායනාගාර තත්ත්ව යටතේ දුර්වල කරන ලද දේශීය කොරෝනා වයිරස යොදාගෙන ඇත.
 
ඉන්දියාවේ ජාතික වයිරස විද්‍යා ආයතනය සහ ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය එක්ව සිදුකරන ලද පර්යේෂණ වල ප්‍රථිපලයක් ලෙස එන්නත නිපදවා තිබේ.

බාරත් බයෝටෙක් සමාගම ලොව පුරා එන්නත් මාත්‍රා බිලියන හතරකට වැඩි ප්‍රමාණයක් බෙදාහැර ඇති අතර H1N1 සහ රොටාවයිරස් සඳහා එන්නත් සකස් කිරීමට දායකත්වය ලබාදී ඇත.

කොරෝනා වයිරසය සඳහා එන්නත් අත්හදා බැලීම් ලොව පුරා ක්‍රියාත්මකව පවතින අතර මේ වනවිට එන්නත් වැඩසටහන් 120ක් පමණ සක්‍රීයව පවතී.
 
 (බීබීසී ඇසුරිණි - 085)
 



අදහස් (5)

කොරෝනා එන්නතක මානව අත්හදාබැලීම් ඉන්දියාවේදී

de silva Tuesday, 30 June 2020 09:29 AM

ඉන්දියන් බඩු ගැන නම් එච්චර ලොකු විශ්වාසයක් තියන්න බැහැ. ඕවා විඳවලා මිනිස්සු මැරෙයිද දන්නේ නැහැ..

:       329       273

lalTuesday, 30 June 2020 11:12 AM

සිංහලයත් ඉන්දියන් තමයි... අදහන් ආගමත් ඉන්දියන්...

:       355       457

janahitha Wednesday, 01 July 2020 03:51 AM

තමන්ගේ ජාතියට, ජන්මයට ගරහගෙන් ඉන්දියාවෙන් පැමිණි සිංහල කතාකරන පෘතුගීසි නම් ඇති අය කියන දේවල් වැදගත් නොවේ. අපිත් ඉන්දියානුවන් බව මතක තබාගනු..

:       0       0

anura UAEWednesday, 01 July 2020 03:55 AM

ඉතිහාසය අසමත් 273යි, සමත් 329යි... ඔන්න ඕකයි තත්වේ..

:       0       0

indiyan api Wednesday, 01 July 2020 03:54 AM

ඉඳිකට්ටක් හදාගන්න උත්සාහ නොකරන අය භාරතය ගැන කතා කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 115 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 198 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1060 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site