IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


කොරෝනා ආසාදිතයෙක් හමුවීමෙන් කළුබෝවිල රෝහලේ වාට්ටුවක් වහයි

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කලුබෝවිල ශික්ෂණ රෝහලේ අංක 5 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකුට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බව වෛද්‍ය වාර්තාවලින් තහවුරු වීමත් සමග එම වාට්ටුව වසා දැමීමට කටයුතු කළ බව රෝහල් අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතා පැවසීය.

එම ආසාදිත රෝගියා මොරටුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 60 පමණ පුද්ගලයෙකි.

එම වාට්ටුවේ සේවය කල වෛද්‍ය වරු ඇතුලු කාර්‍යය මණ්ඩලය මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ නේවාසිකාගාරයේ දින 14 නිරෝධායනයට ලක් කර එහි සිටි රෝගීන් හෝමගම මූලික රෝහලට යොමු කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව අධ්‍යක්ෂක වරයා වැඩි දුරටත් පැවසීය.



අදහස් (18)

කොරෝනා ආසාදිතයෙක් හමුවීමෙන් කළුබෝවිල රෝහලේ වාට්ටුවක් වහයි

Anton austria Monday, 30 March 2020 03:48 PM

එක මිහරකෙක් හිටියාම ඇති හැමෝම විනාශ වෙන්න. මරන්න ඕන මුලින්ම බොරු කියලා එන ලෙඩුන්ව.

:       389       430

thusitha Monday, 30 March 2020 04:26 PM

මිනිස්සුන්ට කියල නොවේ ලෙඩ හැදෙන්නේ. දන්නේ නැති දේවල් කියවන්න එපා. පුදුම වැඩක් වෙලා තියෙන්නේ මිනිස්සු ඔහේ හිතට එන අදහස් දානවා ඇත්ත දන්නෙත් නැතුව....

:       462       465

Anton ඔස්ට්‍රියා Monday, 30 March 2020 05:01 PM

තුසිත ඔයා දන්නවද වෙච්චදේ.... ඔයා කළුබෝවිල රෝහලේද රස්සාව? මෝඩ විදිහට හිතන ඔබ වගේ අය නිසා තමා අද මෙහෙම වෙන්නේ දැන් තියෙන තත්ත්වය අනුව එකට මුහුණ දෙන්න ඕනෙ... ඒක දවසකට ඒක වේලක් හරි කළ වැඩිහිටියෝ හැටියට එහෙම නැතුව මේක නැ අරක නැ කියලා හරියන්නේ නැහැ. ඕක හිතන්නතුව හිටියා නිසා තාම අනිත් රටවල්වලට වුණේ.

:       658       684

WimalTuesday, 31 March 2020 12:15 AM

මොකක්ද වෙලා තියෙන්නේ?

:       0       0

PradeepTuesday, 31 March 2020 02:21 AM

Anton ගේ කතාව හරියටම හරි. නමුත් පේනවද ලැබිලා තියන ප්‍රතිචාර.. එකෙන්ම පේනවා අපේ මිනිස්සුන්ගේ මේ ගැන තියන දැනුවත්කම. බොහෝ රටවල් දැන් පසුතැවෙනවා එයාලා මේ ගැන සැලකිල්ලක් නොදැක්වුව එක ගැන. විශේෂයෙන්ම ඉතාලිය. අපිටත් යන්න ඕන එතනටද ? ලෙඩ රෝග හැදෙන්නේ කිය කිා නෙමෙයි තමයි. නමුත් පවතින තත්වය හා ඊට අප මුහුණ දිය යුතු ආකාරය ගැන අපට යම් අවබෝධයක් තිබිය යුතුයි. රජයකට හෝ සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයට පමණක් මේක කරන්න බෑ. අපි අපේ වගකීම් නිසි ලෙස වටහා ගෙන ක්‍රියා කලේ නැත්නම් රටක් විදියට අපි ෆේල්.

:       0       37

ranaTuesday, 31 March 2020 12:36 PM

ඔබ සිටින රටේ ලෙඩක් හැදුනම යන්නේ කොහෙද? එම ලෙඩේ සොයා ගැනීම සිදු කරන්නේ කව්ද ? ඒ අනුව වාට්ටුවට දමන්නේ කව්ද ? අපට කොරෝන ක්ෂනිකව සොයා ගැනීමේ පහසුකම් නැති නිසා නේද මේ ? නොදන්නා ලෙස වැඩිමහල් අයට දොස් කියන්න එපා !

:       0       0

Anton AustriaTuesday, 31 March 2020 01:07 PM

තුසිත නුඹ මගේ රටට දොහියෙක්... මම ඉන්නේ රට ඒත් මට මගේ රට ගැන කැක්කුමයි. මොකද මගේ ජිවිතේ හැමදේම තියෙන්නේ එහේ අපි රට අවේ සල්ලි හොයන්න මිසක්... මගේ රට දාල යන්න නෙමේ... නුඹ වගේ මනුස්සයෝ රටවල්වලට ආවම ඉතාලියේ ඉඳන් ගියේ අන්න ඒ වගේ වෙයි.

:       0       0

SL Monday, 30 March 2020 07:47 PM

රෝහලකම අලුතින් එන රෝගීන් නිරෝධායන ක්‍රමයකට ලක් කලයුතුයි . ඉටිරෙදි වලින් හරි වෙන්කරපු ඇඳන් ටිකක් හැම වාට්ටුවකටම දැම්මනම් ටිකක් හරි බේරගන්න පුළුවන්. එන මිනිස්සුන්ගේ හරි විස්තර දැනගන්න තියෙන අපහසුව දැන්වත් අපට අවබෝධ වෙන්න ඕනේ. අපිට නැතිවෙන්නේ අත්‍යවශ්‍යම සේවකයින්,වාට්ටු ,...මේ අය අමාරුවේ දාන්නේ නැතිව බේරගන්න ඕනේ ඉස්සරවෙලාම

:       0       0

Champa Monday, 30 March 2020 11:51 PM

රෝහලේ එක පැත්තක් නෙමෙයි මුළු රෝහලම වැහැව්වත් කරන්න දෙයක් නැහැ. ඒ මනුස්සා ඉල්ලලා ලෙඩේ ගත්තැය. එයාටත් කොරෝන වෛරසය ආසාදනය වෙන්න ඇත්තේ තව කෙනෙක්ගෙන්. අනිත් එක කෝවිඩ්-19 වෛරසය පහසුවෙන්ම හැදෙන්නේ වැඩිහිටියන්ට. එයිනුත් වෙනත් කල් පවතින රෝගී තත්ත්ව තියෙන වැඩිහිටියන්ට වෛරසය අසාදනය වෙන්න තියෙන අවස්ථා වැඩියි. එහෙම ලෙඩ වෙච්ච වැඩිහිටියන්ට මැන්ටල් කියලත් අපහාස කරනවා. වෛරසය ආසාදිත වුනු පුද්ගලයාගේ සහ ඔවුන්ගේ පවුලේ අයගේ මානසික තත්වය ගැන කිසි හැඟීමක් නැහැ.

:       0       0

Praba Tuesday, 31 March 2020 12:00 AM

එක අතකින් කොරෝනා කියන්නෙත් තවත් ලෙඩක්. කවුරුවත් ඕනකමින් ලෙඩ වෙන්නෙ නෑ. අපිත් හෙට ලෙඩ වෙන්න පුළුවන්. බුදු දහමට අනුව අපි හැමෝම ලෙඩ වෙනා. මැරෙනා. අනිත් අතට දැන් අපි හැමෝම වගකීම ගන්න ඕනෙ. පොඩ්ඩක් හරි සැකයක් තියෙනවනම් කෙලින්ම රජයෙ රෝහලට යන්න ඕ්. සුවසැරිය හරහා යන්න පුළුවන්. එහෙම වගකීම ගන්න අය නියම මිනිස්සු.

:       0       0

ඩිල්ෂාන් ප්‍රනාන්දු Tuesday, 31 March 2020 01:20 AM

ඇයි ලෙඩාට බනින්නේ ? ලෙඩේ අල්ලගන්න බැරි උනේ දොස්තරලට‌නේ ? හැමෝම දොස්තර ලා උඩ දාගෙන ඉන්නෙ මේ ටිකේ.

:       0       0

janahitha Tuesday, 31 March 2020 01:26 AM

ඔස්ටෙලියාවෙ ලෙඩුන් මරාදැමුවට අපේ මව්බිමෙ එහෙම නැහැ... හැමෝම ජිවත් කරන්න බලන්නේ..

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 31 March 2020 01:50 AM

උතුරු කොරියාවේ නීතිය දැන් වත් ලංකාවේ පටන් ගන්න. මේ වංචාකරුවන් අල්ලලා අරන් යන්න කයිට්ස් දුපතට. ආයේ නොඑව්වාට කමක් නැහැ. මේක හරිම අසාධාරණයක්. ආත්මාර්තකාමියෝ ලංකාවට අවශ්‍ය නැහැ.

:       0       0

jayath Tuesday, 31 March 2020 02:47 AM

මේකේ කොටන සම "හරක් " ඉන්නවා අර විනාශය කරපු බූරුවන්ට තරම් වත් මොලයක් නැති මිනිස්සුන්ට ලෙඩ හැදෙන්නේ කියලා ‌නෙමේ. ඒක ඇත්ත. නමුත් උකුනෙකුගේ තරම්වත් මොලයක් තියනවනම් මේ වෙලාවේ අදාළ රෝග ලක්ෂණ ආවනම් කරන්න ඕන ඕක නෙ‌මේ. ඒක නොකර ඉන්නේ තියන කුහකකමට.

:       0       23

Tarzan Tuesday, 31 March 2020 03:14 AM

නමක් ගමක් දන්නේ නෑ. සිංහල ‌බෞද්ධයෙක් ‌වෙන්න ඇති.

:       5       28

sanjeevaTuesday, 31 March 2020 04:05 AM

හරියට හරි. මම මේ බලාගෙන ඉන්නේ අපේ දේශප්‍රේමී සෙට් එක එළියට එන්නේ කොයි වෙලාවටද කියලා.

:       5       13

Anton AustriaTuesday, 31 March 2020 01:11 PM

ටාසන් මන් කතෝලිකයෙක්... නමුත් අපි. අපේ රට තියෙන්නෙ අද හාමුදුරුවෝ නිසා අපි එයට ගරු කළ යුතුයි . මා මගේ ආගම අදහමි . නමුත් හොඳ දෙය ඇතිසැටියෙන් දකින්න බැරිනම් එය ගුණයක් නැති ජාතියේ වැඩකි..

:       1       53

athuraWednesday, 01 April 2020 04:38 AM

එහෙමද ඇන්ටන් ? මටනම් හිතෙන්නේ බුදුන් වැඩි පුදබිමේ බොරුවට නාග ලෝකේ ධාතු පෙන්නලා මේ වසංගතය රටට ගේන්න දායකත්වය දුා කියලයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 912 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1002 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 397 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site