IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කොටි කළ අපරාධ ගැන කියද්දී ජිනීවා කමිටු රැස්වීම උණුසුම් වෙයි

සිරාජ් හසීම්
 
ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සමගාමීව පැවති උප කමිටු රැස්වීමකදී එල්ටීටීඊ සංවිධානයේ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නයක් මත දෙමළ ඩයස්පෝරාව ඇතුළු දෙමළ නියෝජිතයින් හා ශ්‍රීලංකාවේ නියෝජිතයින් පිරිසක් අතර උණුසුම්කාරී තත්වයක් හටගෙන තිබේ.
 
ශ්‍රීලංකාව වෙනුවෙන් පෙනී සිටි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කොටි සංවිධානය විසින් සිදුකර ඇති මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක සභාපතිවරයෙකු වන පෝල් නියුමන් මහතාට නගන ලද ප්‍රශ්නයකට දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා පිළිතුරු දීමත් සමග මෙම තත්වය හටගෙන ඇතැයි වාර්තා වේ.
 
ජිනීවා මානව හිමිකම් කවුනිසිලයේදී පැවති මෙම උප කමිටු රැස්වීම සදහා ජාත්‍යන්තර සහ දෙමළ ඩයස්පෝරාවේ සංවිධාන මෙන්ම දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන්,දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇතුළු පිරිසක්  ද සභාගී වී සිටිති.
 
මෙම රැස්වීමේදී දෙමළ නියෝජිතයින් පවසා ඇත්තේ ශ්‍රීලංකාවේ පිහිටුවා ඇති අතුරුදහන් වූවන්ගේ කාර්යාලය මගින් කරන විමර්ශනයකින්     අතුරුදහන් වූවන්ගේ ගැටලුවට ස්ථීර විසඳුමක් නොලැබෙන බවයි. එමෙන්ම හමුදාව බාරයේ ඇති උතුරේ ඉඩම් මෙතෙක් නිදහස් කර නොමැති බවත් දේශපාලන විසදුමක් ගෙන ඒමේ වැඩපිළිවෙලද අඩාල වී ඇති බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතද මෙතෙක් අහෝසි කර නැති බවත් ඩයස්පෝරා දෙමළ සන්ධාන පෙන්වා දී තිබේ.
 
එමෙන්ම පරණගම වාර්තාවට අනුව අතුරුදහන් වූවන් 24 000කුත් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ වාර්තාවන්ට අනුව 16000කුත් සිටින බවත් මෙලෙස අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබද සත්‍ය අනාවරණය කළ යුතු බවත් මෙහිදී පෙන්වා තිබිණි.‍



අදහස් (11)

කොටි කළ අපරාධ ගැන කියද්දී ජිනීවා කමිටු රැස්වීම උණුසුම් වෙයි

sutrath Tuesday, 20 March 2018 01:43 PM

රජය ලක් ජනතාව නියෝජනය නොකරනවිට විද්වතුන් පිරිසක් එම කාර්යය භාර ගෙන ක්‍රියා කිරීම පිලිබඳ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ස්තුතිය හා ප්‍රණාමය ඔවුන්ට හිමිවිය යුතුය

:       2       154

Thilina Tuesday, 20 March 2018 04:17 PM

අගය කල යුතු එක් දෙයක් තිබෙනවා. සිංහල ජාතියට තමන් වෙනුවෙන් ජීවිත පූජා කල කැප වුනු මිනිස්සු අමතක වුනාට, තමන්ගේම ජාතිය විනාශ කල තස්ත්‍රවාදීන් සහ සංවිධානය වෙනුවෙන් ඔවුන් අදටත් පෙනී ඉන්නවා.

:       1       87

කරුණාපාල Tuesday, 20 March 2018 04:58 PM

එකම කොටේ දෙපසට වී දෙකට ඉරන ඔය මාෆියා කල්ලි දෙක බැන ගැනීමෙන් පමණක් ඇයි නවතින්නේ?

:       44       9

Bamunuarachchi Tuesday, 20 March 2018 05:08 PM

සරත් වීරසේකර ඔබ මේ කරන සේවයට ජාතිය ඔබටත් ණයගැතිය.

:       0       283

chandimaWednesday, 21 March 2018 07:07 AM

සමහර උදවිය හදන්නේ ඒ කරන සේවය නිකම් වැඩකට නැති මවාපෑමක් කියල පෙන්නන්න. ඔන්න අපේ මිනිස්සුන්ගේ කුහකකම.

:       0       192

sirimal Tuesday, 20 March 2018 08:52 PM

ජිනීවා මානව හිමිකම් සැසිවාරය පිළිබඳව ලංකාවේ මාධ්‍ය මඟින් ඉදිරිපත් කරන අදහස වන්නේ මේක ලංකාව පිලිබඳ පමණක් සාකච්චා කරන සැසිවාරයක් ලෙසට බවයි පෙනෙන්නේ. ඒක එහෙම නෙවේ. ලෝකයේ බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝනය කෙරෙන බොහෝ රටවල් සහ ආණ්ඩු සම්බන්ධයෙන් මෙහි මුලිකත්වයක් දී කටයුතු කෙරෙනවා. ලංකාවට ඔය කියන තරමේ භයානක තත්වයක් ලැබී නැහැ. ලංකාවේ දේශපාලනයට සම්බන්ධ කොටස් සහ වෙනත් කණ්ඩායම් මේ පිළිබඳව අතිශයෝක්තියෙන් යුතු කතා බහක් නිර්මාණය කර ඇත්තේ පටු දේශපාලන වාසි ලබාගැනීම උදෙසා පමණය. මේකත් කලින් ප්‍රචාරය කෙරුණු විදුලි පුටු නාට්‍යයේ තවත් කොටසකි.

:       514       282

ChandimaWednesday, 21 March 2018 06:45 AM

අනේ සිරිමල් ඔයා හිතන් ඉන්න විදියේ සුන්දර කතාවක් නෙමෙයි එතන වෙන්නේ. අපි මෝඩයෝ නෙමෙයි. මොකද අපි ඇහැට දැක්කනේ අර හුසේන් සැසිවාරය පටන් ගත්තෙම අපේ රට ලංකාවට අරියාදු කරගෙනම. එක නෙමෙයි ඔයාට ඕනි වෙලා තියෙන්නේ අර අපේ මිනිස්සු එහෙ ගිහින් අපේ රට වෙනුවෙන් කරන ඒ උතුම් උත්සාහය නිකම් වැඩකට ඇති දෙයක් නෙමෙයි කියල අවතක්සේරු කරන්න. අන්න එතනයි දේශපාලනය තියෙන්නේ.

:       1       170

sirimalWednesday, 21 March 2018 08:35 AM

"අපේ මිනිස්සු එහෙ ගිහින් අපේ රට වෙනුවෙන් උතුම් උත්සාහය" පටන් ගත්තේ මේ ආණ්ඩුව ආවට පස්සේ නේ. ඔය යන සමහරු පහුගිය ආණ්ඩුව යටතේ සභාපතිකම් කරන අතරේ රටේ සල්ලි හුරාකාපු කට්ටිය. සමහරුන්ට නඩු වැටිලත් තියෙනවා. මේක නිකන් මාධ්‍ය සංදර්ශනයක් මිස රට වෙනුවෙන් කරන දෙයක් නෙවේ. විදුලි පුටුව ගැන ඝෝෂා නඟපු කාලයේ ඔය දැන් වැදි බණ දේශනා කරන සමහර ස්වාමින් වහන්සේලා සහ අනෙකුත් දේශප්‍රේමින් යැයි කියාගන්නා මහින්දවාදීන් කවුරුවත් ජිනිවා ගියාද? ඒකාලේ නේද මාධ්‍යවේදීන් පොකුරු ගන්නන් මරා දැම්මේ? ලංකාවේ මාධ්‍යවලින් කියන අන්දමට ජිනීවා වල තියෙන්නේ අපේ රට ගැන පමණක් කරන සාකච්ඡාවක් වගෙයි පෙනෙන්නේ. එහේ පැත්තක තියෙන චූටි කාමරයක් ඇතුලේ දෙමළු දෙතුන් දෙනෙකුයි අපේ "උතුම් උත්සාහයක" යෙදෙන දෙතුන් දෙනෙකුයි අමු කුණුහරුපෙන් බැණ මරා ගන්න එක තමා ලංකාවේ මාධ්‍ය වල මුල් පුවත වුනේ. මේක හැම අවුරුද්දකම මේ කාලෙට එන විහිළු වැඩ සටහනක්. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ලංකාව නැතුවට ලෝකයේ ඕන තරම් මහා පරිමාණයේ මානව හිමිකම් කඩකරන රටවල් තියෙනවා විභාග කරන්න. මේක "විදුලි පුටුව සීසන් 7" වෙන්න ඇති. හිතළු තිබුණට කමක් නැහැ. ඒවා ශුභාරංචි නොවේ.

:       219       135

naradhaWednesday, 21 March 2018 09:48 AM

සිරිමල් කියන කතාව ඇත්ත. ලංකාවේ මිනිස්සු හිතාගෙන ඉන්නේ ජිනීවා වල අය දවස පුරාම කතාකරන්නේ ලංකාව ගැන විතරයි කියල. ඕක තමා දුපත් මානසිකත්වය.

:       152       74

Sujeeva Wednesday, 21 March 2018 07:31 AM

මට එක දෙයක් තේරෙන්නෙ නෑ. දෙමළ ඩයස්පෝරාව මේ රැස්වීමේ කොටසක්? ඔවුන් රටක් නියෝජනය කරන්නේද? නැහැ, ඔවුන් එසේ නොවේ. ඔවුන් රටක් නියෝජනය නොකරනවා නම්, එම රැස්වීමට සහභාගි වීමට අවසර ලබා දෙන්නේ ඇයි? බටහිර රටවල් ලෝක දෙමළ ඩයස්පෝරාවේ ක්‍රියාකාරිත්වය හා කණ්ඩායම් අනුමත කරන බව පැහැදිලිව පෙන්වා දෙයි. ඉතිං "ශ්‍රී ලංකාව" ලෙස අපි ඉහළ නියෝජිත කණ්ඩායම් යැවීම ඇයි?

:       0       110

prakaash Wednesday, 21 March 2018 09:57 AM

මේ පාලකයින්ට කඩේ යන අයට රටක් වැඩකට නැත. නමුත් මේ රට ගැන හිතන මිනිසුන් පිරිසක් ඉන්නවා. ඒ දේශ ප්‍රේමීන් රට වෙනුවෙන් සැමවිටම යමක් කරනවා.

:       0       33

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 261 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 218 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 171 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 463 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 955 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 149 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1713 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1555 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site