
(මනෝප්‍රිය ගුණසේකර සහ පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල ‘බුවනෙක හෝටලය’ නමින් පැවති කුරුණෑගල රාජසභා මණ්ඩප ගොඩනැගිල්ලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයාගේ රෝම කූපයකටවත් හානියක් වීමට ඉඩ නොදෙන බවට රටේ එක්තරා ප්‍රබල චරිතයක් පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කොට ඇතැයි නීතීපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා කුරුණෑගල මහෙස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතාට අද (10) දැනුම් දුන්නේය.
ඊට අමතරව අත්අඩංගුවට පත්නොවී සිටීම සඳහා නගරාධිපතිවරයාට සහාය දීම සම්බන්ධයෙනුත් වෙනම විමර්ශනයක් ආරම්භ කොට ඇතැයිද සරත් ජයමාන්න මහතා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.
‘බුවනෙක හෝටලය’ නමින් පැවැති ගොඩනැගිල්ලට අලාභහානි සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව අධිකරණයෙන් වරෙන්තු ලබා සිටින කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, නාගරික කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් හා බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරමින් සරත් ජයමාන්න මහතා එලෙස දැනුම් දුන්නේය.
COMMENTS
ඔය දේවල් ඉතා පොඩි සිදුවීමක්නේ. අත්අඩංගුවට ගන්න තරම් දෙයක් නෙවෙයිනේ... අපේ සර්ට අපි 2/3 දුන්නේ ඕක පස්සේ පොලිසිය එළවන්න නෙවෙයිනේ...
ඔවුන් ශක්තිමත් දේශපාලකයින් විසින් හොඳින් ආරක්ෂා කර ඇති බැවින් යම් කාලයක් ගතවනු ඇත.
මේ රටේ දේශපාලනයට ඉහළින් තිබූ නීති පද්ධතිය ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේ පටන් වෙනස් වීමට පටන් ගත්තා. අධිකරණයේ බලයේ පරදා දේශපාලන බලය ඉහළ ගියා. මොනතරම් ඉහළ ගියාද කිවහොත්, ජනාධිපතිවරයාට කළ නොහැකි වූයේ ගැහැනියෙක් පිරිමියෙක් බවට පත්කිරීම් පමණයි. ඒ බලගතු තත්ත්වය, ඒ අසාමාන්‍ය විධායක බලය, අහෝසි කිරීමට කිසිදු දේශපාලනඥයෙකු අකමැති නිසා එය අහෝසි කිරීමට කටයුතු කරන්නේ නැහැ. මේ විදිහට යනකොට අධිකරණ වසා දේශපාලනඥයන් නඩු අසන කාලය වැඩි ඈතක නැහැ. අපේ රටේ මිනිස්සුත් කැමති ඒකට තමයි.
අදාල පුද්ගලයා කියාවි ඕවා කිසිම අරුතක් නැති දේශපාලන කතා කියලා. ඕවා පස්සේ දුවන ඔබලාගේ වටිනා කාලය කන්න එපා කියලා... මම අනික් පැත්තෙන් කිව හැකියි ඉක්මනට අත්අඩංගුවට ගන්න කියලා.... ඒකයි වරෙන්තු නිකුත්කළේ කියලා..