(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොටිකාවත්ත සුසාන භූමියේ ආදාහනාගාරයේ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය කියයි.

මෙම පිපිරීම ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවී ඇතැයි පොලිසිය පැවසීය.

මූණ හා පපු ප්‍රදේශය පිලිස්සීමෙන් පිරිමි පුද්ගලයන් 7 දෙනෙකු පමණක් මේ වන විට කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි රෝහල් ප්‍රකාශිකාවක් පැවසුවාය.